Wednesday, November 1, 2017

අපි නැවත වතාවක් මෙල්බන් ගුවන්විදුලිය සමස්ථ ඕස්ටේ‍්‍රලියාවේ හොඳම ජනවාර්ගික වැඩසටහන් අතරට ගෙනාවා

මෙයට වසර දෙකකට පෙර ගුවන්විදුලියේ සෙනසුරාදා උදෑසන සිංහල ගුවන්විදුලි වැඩසටහන මා බාරගන්නා විට එය තිබුණෙ කීපදෙනකු පමණක් අසන වැඩසටහනක් ලෙසයි. ඒ මොහොත මගේ හිතේ තිබුණෙ දැඩි අධිෂ්ඨානයක්.  ”මම කොහොම හරි මේක ගොඩ දානවා” කියන හැඟීම පමණයි මගේ හිතේ තිබුණෙ. ලොකු කමකට කියනවා නෙවෙයි. මට මා ගැන තියෙන්න දැඩි විශ්වාසයක්.

මම මුළින්ම මෙල්බන් ගුවන්විදුලියට සම්බන්ධ වුණේ 2000 අවුරුද්දෙ අසෝක සිල්වා සොයුරාගෙ නායකත්වයෙන් බිහිවුණ ගුවන්විදුලි කණඩායම සමගින්. එදත් අපි එතෙක් පැවති ගුවන්විදුලියේ පැහැදිලි වෙනසක් කළා. සෙනසුරාදා උදෑසන සිංහල වැඩසටහන පටන්ගත්තේ 2000 දි. ඉන්පස්සේ..... ඉන්පස්සේ.....ඉන්පස්සේ..... අවුරුදු දහයක් දොළහක් මගෙන් වැඩක්ගන්න තිබුණ අවස්ථාව පැහැර හැරියෙ කොහොමද?


මම වැඩකරන්න කැමති මනුස්සයෙක්. මට  ඕනෙ මගේ හැකියාවෙන් යමක් කරන්න. යමක් කරන්න තියෙන  ඕනෙ කම මට දරාගෙන ඉන්න බැහැ. ගුවන්විදුලියට මං ආසයි. ආදරෙයි. ඒ නිසයි තිසර නමින් ඔන්ලයින් ගුවන්විදුලියක් www.thisara.com පටන්ගත්තෙත්. අතින් වියදම් කරගෙන දැන් අවුරුදු පහකට වැඩි කාලයක් මම තිසර පවත්වාගෙන යනවා.

අවුරුදු දෙකකට පෙර සෙනසුරාදා ගුවන්විදුලි වැඩසටහන බාරගන්න කියලා ආරාධනාවක් ලැබුණ වෙලාවෙ අතීතය මත්තෙ හැපෙන්නෙ නැතිව අලූතින් ගමනක් යන්න මම හිතුවා.

මා ඉදිරියෙ තිබුණ ප‍්‍රධානම අභියෝගය සෙනසුරාදා උදේ ගුවන්විදුලියෙන් ඈත් වූ ශ‍්‍රාවක පිරිස නැවත ඇදගැනීම. ඔවුන් අවදි කිරීම. ඒ වෙනුවෙන් මං යම් ආකෘතියක් ගොඩනගා ගත්තා. මේ වැඩසටහනේ අපි ඉදිරිපත්කරනෙ අසන්නන්ගෙ හදවතට දැනෙන දේ විතරයි. ඒක අසන්නන්ට අල්ලලා ගියා.

www.shanidaa.com

මේ ගමන සාර්ථක කරගන්න උරදෙන්න තේජා කටුගම්පොළ එක්වීම මට මහත් ශක්තියක් වුණා. ඇගේ පළපුරුද්ද අපට විශාල ගැම්මක් දුන්නා. මේ සටහන ලියන අද උදේ මගේ සේවා ආයතනයේ සේවය කරන සුද්දෙක්  - සයිමන් - මට මෙහෙම කියනවා.

”මට උඹේ වැඩසටහනේ භාෂාව තේරෙන්නෙ නැති වුණාට ඒක කරන්නෙ උඹ නිසා මං සමහර වෙලාවට ඒක අහනවා. අර උඹත් එක්ක ඉන්න ගෑනු ළමයගෙ කටහඬට මං හරිම කැමතියි”

තේජාත් මාත් එකඟ වුණ ප‍්‍රතිපත්තියක් තියෙනවා. අපි දෙන්නම දැඩි ලෙස ඒ ප‍්‍රතිපත්තියේ ඉන්නවා. අපි මේ වැඩ සටහනේ මුල් තැන දෙන්නෙ වැඩසටහනට පමණයි. මෙතනදි තේජාටවත් මටවත් කැපී පෙනීමේ අවශ්‍යතාවක් නැහැ. වැඩසටහනට සාධාරණය කිරීම කියන කාරණයට පමණයි අපි මුල් තැන දෙන්නෙ. පුද්ගලික අජෙන්ඩා සහිතව අපට එක්වන අය අප සමග රැඳෙන්නෙ නැති බව අපි අත්දැකීමෙන් දන්නව.

අපි ගිය වසරෙ පළමුවතාවට සමස්ථ ඔස්ටේ‍්‍රලියාවේ සියලූම ජනවාර්ගික වැඩසටහන් අතරින් හොඳම වැඩසටහන තේරීමේ තරගයේ අවසන් වටයට ආවා. දැන් අපි දෙවන වතාවටත් මේ අවුරුද්දෙ ඒ තරගයේ අවසන් වටයට ඇවිත් තියෙනවා. අපේ සමාජයට අපට දෙන්න පුලුවන් දායාදය තමයි ඒ. 

”ඔන්න අපි ඔබේ ගුවන්විදුලි වැඩසටහන සමස්ථ  ඕස්ටේ‍්‍රලියාවේ හොඳම ජනවාර්ගික වැඩසටහන් අතරට ගෙනාවා”

හිතේ කුහක කමක් නැති ඔනෑම කෙනෙක් අප සමග සතුටුවන බව අපි දන්නවා.








































5 comments:

  1. සුභ පැතුම්.. අවසානයේදී ජයග්‍රහණය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.. ජය

    ReplyDelete
  2. එළ. ජයවේවා.

    මට මතකයි අපි melbourne ඉන්න කාලේ ඉරිදා සිංහල වැඩසටහන උදේ අටේ සිට ඇඳේ ඉඳලා අහගෙන ඉඳලා 10.00 ට තමයි ඇඳෙන් බහින්නේ. පසුව ඇරැඹුණු සෙනසුරාදා උදේ හතේ වැඩසටහන ඉංග්‍රීසියෙන් තිබුණු නිසා අහන්නට එතරම් ආශාවක් ඇතිවුණේ නෑ. ඒක කලේ හිමාලි සහ ඔල්ගා බවයි මගේ මතකය.

    ජය පතමි.

    ReplyDelete
  3. මගේ අදහස මේකයි ජගත් මහත්මයා,

    අප කිසිවෙක් ජනවාර්ගික පදනමෙන් බෙදී සිටීම, ජන වාර්ගිකව කටයුතු කිරීම සුදුසු දෙයක් නොවේ. ඔබ ජිවත් වන රටේ රජය පාසල් මට්ටමෙන් පවා ස්වකිය ජනමුලය සහිත අයට අවශ්‍ය අන්දමට ඉගෙනුම කිරීමට සහය දෙනමුත්, ඉදුරාම එය නොකළ යුතු දෙයක් බවයි අපගේ හැගීම.

    අපට අවශ්‍ය පෘතුවිය පරදවා එපිටට ගොස් චන්ද්‍රයා මත ජනාවාස පිහිටුවන, අගහරු තරණය කරන, ආලෝක වර්ෂ මායිම් නොකොට විශ්වය තරණය කරනා යුගයේ දරුවන් මිස සත පහකට වැඩකට නැති ජනවාර්ගික පදනමක් අල්වා ගෙන සිටින අය නොවේ.

    අපගේ පදනම විය යුත්තේ මනුෂ්‍ය වර්ගයාය. අතීතයේ සිට අපගේ මිනිසුන් කල නිර්මාණ ගැන ආඩම්බර වෙන ගමන් අනාගතයට ගමන් කරමු. ජනවාර්ගික පදනමෙන් මිනිසුන් බෙදා කිරීම තරයේ වලක්වමු...

    ReplyDelete
  4. සුභ පැතුම් ජගත්. අපගේ බ්‍රිස්බේන් නුවර ගුවන් විදුලියෙනුත් ශ්‍රාවකයන් ඈත් වී ඇති බවක් දැනෙනවා. සමහර විට බ්‍රිස්බේන් සිටින අපටත් ජගත්ගෙන් වැඩක් ගන්නට පුළුවන් වේවි.

    මීට ඉහලින් ඇති සටහන තබන ලලිත් රත්නායකගේ අදහස් හා එකඟ නොවෙමි. තමන්ගේ සංස්කෘතිය යනු පුද්ගලයෙකුට මග හැර යා හැකි දෙයක් නොවේ. ඔබ කතාබහ කරන භාෂාව, අදහන ආගම, ඔබගේ ජන වර්ගයට අයත් සිරිත් විරිත්, ඇඳුම් පැලඳුම් සම්පූර්ණයෙන් බැහැර කලවිට ඉතිරි වන්නේ, අර මහා පරිමාණ නිශ්පාදන ක්‍රියාවලියකින් බිහි කරන ආකාරයේ කිසිම වෙනස්කමක් නැති ඒකාකාරී මිනිස් ප්‍රජාවක් විය හැකිය. අප ඉගෙන ගත යුත්තේ තම භාෂාව, ආගම, ජාතියට හිමි නිස තැන, ඒවාට ඇති සීමාවන් සහ ඒවා අදාල වන / නොවන තැන හඳුනාගන්නට මිස, ඒවා එකහෙලා බදාගැනීමට හෝ බැහැර කිරීමට නොවේ.

    ReplyDelete