Sunday, August 6, 2017

සතුටට ලියමි

ආශා ඩී පෙරේරා කිවිඳියගෙ පළමු කවි පොත අගොස්තු 19 වෙනිදා නිකුත් වෙනවා. මං හිතුවෙම නැති මොහොතක ඈ ඇගේ පොතේ පෙරවදන මට ස්කෑන් කර එවනවා.


මේ වගේ පුංචි සටහනක් ඇති ඇහැට කඳුලක් එක් කරන්න.


සැරින් සැරේ ලැබෙන මේ වගේ කෘතවේදීත්වය හඟවන සටහන් කියවද්දි හිතට ඇතිවෙන්නෙ අහිසංක සතුටක්. අඬබෙර නොගැහැව්වට මං නිෂ්ශබ්දව යමක් කරළා තියෙන බව ඒ සටහන් මට කියනව. ජීවිතේට ඒ සතුට ඇති.


2001 අවුරුද්දෙ කැටපත් පවුරවෙබ් අඩවිය ආරම්භ කළ දා ඉඳන් අද දක්වා කොයි තරම් අලූත් නිර්මාණකරුවන් කාරියන් රැසක් මං දිරිමත් කරලා තියෙනවද කියලා කල්පනා කරද්ද මටම පුදුමයි. ලෝකෙ හතර දිග්බාගෙ ඉඳන් කැටපත් පවුරට ලියපු බොහෝ කවියන් කිවිඳියන් ඒ බව සිහිපත් කරමින් වරින් වර එවන ඊමේලයක දැවටුණ සුන්දරත්වය මෙතෙකැයි කියන්න බැහැ.


අන්තර්ජාලයේ මුල් අවදියේ, අන්තර්ජාලයේ සිංහල හිඟවුණ ඒ අවදියේ, මූණූපොතක් නොතිබුණ ඒ අවදියේ කැටපත් පවුර හරහා සිදුවුණ කාර්යභාරය ගැන කිසි කෙනෙක් ඇහැක් ඇරලා බැලූවෙ නැහැ.


යමක් කළේ තරංග ජයසේන ඇතුළු බූන්දියෙ කොල්ලො කෙල්ලො ටික විතරයි. කටක් ඇරලා යමක් කිව්වෙ කේ කේ සමන් කුමාර විතරයි.


(අන්තර්ජාල කවිය පිළිබඳ පර්යේෂණ නිබන්ධයක් කරමින් ඉන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් නම් ළඟදි කතා කරලා විස්තර ටිකක් ඉල්ලා ගත්තා)


කැටපත් පවුර පහළට දාන්න කුහක කම් කළ අය නම් අඩු නැතිව හිටියා.. ගාණක් නැහැ ඒ ගැන.. මට මොකද? ඒ අයගෙ සතුටනෙ..


සමහරවිට වැරැද්ද මගෙම වෙන්න ඇති. යමක් කරබාගෙන කරනවා විනා අණබෙර ගහන්න නොගිය එක මගෙම වරද වෙන්න ඇති. ලංකාවෙ කිසිම පත්තරේක කැටපත් පවුර ගැන එක වාක්‍යයක් වත් නොලියවුනේ ඒ නිසා වෙන්න පුලූවන්. (අර කවුද කිව්වා වගේ මං ගෑල්ලමයෙක් නොවෙච්ච නිසා වෙන්නත් ඇති)


විවිධ පත්තරවල මං අඳුණන අය කොයි තරම් හිටියත් මං කවදාවත් කටක් ඇරලා ඉල්ලලා නැහැ මේ ගැන යමක් ලියපං කියලා.  මං එහෙම ඉල්ලීමක් කළා නම් කවදාවත් ඒක අහක දාන්නෙ නැති බවත් මං දන්නවා..


”කැටපත් පවුරරට අවුරුදු පහක් පිරුණා.. දහයක් පිරුණා... පහළොවක් පිරුණා..” ඒ කිසිම වෙලාවක මට ඒව ලෝකෙට කියන්න අමතක වුණා..


මං ඔන්න ඔහෙ කරබාගෙන යනවා.. අදත් එහෙමයි. හෙටත් මං මට ඇහැක් විදිහට අලූත් කොල්ලෙකුට හරි කෙල්ලෙකුට හරි අතක් දෙනවා.. උන් ආදරෙන් එවන ඊ්මේල් කෑල්ල මට රටක් වටිනවා..


යන දාක මං අරන් යන්නෙ ඒ සුන්දර මතක විතරයි..

7 comments:

  1. මාත් කයි-පදක් ලිව්වා. හොදද බලන්න රාළහාමි.

    තාර බැරල් කපාලා
    ගල් රෝලෙන් තලාලා
    පේලියකට තියාල පොඩි
    යුනිට් එකක් තනාලා
    යුනිට් එකක් තනාලා..

    ReplyDelete
  2. /* කැටපත් පවුර හරහා සිදුවුණ කාර්යභාරය ගැන කිසි කෙනෙක් ඇහැක් ඇරලා බැලූවෙ නැහැ. */

    අජිත්ට ඩීබී කුරුප්පු ආභාෂය තියෙනවා වගේ!

    ReplyDelete
  3. මෙන්න මගේ හැකියාව අනුව, මගේ වපසරියේ මං කැටපත්පවුර ගැන(ත්) ලියපු දෙයක් -

    http://rasikalogy.blogspot.com/2015/03/mirror-mirror-on-wall.html

    ReplyDelete
  4. තව දෙක තුනක් වත් දාන්ටකෝ රසික. නැත්තං මදියි මදියි වගේනේ.

    ReplyDelete
  5. එල එල කුමාර කලුආරච්චි ගෙරි කාඩ හොරිකඩ මරාගෙ අසූචි බුදින පරබල්ලාව නැත්තටම නැතිකරල දාමු. ඕකව දැනටමත් ආසිරි එකෙන් එලෝලා, මූට කොහේවත් රස්සාවක් කරන්න බැරි වෙන විදිහට වැඩේ දීල ඕකට පාරෙත් බැහැල යන්න බැරි තැනට වැඩේ දෙමු. මම මරික්කාර් මන්ත්‍රීතුමාට පුද්ගලිකව කතා කරල ඕකට කොළොන්නාවෙ ඉන්න බැරි තත්වයක් උදා කරන්නම්. ඊට පස්සෙ රටෙත් ඉන්න බැරි තැනට ගේම දෙනවා, අන්තිමට ඔය වල් පරයට රටිනුත් යන්න වෙන බවට මෙන්න කැට.

    හැබැයි එතනිනුත් අපි නවතින්නෙ නැහැ. ඕකට පිටරටකවත් සැනසීමෙන් ඉන්න දෙන්නෙ නැහැ, වල් පාහර බැල්ලිගෙ පුතා, ඕකට ඌකේ/ යුරෝප් යන්න බැරි තැනට අජිත් ධර්මකීර්තියි, චන්දිම විතානච්චියි වගබලාගනී. කැනඩා යන්න හැදුවොත් දොස්තර රුවන් ගානට වැඩේ දෙයි. ඔසී යන්න හැඩුවොත් රසික මූ ගැන බලාගන්නවනේ. වල් පරය හිතුව මදි අපි එක්ක හැප්පෙන්න, බ්ලොග් එකෙන් ආණ්ඩු පෙරලන්න, මුගෙ අම්මට, පර බල්ල.

    ඉයන් බලකාය

    ReplyDelete
  6. රසික මූ ගැන බලාගන්නවනේ.....අපොයි මේ බ්ලොගත් ඉවරයි

    ReplyDelete