Saturday, July 29, 2017

ඞීබී සහ මම 8 - වේගයෙන් ලියූ ලේඛකයා

ඞීබී ගේ සිතේ තිබූ ලොකුම සිහිනයක් සැබෑ කරන්නට
පෙරමුණ ගත්තෙමි - ඔස්ටේ‍්‍රලියා වාසී ශ‍්‍රී ලාංකික ලේඛකයන්ගේ
සංසදය  බිහි වූ දා ඩීබී ගේ සතුට
ඞීබී සහ මම ලිපි පෙළ නවත්වන්නට සුදුසු කාලය එළැඹ ඇතැයි සිතෙයි. ලියන්නට බොහෝ දේ තිබුණද කියවන අයට ඒවා නිරස විය හැකි බැවිනි.


ඞීබී කුරුප්පු මහතා විවිධ සමාජ කාරණා සාකච්ඡුා කරමින් පුවත්පත් වලට ලියූ ලිපි සංඛ්‍යාව අති විශාල ය. ඒවායින් වැඩිම ප‍්‍රමාණයක් අකුරෙන් අකුර කියැවූ පුද්ගලයා මා විය හැකි ය. හේතුව ඉතාම සරළ ය. ඞීබී ලියන අකුරු කියවාගන්නට හැකියාවක් තිබූ යතුරුලියන්නකු සොයාගන්නට නොහැකි වීම ය. ඔහුගේ අකුරු  ඒ තරම්ම කියවාගන්නට අපහසු ය. එනිසා මුළ සිටම ඞීබී ගේ ලිපිය ටයිප් කිරීමේ වගකීම මටම පවරා ගන්නට මට සිදුවිය. කාලයක් යනවිට සෑහෙන තරම් සාර්ථක මට්ටමකින් ඔහුගේ අත් අකුරු ටයිප් අකුරු බවට පෙරළන්නට මට හැකි විය. ඔහුගේ සමහර වචන මා කියවා ගන්නේ අකුරු වශයෙන් නොව ඒවායේ හැඩය අනුව ය.


අනික් අතින් වසර ගණනාවක් ඞීබී ගේ ලිපි කියවමින් සිටින මට ඔහුගේ ලිවීමේ ශෛලිය පිළිබඳ වැටහීමක්ද ලැබී තිබුණි. ඔහු වාක්‍යයක යොදා ගන්නා ඊළග වචනය අනුමාන කරන්නට මහ මනා හැකියාවක් තිබුණි.

ඔස්ටේ‍්‍රලියා වාසී ශ‍්‍රී ලාංකික ලේඛකයන්ගේ
සංසදය  බිහි වූ දා ඩීබී 
මම සහ වරුණ

ඩීබී ගේ අවසන් ලිපිය
”ජගත් නං කොහොම හරි ගොඩ දා ගන්නවා.. ඒත් අහවල් අහවල් පත්තර වලට මම යවන ලිපි පත්තරේ පළ වුනාට පස්සෙ තියෙන්නෙ මම ලියපු දේ නෙවෙයි.. වෙන මොකක්දෝ අපභ‍්‍රංසයක්” ඔහු කීපවතාවක් මා සමග කියා තිබුනි. එසේ වීම ගැන මා පුදුම වන්නේ නැත.



ඞීබී ඉතා වේගයෙන් ලියන ලේඛකයෙකි. ඒ තරම් වේගයෙන් නොලීවා නම් මේ තරම් පොත්  සංඛ්‍යාවක් මේ තරම් ලිපි සංඛ්‍යාවක් ලියන්නට ඔහුට හැකියාවක් ලැබෙන්නේ නැත.



ඞීබී අතින් ලියවුණ අවසන් ලිපිය මම දැන් ටයිප් කරමින් සිටින්නෙමි. මේ වටිනා අදහස් මේ අත් අකුරෙන් නැවත නොලියවෙන බව දැනෙන විට සිතට ඇති වන්නේ මහත් වූ කණගාටුවකි. ඒ කණගාටුව යටපත් කරගනිමින් මම යාන්ත‍්‍රිකව යතුරු පුවරුව ඔබමින් සිටින්නෙමි.


අවරගිර තරු නැගෙනමුත් තවම
ගුරු තරුව බැස ගිහින් තිර ලෙසම
ගණ අඳුර මැද සිටින සඳ ලොවම
නුඹ නමට මල් පුදමි හැම පැයම



මේ රාත‍්‍රිය නිහඬ එකකි.

5 comments:

  1. මටත් ටිකක් අකුරු ටික කියවන්න පුළුවන්ද කොහෙද

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ ලිපිය කියවගන්න පුලුවන් එකක්.. :)

      Delete
  2. පෲප් කියවීම හෝ/සහ පෲප් පිටපතක් ලේඛකයාට යැවීම කළා නම් ඒ අත් අකරු ප්‍රශ්නයෙන් වෙන අනිසි ප්‍රතිඵල අඩු කර ගන්න තිබුණා!

    ReplyDelete
  3. ඩීබී කුරුප්පු ගේ අනුශාසකත්වයෙන් ජගත්ලා, සාවින්දලා ඇතුළු පිරිස ළඟදී පිහිටුවා ගත් මෙල්බර්න් සිංහල ලේඛක සංසදය ගැනත් ලියන්න.

    සිඩ්නි නුවර ආශ්‍රිතව අපත් ලේඛක සංසදයක් හදාගෙන වැඩ කටයුතු කරගෙන යනවා 2009 නොවැම්බරයේ සිට.

    මට මතකයි 2010 මැයි නමවෙනිදා ජගත් ගේ පොත් එළිදැකීමේ උත්සවයේ දී ඩීබී කිව්වා, සිඩ්නි නුවරට වඩා මෙල්බර්න් අවට සිංහල පිරිස ප්‍රමාණයෙන් ඉතා වැඩි වුණත්, සිංහල ලේඛකයින් වැඩි පිරිසක් ඉන්නේ සිඩ්නි නුවර බව. එය මා මෙහි අපේ පොත් එළිදැක්වීමේ උත්සවවලදී සැම විටම කියන කාරණයක්!

    ;-)

    ReplyDelete
  4. ජගත්, ඩී.බී. ගැන තොරතුරු ටිකක් දැනගන්න කැමතියි. ඔහු රජයේ රැකියාවක් ලෙස දරපු තනතුරු ගැන කියන්න පුළුවන්ද?

    ReplyDelete