Saturday, January 14, 2017

ජනාධිපති පේ‍්‍රමදාසගේ අත්වැල් ඇල්ලීම


ටයි පටිය සහ ජනාධිපති පේ‍්‍රමදාස ලිපියේ මා ලියූ අත්වැල් ඇල්ලීම පිළිබඳව විමසුම් කළ අය වෙනුවෙනුයි මේ සටහන.


ජනාධිපති පේ‍්‍රමදාස යනු හිතට එන  ඕනෑම අදහසක් එසැණින් ක‍්‍රියාත්මක කරන නායකයකු බව ලිව්වෙමි. අත්වැල් ඇල්ලීමද ඔහුගේ තවත් එක් අපූරු වැඩ සටහනකි. නියම කරන එක්තරා දිනෙක එක්තරා වේලාවක ඔහු යටතේ ඇති සියලූම ආයතන වල සේවක සේවිකාවන් වාහන වලින් මහපාරට ගෙන එනු ලැබෙන අතර නියමිත වේලාවේදී මේ අසරණයන් පාරදිගට සිටගෙන එකිනෙකාගේ අත්අල්ලාගෙන අත්වැලක් සෑදිය යුතුය. අත්වැල කිලෝමීටර අච්චර දිගය මෙච්චර දිගය කියා පේ‍්‍රමදාස මහත්තයාට වාර්තා කරන්නටද පිරිසක් සිටියහ.


අත්වැල් අල්ලන්නට ගෙන එන රජයේ සේවකයන් දිරි ගැන්වීම සඳහා ඒ සැමටම නොමිලයේ රුපියල් පහක් වටිනා සූරන ලොතරැුයියක්ද පිරිනැමිණි. ඒ ලොතරැුයිපත් වලින් කිසිවකුට කිසිදු දිණුමක් නොඇදුණි. මේ වෙනුවෙන්ම කිසිදු දිණුමක් නැති සූරන ලොතරැුයි ලක්ෂ ගණනක් මුද්‍රණය කළ බව ඒ ලොතරැුයි ආයතනයේ සේවය කර පසුව මාර්ග සංවර්ධන අධිකාරියට බැඳුණ එක්තරා ලිපිකාර මහතකු මට කීවේ දැඩි හිතවත් කමටය. (ඔහු දැඩි පේ‍්‍රමදාසවාදියකු විය) පසුව විගණනයට හසු නොවන පිණිස ඉතිරිව තිබූ මේ දිණුම් නැති ලොතරැුයි පත් ලක්ෂ ගණනක් පුලූස්සා දැමූ බවද ඔහු කීවේය. ඒ කාලයේ සිදුවූ සිදුවීම් සමග කල්පනා කරන විට ඒ කතා වල ඇත්තක් තිබේ යයි මට සිතෙයි.


මේ කාලයේම පේ‍්‍රමදාස මහතාගේ මහතාගේ මෙහෙයවීමෙන් ”පෙරමග” නම් සඟරාවක්ද මුද්‍රණය කෙරුණි. ඔහු යටතේ තිබූූ ආයතන වල සියලූම සේවක සේවිකාවන් අනිවාර්යයයෙන්ම මේ සඟරාව මිලට ගත යුතු විය. සඟරාවේ මිල වැටුපෙන් අඩුකර ගැනුණි. සඟරාව මිලට නොගන්නා සේවකයන්ගේ නම් ලැයිස්තු ගෙන්වා ගැනුණි.


යමක් කියවන්නට තිබූ කැමැත්ත නිසා "පෙරමග" මිලට ගත් නමුත් ලෙඩ නිවාඩු දමා අත්වැල් ඇල්ලීම මගහැරියෙමි.

9 comments:

  1. ශරීර ප්‍රමාණය , ජන්මය , ආදී දේ නිසා ප්‍රේමදාස තුල දැඩි හීනමානයක් මෙන්ම ඝාතන මනසක්ද තිබුනා ; ඔහු ධනවාදී පක්‍ෂයක් වෙත නොගොස් රැඩිකල් වාම ව්‍යාපාරයක හිටියේ නම් මීටත් වඩා මිනී මරනවා

    ReplyDelete
    Replies
    1. //ඔහු ධනවාදී පක්‍ෂයක් වෙත නොගොස් රැඩිකල් වාම ව්‍යාපාරයක හිටියේ නම් මීටත් වඩා මිනී මරනවා//

      ++++++

      Delete
    2. සහතික ඇත්ත.. ඔහුට විරුද්ධව ඡුන්දයට ඒම පවා ඒ කාලයේ මාරාන්තික දෙයක්.. අපේ පැත්තෙන් ඡුන්දය ඉල්ලූ ඉසුර දේවප‍්‍රිය නමැති තරුණයා වේදිකාවල කීවේ ”පේ‍්‍රමදාස ගේ හක්කෙ බුදු රැස්.. බොක්කෙ දඩමස්” කියාය. මේ ප‍්‍රකාශය වෙනුවෙන් ඔහුට ජීවිතයත් මරණයත් අතර තරගයක් කරන්නට සිදු විය. අපේ තාත්තා කිව්වේ ”ඒ කොල්ලාගේ බය නැති කමට ඒකාට ඡන්දය දෙනවා” කියාය.

      Delete
  2. ලංකාවේ "ප්‍රජාතන්ත්‍රවාදය" දැන් තමයි තියෙන්නේ කියලා හිතෙනවා මෙව්වා කියවන කොට.

    ReplyDelete
    Replies
    1. බොහෝ අයට අමතක අතීතය...

      Delete
  3. දෑතින් දෑතක් අල්ලා ගත්තා......
    Two hands holding two hands duly.....

    තේමා ගීතය - රචකයා මර්සිලීනු ජයකොඩි.

    ReplyDelete
  4. පුදුම පොරවල් අෆ්ෆා.....අතින් අල්ලන් ඉන්න කිව්ව එක හොඳයි, වෙන කොහෙන් හරි අල්ලන් ඉන්න කියන්නේ නැතුව. කිව්ව නම් ඒත් කරන්න වෙනවනේ. ලෙඩ්ඩු.

    ReplyDelete
    Replies
    1. අත්න අල්ලන එකෙනුත් පොඩි ගැම්මක් ගත්ත අයත් හිටියා.. :)

      Delete