Sunday, September 4, 2016

අපරාධකරුවන් වීරත්වයට ඔසවා තැබීම

කිසිදු බුද්ධිමත් සමාජයක් සයිබර් අපරාධ සැහැල්ලූකොට සළකන්නේ නැත. ඒවා අනෙකුත් සංවිධානාත්මක අපරාධ සේම භයානක ය. විනාශකාරී ය. සමාජ විරෝධී ය. එනිසා සයිබර් අපරාධ වල නියැලෙන්නෝ දඬුවම් ලැබිය යුතු අපරාධකරුවෝ වෙති.

ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට ඇතුල් වී එහි ගොණු විකෘති කර දැමූ තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමාජය තුළ කතිකාවක් ඇති වී තිබේ. මේ තරුණයන් දක්ෂයන් බැවින් ඔවුන් කළ අපරාධය නොතකා හැරිය යුතුය යන මතයක් ජනගත කිරීමට පිරිසක් කටයුතු කරමින් සිටිති. මේ තරුණයන් දක්ෂයන් නම් ඔවුන් කළ යුතුව තිබුණේ සිය දක්ෂතා සමාජ විරෝධි අපරාධයක් සඳහා යොදා ගැනීම නොවේ. දක්ෂයන් කළ යුත්තේ තම දැනුම සමාජ සුබසිද්ධිය සඳහා යොදවා ගැනීමයි.


සයිබර් අපරාධ අද මුලූ ලොවටම හිසරදයක් වීී ඇත. තමන්ට අයත් නැති වෙබ් අඩවි වලට හෙරෙන් රිංගා ඒවා විනාශ කිරීමත් කප්පම් ඉල්ලීමත් අද බහුල ලෙස සිදුවෙයි. (සන්නස වෙබ් අවඩියද තුන් වරක් මේ අපරා ධකරුවන්නේ ප‍්‍රහාර වලට ලක්විය) සයිබර් අපරාධ නිසා අපහසුතාවට පත්වූ, පීඩාවට පත් වූ ආයතන මෙහි ඇති බරපතළ බව හොඳින් දනියි. මේ අපරාධ නැවැත්වීමේ වගකීමක් නීතිය රකින ආයතන වලට ඇති බවට විසල් හඬක් නැගෙන්නේ එනිසාය.


අපරාධයක් කරන්නා දක්ෂයෙක්ද නැද්ද යන්න නීතිය සහ යුක්තිය ඉදිරියෙහිදී වැදගත් නොවේ. වැදගත් වන්නේ කළ අපරාධය සහ එයට නීතියෙන් ලැබිය හැකි දඬුවම පමණකි. අපරාධකරුවන් වීරයන් කිරීමේ ප‍්‍රවණතාව දැන්වත් නවතා දැමිය යුතුය. එසේ නොවන කල අනෙකුත් අපරාධකරුවන්ද එය ආදර්ශයට ගනිමින් ඉදිරියටම යනු ඇති බවට සැකයක් නැත.


සයිබර් අපරාධ හෝ වේවා වෙනයම් අපරාධ හෝ වේවා වරදකරුවන් ඒ වරද කරන්නේ දැනුවත්වමය. තමන් කරන්නේ දඬුවම් ලැබිය හැකි වරදක් බව ඒ අය දනිති. දැනුවත්ව වැරදි කරන්නන් වීරයන් වන්නේ නැත. සමාජ සුබසිද්ධිය අපේක්ෂා කරන්නෝ වෙත් නම් ඔවුන් කළ යුත්තේ අපරාධකරුවන් වීරත්වයට ඔසවා තැබීම නොවේ.

12 comments:

  1. ඇත්තටම ඔය සිද්ධීය දුර්වල තාවයක් මිස දක්ෂතාවයක් නෙමෙයි.. ඕනැ තරං දේ තියෙනවා හැක්ර්ලාට ඕන නං ඉගෙන ගන්න..

    මම හිතන්නේ ඔහුව සමාජයට සුබදායක ලෙස පුනරුත්තාපනය කළ යුතුයි.. ඒත් ඉතිං ලංකාවේ පුනරුත්තාපනය ගැන කියල වැඩක් තියේයැ..

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස අගය කරමි..

      Delete
  2. අපරාධකරුවන් වීරත්වයට ඔසවා තැබීම මහා පරිමානයෙන් ආරඹ්හ වන්නේ සේපාල ඒකනායක සිද්ධිය සමගය

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස අගය කරමි..

      Delete
  3. මේකට හේතුව සයිබර් අපරාධ ගැන ගොඩක් දෙනා තුළ ඇති නොදැනුවත්කම වෙන්න පුළුවන්. අනික හැමෝම (මමත් ඇතුළුව) චිත්‍රපට බාගත කර ගන්න torrents pirating කියන්නෙත් මේ හා සමානම අපරාධ තමයි

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස අගය කරමි..

      Delete
  4. ඇතැම් විට මිනිමරුවොත් වීරත්වයට නංවන සමාජයක් ලංකාවේ තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස අගය කරමි..

      Delete
  5. මානව........සයිබර් අපරාධය හොඳයි.....පික්පොකට් ගැහීම වැරදියි වගේ සමාජයකනේ අපි ඉන්නේ. පික්පොකට් ගහපු බාල කොලුවා වරදක් කරාසේම, හැකර් කොලුවත් වැරදක් කලා කියලා ඒ ලමයට කියලා දෙනවා වෙනුවට, මේ මීහරක් සමාජය ,ගුධ මාර්ගයෙන් බත් නොකෑවට .. චීස් කොත්තු කන එක වරදක් නැහැ කියන එකනේ ඔය කියමින් වමාරන්නේ. නොදකින් මෙහෙම සමාජ නායකයෝ. වරද සහ පුනරුථ්තාපනය නොදන්න හිවල්ලු. අපිට පිස්සු බං.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස අගය කරමි..

      Delete
  6. දරුවෙක් නිසාම ඔහු හදා ගත හැකිය.වරද වරදමය.නොසලකා හැරිය යුතු නැත

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස අගය කරමි..

      Delete