Wednesday, August 2, 2017

මෙය සාධාරණ සටනක් නොවේ

රාජපක්ෂ ආණ්ඩුකාලයේ ගුවන්විදුලියට අරක්ගෙන සිටි හඞ්සන් සමරසිංහ ”රට යන අත” නම් හඩු වැඩ සටහනක් සෑම දිනකම උදෑසන ගුවන් ගත කළේ ය. එහි ප‍්‍රධාන අරමුණ ඔහුට කතා කරන්නට වේදිකාවක් තනා ගැනීමත් රාජපක්ෂට විරුද්ධව සිටින්නවුන්ට අපහාස අවලාද නැගීමත් ය. මෙය අසා සිටින්නට අප‍්‍රසන්න වැඩසටහනක් වුවත් විනෝද සමය අසන්නාක් මෙන් මම ද දිනපතා මේ වැඩ සටහනට සවන් දෙමින් සිටියෙමි.


එක්තරා දවසක මේ හඩු වැඩ සටහනේ අපූරු යමක් සිදුවිය. හඞ්සන් සමරසිංහ එදින කතා කරමින් සිටියේ ලංකාවේ උසස් අධ්‍යාපනය ගැන ය. එක් අවස්තාවක සජීවී ලෙස වැඩ සටහනට දුරකතනයෙන් සම්බන්ධ වන්නේ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකි. ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටින්නේ යයි ඇයම කීවාය. කතා කිරීමේ අරමුණ චෝදනාවක් කිරීම ය. ඇය ඉදිරිපත් කරන්නේ අපූරුම චෝදනාවකි. නිකම්ම නොවේ. අඬන සයිස් එකෙනි.


”අපි දුක් මහන්සි වෙලා වැඩි ලකුණු අරන් විශ්ව විද්‍යාලයට ඇවිත් මහන්සි වෙලා පාඩම් කරලා ගන්න උපාධියම අඩු ලකුණු ගත්ත බාහිර උපාධියට ලියාපදිංචි වෙච්ච අයටත් දෙන එක සම්පූර්ණ වැරදි වැඩක්..” ශිෂ්‍යාවගේ චෝදනාව එබන්දකි. ඇය පුන පුනා කියන්නේ ඒ උපාධිය විශ්ව විද්‍යාලය  තුළ ඉගෙනුම ලබන අයට පමණක් සීමා විය යුතු බවම ය.


රට යන අත වැඩසටහනේ හඞ්සන් සමරසිංහ ඇසූ හොඳම ප‍්‍රශ්න දෙකෙන් පළමුවැන්න ඔහු ඇසුවේ එවිට ය.


”එතකොට මේ දරුවා කියන්නෙ ඒ බාහිරව ඉගෙන ගන්න ළමයින් උපාධිය ගන්නෙ පාඩම් කරන්නෙවත් නැතුවයි කියන එකද?”


”ඒව මං දන්නෙ නෑ.. මං කියන්නෙ ඒ අයට අපේ උපාධියම දෙන එක වැරදියි කියලයි.. ඒක මහන්සි වෙලා විශ්ව විද්‍යාලයට එන අයට කරන අසාධාරණයක්.. බාහිර උපාධි දීම නවත්තන්න  ඕනෙ.. ”


හඞ්සන් ගේ දෙවන හොඳම ප‍්‍රශ්නය ඊළඟටය.


”එහෙම නං මේ ළමය කියන්නෙ විශ්ව විද්‍යාලයට යන්න ලකුණු කීපයක් අඩුවුණ දරුවො මොනා කරන්න  ඕනෙ කියලද? ගස් නගින්න.. පොල් කඩන්න.. එහෙමද?”


ශිෂ්‍යාව එතැනින් එහාට කතා කළේ නැත.


තමන්ගේ පරපුරේ එවුන්ට උසස් අධ්‍යාපන මග වසා දමන්නට පෙළපාලි යන අද විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේත් අර ශිෂ්‍යාවගේත් වෙනසක් මා දකින්නේ නැත. කුහක කමට එහා ගිය දෙයක් මෙහි නැත.


ධනපතියන්ගේ දරුවෝ එංගලන්තයට ඇමරිකාවට  ඕස්ටේ‍්‍රලියාවට හෝ අඩුම ගානේ නේපාලයට බංග්ලාදේශයටවත් ගොස් උපාධි ලබා ගනිති. කෙළවෙන්නේ කොහොම කොහොමින් හරි මුදලක් සොයාගෙන අධ්‍යාපනයක් ලබා ඉදිරියට යන්නට වෙහෙසවන මධ්‍යම පාන්තික දරුවන්ටම පමණකි.


මේ සටනට ජනතා සහයක් නැත්තේ ඒ නිසාම ය.

10 comments:

  1. කරුණු දෙකක්.

    1. ඔය සජීවී රේඩියෝ වැඩ සටහන්වලට කතා කරන හැමෝම ඒ අය තමන්ව හඳුන්වා දෙන අයම ය කියා හිතීම වැරදියි. වැඩසටහන මෙහෙයවන අය ජනප්‍රියබව වැඩි කර ගැනීමට, විවිධ දේශපාලන අරමුණු ඇති අය බලපෑම් ඇති කිරීමට වෙනත් පුද්ගලයින්ව යොදවනවා.

    2. හඩ්සන් සමරසිංහ ගේ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක අහන සහ එයට කතා කරන කෙල්ලකගෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව නිරූපනය නොවන බව නම් අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ නේ!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. 1. රසිකට විතරයි නේ ඒක තේරුම් ගිහිල්ල තියෙන්නේ.
      2. මෙකත් රසිකටම විතරයිනේ තේරුම් ගිහින් තියෙන්නේ.

      බලන් යනකොට ජගත්ගේ මොලේ කොහෙද තිබිල තියෙන්නේ.

      Delete
  2. /* රාජපක්ෂ ආණ්ඩුකාලයේ ගුවන්විදුලියට අරක්ගෙන සිටි හඞ්සන් සමරසිංහ ”රට යන අත” නම් හඩු වැඩ සටහනක් සෑම දිනකම උදෑසන ගුවන් ගත කළේ ය. */

    මට මතක හැටියට 2008 දී පමණ මා ලංකාවට ගිය වෙලේ මගේ තාත්තා හඩ්සන් සමරසිංහ කතා කරන වැඩසටහනක් අසමින් සිටියා. ඒක නම් ගියේ ටීඑන්එල් හා සම්බන්ධ රේඩියෝ එකක. හඩ්සන් සමග ඒ වැඩසටහන මෙහෙය වූයේ ෂාන් වික්‍රමසිංහ.

    හඩු ගඳ ගසන වැඩසටහනකට සවන් දීමෙන් ඔබ ලැබුවේ කවර රසයක් ද? විනෝදයක් නම් වෙන්න බෑ නේද?

    ReplyDelete
    Replies
    1. රසික ඉස්සර බ්ලොග් එකක් ලිව්වා නේද කතන්දරකාරයා නමින් පඩ, ජී, ශුක්‍ර, කක්කා, ඔසප්, ජොක්කු ගැන එහෙම? ඒ ගඳ ගහන බ්ලොග් එක ලිවීමෙන් ඔබ ලැබුවේ කවර වින්දනයක්ද? ඒක කියන්නකෝ මුලින්ම.

      Delete
    2. පඩ, ජී, ශුක්‍ර, කක්කා, ඔසප්, ජොක්කු ගැන එහෙම?.....
      ඉස්ස දන්නේ නැහැ උගේ ඔලුවේ ගූ තිනවා කියලා ඒවගේම තමයි ඔය දෙබිඩ්ඩා ඕකා ලියනකොට ඔක්කම හරි වැදගත් ඒවා
      අනේ මෙහෙම ජිවිතයක් ලැබේ ද ඌට සැනසීමක්

      Delete
    3. හඩ්සන් ගේ හඩු බලකායේ දෙන්නෙකුට රිදිලා වගෙයි.

      සොරි මෙයාලා.

      Delete
    4. පුෂ්පාගේ ඔසප් ගැනත් ලිව්වේ රසිකනි. හිට්ස් හම්බෙනවා නං ඩෙට් දවසට රෂිනි ඇදගෙන හිටපු පෑඩ් එකක් ගැන උනත් දායි. හඩ්ඩා හොදයි බලං ගියාම.

      Delete
  3. ඇත්ත මේ සයිටම් විරෝධී සටන මුල සිටම පරජිත සටනක්.දැන් අතාරින්න බැරි කමට ඇදගෙන යනවා වගේ.

    නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මරාගෙන මැරෙන්න එන්නේ අධ්‍යාපනයේ ලැබීමේ අයිතීන් සිමා කරන්න කියා ඉල්ලීමෙන්.

    ReplyDelete