Friday, January 13, 2017

ටයි පටිය සහ ජනාධිපති පේ‍්‍රමදාස

බොහෝ දෙනෙකුට අමතකව ගිය චක‍්‍රලේඛයක් පසුගිය දා ජනාධිපති සිරිසේන විසින් අවලංගු කරන ලද බව අසන්නට ලැබුණි. අභාවප‍්‍රාප්ත ජනාධිපති පේ‍්‍රමදාස විසින් පනවන ලද රජයේ සේවයේ නියුතු විධායක ශ්‍රේණි වල නිලධාරීන්ගේ නිල ඇඳුම පිලිබඳව වූ නියෝගයයි ඒ. මේ නියෝගයෙන් කියැවුණේ සියලූම විධායක නිලධාරීන් එක්කෝ ජාතික ඇඳුම නැත්නම් යුරෝපීය ඇඳුම ඇන්ද යුතු බවය.


ජනාධිපති පේ‍්‍රමදාස යනු හරි හෝ වැරදි හෝ තමන්ට සිතෙන දෙය ක‍්‍රි‍්‍රයාත්මක කළ ජනාධිපතිවරයෙකි. අද සිටිනා ජනාධිපතිවරුන් මෙන් මේ තීරණයට අරයා විරුද්ධ වේවිද මෙයා විරුද්ධ වේවිද කියා සිත සිතා සිටීමක් ඔහුට නොවීය. ඔහු සිතුණ දේ ඒ හැටියටම ක‍්‍රියාත්මක කළේ ය. අද මෙන් හැම දේටම පාරට බහින ජනතාවක් එදා නොවීය. ඒ නොසිටියේ ඇයිදැයි සැවොම දනිති. පාරට බැස්සානම් ඒ අය ගැන බලාගන්නට ඇති තරම් හමුදා හා නිල නොවන හමුදා පේ‍්‍රමදාස මහත්තයාගේ පාලනය යටතේදී තිබුණි.


”සිවිල් ඉංනේරුවන් අවශ්‍ය නැත . මේසන් බාස්ලා සිටියාම හොඳටම ඇත” වැනි වැදගත් ප‍්‍රකාශ ද එතුමන් ගේ කටින් කියැවී තිබුණ යුගයකි මේ.


පේ‍්‍රමදාස මහතාගේ පාලනය ඉතා දැඩි එකකි. විශේෂයෙන් ඔහු මහාමාර්ග ඇමතිවරයා ද විය. එනිසා ඒ නියෝග ක‍්‍රියාත්මක කළ යුතුමය. ඔහු කලින් කළ ”අත්වැල් ඇල්ලීම” වැනි ව්‍යාපෘති වලින් අප සෑහෙන තරම් මගහැර සිටියද මේ නියෝගය මග හැරීම නම් ඉතා අපහසු එකක් විය.


මාර්ග සංවර්ධන අධිකාරියේ බහුතරයක් ඉංජිනේරුවන් සාමාන්‍යයෙන් ඇන්දේ කලිසම සහ අත්කොට හෝ අත් දිග හෝ කමිසයකි. එය රාජකාරියට පහසු ඇඳුමක් විය. අප විධායක  නිලධාරීන් යයි කියා සමාජය ඉදිරියේ විශේෂයෙන් කැපී පෙනීමේ අවශ්‍යතාවක් හෝ කැමැත්තක් හෝ අපට නොවීය. එනිසාම පේ‍්‍රමදාස මහතාගේ මේ නියේා්ගය අපට මහත් වධයක් විය. එනිසා හැකි සෑම විටම අප අතින් මේ නියෝගය කඩ විය. ටයි පටියක් බෑගයේ දමා ගෙන යන අපි සෙත්සිරිපාය ප‍්‍රධාන කාර්යාලයට යන විට පමණක් රිය ගාලේ දී ටයි පටිය බැඳගන්නෙමු. ප‍්‍රධාන කාර්යාලයෙන් පිටවූ වහාම එය ගලවා නැවත බෑගයට දමා ගත්තෙමු.


පේ‍්‍රමදාස මහතා අභාවප‍්‍රාප්ත වූ සැණීන් අපේ ටයි පටිද අතුරුදන් වූයේ ඉතා කැමැත්තෙනි.


එහෙත් ටයි පටියට පෙම් බැඳගත් සමහර නිලධාරීන් විශේෂයෙන් ප‍්‍රධාන කාර්යාලයේ ඉංජිනේරු නොවන අංශ වල සමහර නිලධාරීන් දිගටම එය පළඳිනු අපි නිරීක්ෂණය කළෙමු.  තම තමන්ගේ කැමැත්තේ හැටියට ය.


පේ‍්‍රමදාස මහතාගේ මරණයෙන් පසු කාටත් අමතකව ගිය මේ නියෝගය කාට හෝ නැවත සිහිපත්වීමද පුදුමයකි.


15 comments:



  1. ”සිවිල් ඉංනේරුවන් අවශ්‍ය නැත . මේසන් බාස්ලා සිටියාම හොඳටම ඇත”
    එහෙව් ජනාධිපතිවරයෙකුත් හිටියනෙ අප්පා. :D

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ හෙන්රි...

      Delete
  2. මෛත්‍රීපාලට මෙය සිහිපත් වී ඇත්තේ මහ රෑ ටයි කෝට් දා ගෙන පිරිත් පිංකමක සිටි අමාත්‍යාංශ ලේකමෙකු දුටු විට ලු.

    ReplyDelete
    Replies
    1. මහ රෑ ටයි කෝට් දාන එන නම් කමක් නෑ එක අතකින්... මහ දවල් කට්ට අව්වෙ ටයි කෝට් දාගෙන ඉන්නකොට කොහොමද සැප..??

      Delete
  3. මාත් ර ප්‍රේමදාස කාලයේ රාජ්‍ය ආයතනයක මැවිසුරෙකු ලෙස වැඩ කළා. ටයි දැම්මේ නම් නෑ. අත් කොට කමිසය ඇන්ඳේ.

    සමාන තනතුරුවල සිටි වෙනත් සේවාවල පිරිමි ටියුනික් කොලර් සහිත කමිසවලට මාරු වුණා.

    ReplyDelete
    Replies
    1. අපේ ආයතනයේ මේ බලපෑම වැඩියෙන් තිබුණා..

      Delete
    2. Dear Rasika
      Could you give a more common word for "Mavisura" (Just to enhance my knowledge)
      Thanks , Pushpa Kumar

      Delete
    3. මැවිසුරු යන්න google කර බලන්න

      Delete
    4. නොදන්න කෙනෙක් සුලු ප්‍රශ්නයක් ඇහුවම එක වචනයකින් උත්තරදෙන්න පුලුවන්කම තියෙද්දි වටේ යන්නෙ ඇයි රසික

      Delete
    5. සාමාන්‍යයෙන් එසේ නොකරමි. මේ දිනවල නිවසෙන් පිට සිට ෆෝනයෙන් බ්ලොග් කියවන නිසා වැඩි වැඩ කිරීම අපහසුයි. මගේ බ්ලොගයේ ද දින කිහිපයකින් කිසිවක් පළ කිරීමට නොහැකිවිය.

      ජගත් කියන නිසා උත්තරය සොයා දෙමි.

      Delete
    6. Thank you Rasika. I do not have Sinhala fonts in my only computer (which is officially given by the company I work for & don't posses new fancy mobile with internet access facility. BTW I am an old guy in sixtees) & also is not familiar with Sinhala keyboard. Hence I use English and it is not because I worship the language. I guessed that it is originating from meveema. Wanted to get it confirmed. Thanks. Pushpa Kumar

      Delete
    7. නියමයි රසික
      මේ ලිපිය සන්නසට ගමු නේද?

      Delete
  4. ප්‍රේමදාසගේ තවත් කතාවල්:

    1) Budget එක හදන එක taxi driver කෙනෙකුට කරන්න පුලුවන්

    2) ගම් උදාව ප්‍රදර්ශනය බැලුවම විශ්ව විද්යාල උපාධියකට වඩා දැනුමක් ලැබෙනවා

    ReplyDelete