Sunday, January 22, 2017

මෝටගේ‍්‍රඩරයට යටවෙන්නට ගිය ක‍්‍රියාකරු

මෝටගේ‍්‍රඩරයක් යනු කුමන ආකාරයක යන්ත‍්‍රයක් දැයි ඔබ නොදැන සිටින්නට හේතුවක් නැත. මාර්ග සංවර්ධන අධිකාරියට අයත් දැවැන්ත මෝටගේ‍්‍රඩර දෙකක් මේ කියන කාලයේ බටහිර යාන්ත‍්‍රික කම්හලට අයත්ව තිබුණි. මේ මා මාර්ග සංවර්ධන අධීකාරියේ රැකියාවට ගිය අලූතය. මගේ ලොක්කා  වරලත් යාන්ත‍්‍රික ඉංජිනේරු දේවේන්ද්‍ර මහත්තයා ය.




මොටගේ‍්‍රඩර් යන්ත‍්‍ර ප‍්‍රමාණයෙන් විශාල නිසා ඒවායේ ක‍්‍රියාකරුවන්ද පොඩි පහේ අධිමානසිකත්වයකින් සිටින්නට ඇතැයි අද කල්පනා කරන විට මට හිතෙයි. එක් යන්ත‍්‍රයක ක‍්‍රියාකරු මෙරිල් ය. අනෙකේ උඩවත්ත ය. දෙදෙනාටම ගෝලයන් දෙදෙනක්ද අනුයුක්තව සිටියේ යන්ත‍්‍රයේ නඩත්තුව තනිවම කළ නොහැකි නිසා ය.


මේ පේ‍්‍රමදාස මහත්තයා අගමැතිව සිටි කාලයයි.


කොහේදෝ වැඩකට යවා තිබූ උඩවත්තගේ  HDMG.... මෝටගේ‍්‍රඩර ය දහවල් දොළහට පමණ කම්හලට පැමිණියේ ය. යම්කිසි අලූත්වැඩියාවක් කරගෙන නැවත යන්නට ය. ඒ කාලයේ කම්හල තිබුණේ බත්තරමුල්ලේ පාලම් තුන නමින් හැඳින්වුණ තැන ඇලට මායිම්ව බත්තරමුල්ල පැත්තේ සිට පැමිණෙන විට දකුණු පැත්තේ ගොඩ කළ බිමේ ය.



(ජේ ආර්, රජීව් ගාන්ධි සමග පරිප්පු ගිවිසුම අත්සන් කළ දා මේ කම්හල වාහන විශාල සංඛ්‍යාවක්ද සමග දේශපේ‍්‍රමීන් විසින් ගිනි තබන ලද බව ද එදා මා පාවිච්චි කළ 31 ශ‍්‍රී 3928 මිට්සුබිෂී ජීප් රථය ද ඒ සමග ගිනිබත් වූ බව ද ලියා තබන්නේ මහත් සංවේගයෙනි)


බත්තරමුල්ල පැලවත්ත පාර ඒ කාලයේ ඉතා පටු පාරක් විය. උඩවත්ත මෝටගේ‍්‍රඩරය පදවාගෙන ආවේ පැලවත්ත පැත්තේ සිට ය. ඒ පැමිණ විනාඩි දහයක් යන්නටත් පෙර ප‍්‍රධාන කාර්යාලයෙන් දුරකතන ඇමතුමකි.


”HDMG.... මොටගේ්‍්‍රඩරය අමාත්‍යංශයේ ලේකම්ගේ නිල රථයට ඉස්සර කරන්නට ඉඩ නොදී වේගයෙන් ධාවනය කර ඇති හෙයින් වහාම මේ ගැන පරීක්ෂණයක් කර වාර්තා කරන්න”


මට මතක හැටියට අමාත්‍යංශයේ ලේකම් පාස්කරලිංගම් ය. ආණ්ඩුවේ බලසම්පන්න චරිතයකි. එහෙව් උත්තමයෙකුගේ වාහනයට ඉස්සර කරන්නට ඉඩ නොදී මෝටර් ගේ‍්‍රඩරයක් ධාවනය කළ එහි ක‍්‍රියාකරු දැන් දඬුකඳේ ගැසිය යුතු ය.


”පැලවත්ත පාරෙ මොටගේ‍්‍රඩරේ අයින් කරලා වෙනින් වාහනයකට ඉස්සර කරන්න ඉඩ දෙන්න තැනක් කොහෙද තියෙන්නෙ සර්. මං දැක්කා ලොක්කෙකුගෙ වාහනයක් පිටිපස්සෙන් එනවා. ලොක්කෙක් තියා සොක්කෙක් ආවත් මොනා කරන්නද? පාර ඉඩ තියෙන එකක්යැ.. මං ඉතින් පාගලා ආවා” ඒ උඩවත්තගේ පැහැදිළි කිරීමයි.


පටු පාරක තමන්ට ඉස්සර කරන්නට ඉඩ නොදී ධාවනය කළ මෝටර් ගේ‍්‍රඩරයක් පිළිබඳව ඉහළට පැමිනිළි කරන්නටත් ඒ අහිංසක සේවකයාට එරෙහිව ක‍්‍රියා කළ යුතුයයි අදහස් කරන්නටත් තරම් උද්ධච්ච මානසිකත්වයකින් යුතු ලොක්කෝ ඒ කාලයේත් සිටියහ.


සේවකයාට තදින් අවවාද කළ බවත් මෝටගේ‍්‍රඩරයෙන් ඔහු ඉවත් කළ බවත් ඉහළට ලියා යවා වැඬේ ගොඩින් බේරා ගන්නට හැකි විය. එහෙම ලිව්වාට උඩවත්ත ඒ මෝටගේ‍්‍රඩරයේ දිගටම සේවය කළේ ය.


පළපුරුදු මෝටගේ්‍්‍රඩර් කි‍්‍රයාකරුවකුගේ වටිනාකම ලොක්කන් නොදන්නවාට ඉංජිනේරුවෝ දනිති.

6 comments:

  1. මං හිටියා නම් බොරු ලියන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. අඩියක් පස්සට යන එකත් සටන් කලාවේ උපක‍්‍රමයක්නෙ... ඒ කාලෙ හිටිය නිලධාරීන් එහෙම හිතලා පොඩ්ඩක් පස්සට යන්න ඇති.. අනික මේ දේසපාලුවො එක්ක හැප්පෙනවට වඩා ඒක ලේසියි කියලා හිතන්න ඇති..

      Delete
  2. "පාස්කරලිංගම්" දැනුත් ලොකු චරිතයක් තිරය පස්සේ රඟපානවා කියන්නේ.අපේ මහජන නියෝජිතයින්ගේ සහා සමහර උසස් නිලධාරීන්ගේ උද්දච්ච ක්‍රියා දිහා බැලුවම හිතෙන්නේ ඉතිහාසය ගැන කයිවාරු ගැහුවට ලෝකයේ අනෙක් රටවල් වලට සාපේක්ෂව අපි කොයි තරම් පසුගාමී ජාතියක්ද කියලායි.

    ReplyDelete
  3. සහතික ඇත්ත මනෝජ්...

    ReplyDelete
  4. කොයි කාලෙත් ඔය වගේ මිනිස්සුන්ගෙන් අඩුවක් නෑ

    ReplyDelete