Monday, June 13, 2016

දොඩමලු වන අපේ ඇත්තෝ


මේ ලියවිල්ල මෙතෙක් ලියාගෙන ආ කාරණා වලට වඩා වෙනස් එකකි. මේ කෙටි සටහන දිනපතා අපේ ගුවන් විදුලි ඔස්සේ ඇසෙන විවිධාකාර අපබ‍්‍රංස යෙදුම් අතරින් එකක් ගැන කතා කරන්නටය.

මා සිංහල භාෂාවට ආදරය කරන්නකු විනා භාෂා විශාරදයකු නොවන බව පළමුව කිව යුතුය. මෙය ලියන්නේ නිවැරදි සිංහල ලියන්නට නිතරම උත්සාහ කරන්නකු ලෙසය. නොදන්නා තැන් පිළිබඳව දන්නා අයගෙන් අසා ඉගෙන ගන්නා අයකු ලෙස ය.

මේ කතාව පළමුව ලිවිය යුතුය.

දොස්තර නන්දදාස කෝදාගොඩ ශූරීන් බොහෝ දෙනෙකුට තවම අමතක නැතැයි සිතමි. ගුවන්විදුලිය ඔස්සේත් ඉන්පසුව රූපවාහිනිය ඔස්සේත් සරළ සිංහලෙන් වෛද්‍ය විද්‍යාත්මක කරුණු අපට ඉදිරිපත් කළ මේ වියත් දොස්තරවරයා නිවැරදි සිංහල භාවිතාව හේතුවෙන් මහත් පැසසුම් ලද්දේය. 

මේ කියන දවසේත් දොස්තර මහතා ගුවන්විදුලියේ වෛද්‍ය සාකච්ඡුාවකට ඇරයුම් ලැබ සිටියේය. නියමිත වේලාව එනෙතෙක් ගුවන්විදුලියේ දන්නා අඳුනන නිලධාරියකුගේ කාමරයට වී කතා බහේ යෙදෙමින් සිටි දොස්තර මහතාට ඒ මොහොතේ නිවේදිකාව කරමින් සිටි නිවේදනය ඇසෙයි.

”වෛද්‍ය සාකච්ඡුාව සඳහා අදත් අප සමග දොඩමලු වන්නේ වෛද්‍ය නන්දදාස කෝදාගොඩ මහතායි”

සාමාන්‍යයෙන් ඉතා තැන්පත් මිනිසකු වන කෝදාගොඩ මහතාට අසූහාරදාහට කේන්ති ගියේය. ඔහු වහා නිවේදිකාව වෙත ගියේ ය.

”දොඩමලු වෙන්න ඔහේ හිතන්නෙ මං පිස්සෙක් හරි බේබද්දෙක් හරි කියලද?” ඔහු නිවේදකාවගෙන් ඇසුවේ ය.

මේ ප‍්‍රසිද්ධ කතාව නිතරම සිහිපත් කර දෙන්නේ අපේ ගුවන්විදුලි වල කතා කරන ඇත්තන්ය. ඇත්තියන් ය.


දොඩමලු වීම යනු සිහියක් පතක් නැතිව කරන කතාව යි. එලෙස කතා කරන්නේ පිස්සන් සහ බේබද්දන් පමණකි. පිස්සන් සහ බේබද්දන් සමග කරන සාකච්ඡුා අසන්නට ගුවන්විදුලියක් කුමටද?

5 comments:

  1. දැන් ඉතින් ගුවන් විදුලියේ නිවේදක,නිවේදිකාවෝ කරන්නෙම දොඩමළු වෙන එක විතරයිනේ.

    ReplyDelete
  2. මට එපා කරපු අනෙකුත් යෙදුම් තමයි:

    1. අද දිනයේ
    2. එකතු කර ගන්නවා

    ReplyDelete
  3. විකාර විකාර...... වෙනමොනවාද??

    ReplyDelete
  4. වචන දන්නේ නැතුව පාවිච්චි කලාම ඉතින් ඔහොම තමයි.

    ReplyDelete
  5. නිසාවෙන් පුරාවට එකතුකරගෙන දොඩමලු වෙමු.

    ReplyDelete