දැන් අප හමුවේ ඇති අභියෝගය වන්නේ මේ බැණ අඬා ගැසීම් නවත්වා මෙවන් විපතක් ඉදිරියේදී සිදු නොවීම පිලිබඳව අපට ගත හැකි පියවර මොනවාදැයි සාකච්ඡා කිරීමයි. ඒ සාකච්චාවෙන් මතුවෙන අදහස් ක‍්‍රියාත්මක කිරීමට බලධාරීන්ට බල කීරීමයි.
මේ සම්බන්ධයෙන් වටිනා අදහසක් නදී වාසලමුදලිආරච්චි සොයුරිය ලියා තිබෙණු දුටුවෙමි. මෙවැනි අවදානම් සහගත ස්ථාන රට පුරා තිබේ නම් ඒවා ලේඛණ ගත කර ප‍්‍රසිද්ධ කිරීම සුදුසු යයි ඇය යෝජනා කරයි. එය ඉතා වැදගත් පියවරකි. සියලු රටවැසියන්ට මේ ක‍්‍රියාවට දායක විය හැකිය.
ඒ සමගම ලංකාවේ කුණු ප‍්‍රශ්නයට ස්ථිර විසඳුමක් සොයා ගත යුතුය. මේ ප‍්‍රශ්නය අද ඊයේ ඇති වූවක් නොවේ. එදා මෙයට විසඳුමක් සොයන්නට උනන්දුවූවානම් අද මෙවන් විපතක් සිදු නොවනු ඇති බව විශ්වාසය.
මේ 1997 දී මවිසින් දිවයින පුවත්පතට ලියූ අදහස් දැක්වීමකි.
එදා සුළු පරිමානයෙන් හෝ මේ කටයුත්ත ආරම්භ කළා නම් අත වන විට මෙවන් විපතක් සිදුනොවනු ඇතැයි මට සිතෙයි. නියපොත්තතෙන් කඩන්නට හැකිව තිබූ ගහ මහා රුකක් වනතුරු බලා සිටීමේ විපාකයයි මේ.
කසළ ප‍්‍රතිචක‍්‍රී කරණය පිළිබඳ විශේෂඥ දැනුමැති විද්වත්තු අපේ සමාජයේ අපමණ සිටිති. ආචාර්ය සමුද‍්‍රා ජයලත් වැනි විද්වතුන් විදෙස් ගතව සිටියද ඔවුන්ගේ සේවය ලංකාවට ලබාගත නොහැකිවන්නේ නැති බව මට විශ්වාස ය. අවශ්‍යවන්නේ අවංක අදහසින් ක‍්‍රියාත්මක වන්නට උනන්දුව ඇති දේශපාලන නායකත්වයක් පමණකි. එකිනෙකා කඹ ඇදගන්නේ නැතිව, චෝදනා කරගනිමින් සිටින්නේ නැතිව, පක්ෂ භේද පසෙක ලා එක්සත්ව මේ ප‍්‍රශ්නයට විසඳුම් සොයා ගත යුතුය.
දැන් අප හමුවේ ඇත්තේ ක‍්‍රියාත්මක වීමේ වේලාවයි. නැවත මෙවන් විපතක් සිදුනොවන්නට ක‍්‍රියාත්මක වීමේ වේලාවයි. .
තවමත් ඒ ඉන්ජිනේරු මහත්වරු කැමැත්තෙන් ඇති ඉදිරිපත් වෙලා මේ කුනු ප්‍රශ්නය විසඳන්න.
ReplyDeleteජගත් කියනව වගේ සක්කුවට වැටෙන කොමිස් එකේ අවුල නිසා කිසි කෙනෙක් ඒ අයට කන් දෙන්නේ නෑ.
රටට ලැදි මහජනතාව වන අපිට බැරි වෙයිද එකමුතු වෙලා වැඩපිලිවෙලක් හදන්න !
එහෙම වෙනවා නම් ඒක ලොකු දෙයක් නේද?
Deleteනර්ඩ් ආයතනයේ ලොක්ක එක කාලෙක කාර් එන්ජිමේ කාර්යක්ෂමතාවය නංවන්න ගැජට් එකකුත් හැදුවනේ.
ReplyDeleteසියයට 30 කින්ද කොහෙද ඉන්ධන පිරිමැහුණ කියල තමා කිව්වේ.
එච්චරම හොඳනං ජපන්නු පෝලිමේ එන්න ඕනේ එක අරගන්න.
ඔය නර්ඩ් කාරයෝ විශ්වාස කරන්න පුලුවන්ද
හැමදේම අවතක්සේරු කරලා හිතන්න එපා...
Deleteබොරුකාරයන්ගේ මොන හොඳ දකින්නද ජගත්
Deleteකුණුත් වටී හරි හැටි ඉන් වැඩ ගත්තොත්
ReplyDeleteරටත් රැකේ ඒ ගැන මුල් පුටු හිතුවොත්
තවත් නොගෙන පියවර මේ ලෙස හිටියොත්
හෙටත් පුදුම නොමවෙණු තව තව මැරුණොත්.......
ජයවේවා!!!
ජයවේවා
Deleteමේ විෂයය ගැන මගේත් උනන්දුවක් තියෙන නිසා සොයා බැලුවා. බොහෝ කොට ප්‍රශ්නය අල්ලා ගන්නේ වල්ගයෙන්. ඔබ සඳහන් කොට ඇති සමුද්‍රා ජයලත් කියන විදිහට ප්‍රතිචක්‍රීයකරණය යල් පැන ඇති මුත් ලංකාව අඩුම ගානෙ එතෙන්ට ආවෙත් නෑ. Dumping හෙවත් කුණු කඳු ගොඩගැසීමයි දිගටම කළේ. ඒකමයි දැනට කරන්නේත්. බ්ලූමැන්ඩල් සිට මීතොටමුල්ලටත්, මීතොටමුල්ලේ සිට පුත්තලමට හෝ දොම්පේටත් කන්ද ගෙන යාම ගැනයි උනන්දු වන්නේ.
ReplyDeleteඅනෙක මෙහි මූලික වගකීම කොළඹ මහනගර සහාවටයි. ඔබත් කරු අමතා ලියා ඇත්තේ වගකිවයුත්තා නිවැරැදිව තේරුම් ගත් නිසයි. ජනතාව මහනගර සභාවට බදු ගෙවන්නේ මේ ප්‍රශ්න කළමනාකරණය කරන්න තමයි. ඒත් කුණු ප්‍රවාහනයට කොන්ත්‍රාත් දී ලැබෙන කුට්ටියෙන් ඔවුන් මල්ල පුරවා ගන්නවා.
මේ ගැන සමාජයේ කතිකාවක් ඇති කොට ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට යොමු විය යුතුයි. විසඳුම ඇත්තේ එතැනයි.
එක එක පාටින් සිටින දේශපාලක මෝඩ රැුළ යමක් කරන තෙක් බලා නොසිට විද්වතුන් ඉදිරියට ආ යුතුයි හෙන්රි....
Deleteඛේදවාචකයක් වෙච්චි හැම මොහොතකම අපිට එකතු වෙන්න පුළුවන් කම තිබ්බත් පාලකයෝ ඒ අවස්ථාව නැති කරගන්නේ එකිනෙකාට ඇගිලි දිගු කරමින් කඹ අදිමින් ඉන්න නිසයි.මේ ඛේදවාචකයට අපිත් අඩු වැඩි වශයෙන් වග කියන්න ඕනේ.එක තැනක කුණු තව තැනකට ගිහින් දැමීම පමණක් විසදුමක් නෙමේ.දිගු කාලින සහා කෙටි කාලින වැඩපිළිවෙලකින් මේ ප්‍රශ්නය විසදන්න රජයට මේයට වඩා ජනතාව බල කරන්න ඕනේ.
ReplyDelete