Monday, October 7, 2019

ශනිදා සාදය පස්වන වසරට..... මෙල්බන් රේඩියෝවේ ආගිය කතා...

ශනිදා සාදය පස්වන වසරට
මෙල්බන් රේඩියෝවේ ආගිය කතා

”ඒ කාලෙ අපි රේඩියෝ එක ඉවර වෙලා එළියට බහිනකොටම කෝල් එකක් එනවා.. එක්කො ඞීබී (කුරුප්පු).. නැත්නම් එල්බී (ඒකනායක).. රේඩිියෝ එකේ කතා කරද්දි අපි අතින් වැරදියට කියවුණ වචනයකට පවා අපට හොඳටම දෙහි කැපුවා”  ඕස්ටේ‍්‍රලියාවේ ගුවන් විදුලියකින් සිංහලෙන් කතා කළ පළමු නිවේදකයා - උපා උපදාස අතීතය අවදි කරමින් කියයි.

”අපි හැමදේම කළේ හරිම සැළසුම් සහගතව.. වැඩසටහන පටන්ගන්න පූර්විකාව ගැන පවා අපි හුඟක් සාකච්ඡුා කරනවා.. වැදගත් යමක් කියන්න තමයි අපි හැමතිස්සෙම උත්සාහ කළේ” ස්වර්ණා උපදාස මහත්මිය කියයි. මෙල්බන් ගුවන් විදුලියේ පළමු කණ්ඩායමේ සිටි ඇයට කියන්නට බොහෝ මතක සටහන් ඇත.

ප‍්‍රසන්න කුරුකුලරත්න
”දවසක් වැඩසටහනක් ඉවර කරල එද්දි ඒකනායක අංකල් මට හොඳ කතාවක් කිව්වා.. පුතා ලස්සන වචන තියෙන්නෙ එහෙන් මෙහෙන් දමල ගහන්න නෙවෙයි.. මුතු පොටක් වගේ ලස්සනට අමුණන්න.. එහෙම ඇමිණුවාම තමයි වචන වල ලස්සන පේන්නෙ.. ඇත්තටම ඒ ප‍්‍රවීණයන් නිසා අපි කොයි තරම් දේ ඉගෙන ගත්තද?” මාධ්‍යය නිසි ලෙස හඳුණාගනිමින් ගුවන්විදුලියට එක් වූ ප‍්‍රසන්න කුරුකුලරත්න ඒ යුගයේ ගුවන් විදුලිය වටා එක් වී සිටි ප‍්‍රවීණයන් කෙරෙහි වූ කෘතවේදීත්වය පළ කරයි.

බන්දු දිසානායක, සෑම් වීරරත්න, ෂ්‍යාමන් ජයසිංහ, රෝහණ කරුණාරත්න, අනෝජා කරුණාරත්න වැනි ප‍්‍රවීණයන්ට මෙල්බන් ගුවන්විදුලියේ අතීතය ගැන කියන්නට බොහෝ දේ තිබුණි. පසු කලෙක ගුවන් විදුලියට එක් වූ අසෝක සිල්වා, නෙළුම් අමුණුගම, නුවන් සමරපති, වරුණ සාවින්ද, ගාමිණී රණසිංහ, සෙව්වන්දි අබේරත්න, අමරසිංහ අමුණුගම වැනි ගුවන්විදුලි ශිල්පීන් ශිල්පිනියන් වරින් වර සිය මතකය අවදි කරන්නේ සඟවාගත් කණගාටුවක්ද සමගින් ය. ඒ සියළු කතාබහ අවසන් වූයේ එක් තැනකිනි.

”රේඩියෝ එක අහපු කාලයක් මතක නැහැ”

ඒ ප‍්‍රකාශය අතීතයේ 3zzz ගුවන්විදුලිය හා එක්ව සිටි අය අතරින් අදත් එහි ගුවන්විදුලි වැඩසටහනක් කරන මගේ සිතේ ඇති කරන්නේ වේදනාවකි.

3zzz ගුවන්විදුලි සේවය මෙල්බන් ප‍්‍රජා ගුවන්විදුලි ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයකි. ඒ ඔස්සේ ගුවන්ගත වූ පළමු වැඩ සටහන සිංහල වැඩසටහන වීම අහම්බයකි. සැබැවින්ම ඒ ආරම්භක දිනයේ සිංහල වැඩ සටහන තිබුණේ දෙවන වැඩ සටහන ලෙස ය. පළමු වැඩ සටහන කළ අයගේ නොදැණුවත්කම නිසා ඔවුන් මැදිරියේ සිට ඉදිරිපත් කළ ද ඒ වැඩ සටහන ගුවන්ගත වුණේ නැත. ශ‍්‍රාවකයන්ට අසන්නට ලැබුණ පළමු වැඩසටහන වූයේ දෙවෙනි වැඩසටහන වූ සිංහල වැඩ සටහනයි. එය ඉදිරිපත් කළ නිවේදකයා උපා උපදාස යි.

පළමු දා සිටම ගුවන්විදුලිය සමග අසන්නෝ රොද බැඳගත් හ. එය අපේ ප‍්‍රජා සන්නිවේදනයේ වැදගත් ස්ථානයක් හෙබ වූ අතර දැඩි කැපවීමෙන් වැඩසටහන් ඉදිරිපත් කළ නිවේදක නිවේදිකාවන් සේම නිෂ්පාදකයන් නිසා වැඩ සටහනේ ගුණාත්මකභාවයද ඉතා ඉහළ මට්ටමක විය. එල් බී ඒකනායක ඞීබී කුරුප්පු වැනි වියත්තු ඒ වටා රැුඳෙමින් අවවාද අනුශාසනා දුන්හ. ප‍්‍රමිතිය රැුකගත්හ. එල්බී ඒකනායක ලියූ ”සිංගරුපාය” වැනි උසස් ගුවන්විදුලි නාට්‍ය පවා ගුවන්ගතවුණේ ඉතා අඩු පහසුකම් යටතේ ය. ඒ අතීතය රසවත්ය. ඒ ගැන කතා කරන්නට බොහෝ රසමුසු තැන් අපමණ ය.

1999 දී හෝ 2000 දී පමණ මගේ පළමු ගුවන්විදුලි සාකච්ඡුාව නිෂ්පාදනය කළේ රෝහණ කරුණාරත්න ය. නිවේදකයා වූයේ ආනන්ද බාලසූරිය ය. පටිගතකිරීමේ ඩිජිටල් තාක්ෂණය නොතිබුණ එදා විශාල ස්පූල් දෙකක් සහිත පටිගතකිරීමේ යන්ත‍්‍රයකින් රෝහණ ඒ සාකච්ඡුාව පටිගත කළ හැටි මට තවම මතක ය. මගේ දෙවන සාකච්ඡුාව මෙල්බන් මාධ්‍ය ක්ෂෙත‍්‍රයට ඉතා වැදගත් වූ සාකච්ඡුාවක් වූයේ යයි අද මට සිතෙයි. එවකට ආරම්භ කර තිබූ සෙරෙන්ඩිබ් නිව්ස් ඉංග‍්‍රීසි පුවත්පතේ සිංහල පිටුව බාරගෙන කරන්න යයි එහි සංස්කාරකවරුන් වූ ගීතිකා හා විරෝෂ් පෙරේරා මට ආරාධනා කළේ එදා 3zzz ගුවන්විදුලියේ දී ය. එතැනින් ආරම්භ වුණ මෙල්බන් සිංහල පත්තර කලාව කොයි තරම් දුරට ගියාදැයි නැවත ලියන්නට අදහස් නොකරමි. දන්නෝ දනිති.

ඒ දෙවන සාකච්ඡුාව කළේ උපා උපදාස යි. මගේ ”කන්ද උඩ මාළිගාව” කෙටිකතා පොත සම්බන්ධයෙනි. එදා ඒ ප‍්‍රවීණ නිවේදකයා මුලූ පොතම කියවා වැදගත් තැන් සටහන් කරගෙන පැමිණ සිටි අතර ඒ සාකච්ඡුාව ඉතා අර්ථාන්විත එකක් විය.

”සීඞී දෙක තුනක් අරගෙන ඇවිත් මොනවා හෝ කියවා යන රේඩියෝ එකක් නෙවෙයි අපි එදා කළේ.. හැම දේටම ඉතා හොඳින් සූදානම් වුණා.. සතියක් පුරා පොත පත කියවලා කරුණු හොයාගෙන තමයි අපි මැදිරියට ආවෙ.. එයා ටයිම් එකේ තියෙන වටිනාකම අපි හොඳට දැනගෙන හිටියා.. ඒ එක්කම මේ මාධ්‍යය ගැන අපි හොඳට අධ්‍යයනය කළා.. ඉගෙනගන්නෙ නැතුව කොහොමද මාධ්‍යයක් කරන්නෙ?”

මගේ මතකය නිවැරදි නම් 2000 දී හෝ 2001 දී පමණ දිනෙක රෝහණ කරුණාරත්න මට දුරකතන ඇමතුමක් දුන්නේ ය.

”අපි අලූත් රේඩියෝ ටීම් එකක් හදනවා.. ඔයාගෙ නමත් යෝජනා වෙලා තියෙනවා.. එන්න අපි එක්ක මේ වැඬේට” ඔහු ආරාධනා කළේ ය.

”මම ආරාධනා කළාට ජගත් එකපාරටම බැහැයි කිව්වා” රෝහණ අද ඒ මතකය අවදි කරයි.

සැබෑවකි. මෙල්බන් සමාජසේවා වැඩ වලට බසින්නට මගේ කැමැත්තක් නොවීය. මට අවශ්‍ය වූයේ මගේ හුදෙකලාවේ නිමග්න වී මගේ නිර්මාණ කටයුතුවල යෙදෙන්නට ය. එහෙත් රෝහණ සිය උත්සාහය අත්නොහැරීමේ අවසන් ප‍්‍රතිඵලය වූයේ අපි අලූත් කණ්ඩායමක් ලෙස ගුවන්විදුලිය බාරගැනීම ය. අසෝක සිල්වා අපේ කැඳවුම්කරු විය. ඒ කණ්ඩායමෙන් මම තවමත් 3zzz ගුවන්විදුලිය හා සම්බන්ධව සෙනසුරාදා උදේ 7ට ශනිදා සාදයෙන් ශ‍්‍රී ලාංකික ප‍්‍රජාව අමතමින් සිටින්නෙමි. සෙනසුරාදා උදේ 7ට ශනිදා සාදය මගේ සිතැඟියාව අනුව ස්වාධීනව කරගෙන යන්නට මට අවසර දීම පිළිබඳව සිංහල කමිටුවට මගේ ස්තුතිය හිමිවිය යුතුය.

ප‍්‍රවීණ නිවේදිකා තේජා කටුගම්පොළත් මමත් දැන් වසර හතරක් තිස්සේ ශනිදා සාදය ගෙන ඒමේ දුෂ්කර ව්‍යායාමය විඳ ගනිමින් සිටින්නෙමු. උදෑසන 7ට නැගිට ගුවන්විදුලියට සවන්දෙන ශ‍්‍රාවක ප‍්‍රජාවක් ගොඩනැගීමේ අභියෝගය ජයගත්තෙමු.

ශනිදා සාදය මේ මාසයේදී වසර හතරක ගමනක් සම්පූර්ණ කර පස්වන වසරට පිය තැබුවේ ය. ජනප‍්‍රිය ගුවන්විදුලි වැඩසටහනක් මෙල්බන් ප‍්‍රජාවට බෙදා දෙන්නට හැකිවීමේ සතුට මේ මොහොතේ අපි විඳ ගනිමින් සිටින්නෙමු.

මේ කුඩා සටහන ලිව්වේ ඒ සතුට වෙනුවෙන් ය.


(සතියේ ඔ්නෑද දවසක මෙල්බන් ශනිදා සාදය අසන්න www.shanidaa.com

5 comments:

  1. මේ සදහා රසික සූරියආරච්චි මහතා සම්බන්ධ කරගන්නේ නැතිද ජගත් මහත්මයා?

    ReplyDelete
    Replies
    1. රසික ඉන්නේ සිඩ්නි වලනෙ.. :)

      Delete
  2. ස්තුතියි.හැබැයි ඉරිදා පැය දෙක නම් ගන්න දෙයක් නැත.

    ReplyDelete