Wednesday, August 7, 2019

”සිහිනයකි රෑ”

මෙල්බන් හිදී රූ ගත කෙරුණු ”සිහිනයකි රෑ” වැඩ සටහනට සහභාගිවන ලෙස ආරාධනා කළේ ප‍්‍රසංගයේ මෙහෙයුම්කරු වූ භානුක මනෝරත්න සහ ප‍්‍රසංගයේ සංවිධායක වූ ධනුෂ්ක ප‍්‍රනාන්දු සොහොයුරන් ය. ආරම්භයේ සිටම මනා ලෙස සංවිධානය කෙරුණ මේ ප‍්‍රසංගයේ මා තෝරන ගී ගායනා කිරීම සඳහා තෝරාගෙන තිබුණේ මලිත් පෙරේරා සහ හිරණ්‍යා මනෝරත්න වීම මට මහත් පහසුවක් සහ සතුටක් ගෙනදුන් කරුණක් විය. ගීත හතරක් තෝරා ගැනීම සඳහා ගීත අටක් යෝජනා කරන්නැයි අපෙන් ඉල්ලා තිබුණි.. අප ඉදිරිපත් කරන ඔ්නෑම ගීයක් ගායනා කිරීමේ අභීයෝගය අපේ ගායක ගායිකාවන් බාර ගෙන තිබුණි.


ගීත සඳහා අදහස් දක්වන්නට ජය ශ‍්‍රී චන්ද්‍රජිත්, සිසිර දිසානායක, සහන් වීරසේකර, ධනුෂ්ක ප‍්‍රනාන්දු, අසංක දොඩන්තැන්න සහ මා තෝරාගනු ලැබ තිබුණි.  ගීත ගායනයට මලිත් පෙරේරා, හිරණ්‍යා මනෝරත්න, මිහිඳු ආරියරත්න, ලක්මිණි උඩවත්ත, මොහාන් දර්ශන, රුවන්ති ජයසේකර යන ගායක ගායිකාවන් තෝරාගෙන තිබුණි.


ප‍්‍රසංගය මෙහෙයවූ මහේෂ් නිස්සංක සහ නිෂ්පාදිකාව වූ ජයමිණි ඉලේපෙරුම ගම්ලත් කළ මෙහෙය අති විශාලය. මේ වැඩ සටහනට සහභාගි වන ලෙසට මා උනන්දු කර පසෙකට වී අප‍්‍රමාණ සතුටක් විඳගත් තිලකා ගම්ලත් සොයුරියත් ගාමිණී පැළෑඳ සොයුරාත් අමතක නොවේ..


මේ ”සිහිනයකි රෑ”  වැඩ සටහන අප නොසිතූ ලෙස ජනප‍්‍රියත්වයට පත්ව ඇති බව ලැබෙමින් පවතින ප‍්‍රතිචාර පෙන්වා දෙයි. නරඹන්නට කැමති අයගේ පහසුව සඳහා මා ඉදිරිපත් කළ ගීත හතර මෙලෙස වෙන වෙනම යූ ටියුබ් වීඩියෝ ලෙස මෙහි එක් කර ඇත්තෙමි.


1 අයියණ්ඩියේ

2 මවකගෙ උනුසුම

3 පැන මඩ කඩිති

4 සුළං කුරුල්ලෝ



සම්පූර්ණ වැඩසටහන මෙතැනින් නරඹන්න


2 comments:

  1. ජගත් මේ වැඩසටහනේ කතාබහ කරන ආකාරය ඉතාම ඉහලයි. කෙනෙකුට බලලා ඉගෙන ගන්න තරම් වටිනවා. කෙටි පැහැදිලි කතාබහ, සංවේදී නමුත් අනවශ්‍ය ලෙස භාවාතිශය නොවීම. ඒ වගේම කතා කරන 'ටෝන්' එක ආදිය සියල්ලම සමබරයි. මවකගෙ උණුසුම නොලබා ගීතය තමයි මා වඩාත්ම රසවින්දේ.

    ReplyDelete