සම්මාන ගැන කතාව ආයෙම ඔලූවට ආවෙ නෙලූම්යාය සම්මාන ගැන සයිබරයේ ඇතිවෙච්ච උනන්දුව නිසාමයි. මහන්සි නොබලා සයිබර් බිත්තියේ අදහස් කොටන සිංහල බ්ලොග්කරුවන්ට සම්මාන දීම වැදගත් දෙයක් හැටියට මම සළකනවා. විශේෂයෙන් පුරෝගාමී සිංහල බ්ලොග් රචකයන් වන රසික සූරියආරච්චිත් නාලක ගුණවර්ධනත් සම්මානයෙන් අගැයීම ගැන අපටත් සතුටුයි. පිදිය යුත්තෝ පිදුම් ලැබියයුත්තෝ ය.
ඒ කොහොම වුණත් සම්මානවලට අපේ සිත් තුළ තියෙන මහා ආශාව (කෑදරකම කියන වචනය නොලියා ඉන්න හිතුවා) ආයෙම වතාවක් පෙනුණා මේ සම්මාන ගැන වන කතා බස් වලින්.
කවුරු මොන පොර ටෝක් දුන්නත් හැමෝම වගේ සම්මාන වලට කැමතියි. ඒකනෙ විදේශ ගත වෙලා ඉන්න අපේ සිංහල බ්ලොග් රචකයන් තකහනියෙම ටිකට්ස් බුක් කරගෙන ලංකාවට සැපත්වෙන්නෙ සම්මානය ගන්න. නෑ නෑ... වරදවා වටහාගන්න එපා.. මං මේ ඒ ගමනේ වැරැුද්දක් කියනවා හෙම නෙවෙයි. අතට වැටුණ සම්මානය නොගෙන ඉන්නෙ මොන එකකටද?
සම්මාන ගැන මගේ අත්දැකීම අප‍්‍රසන්නයි. 2010 අවුරුද්දෙ ගොඩගේ සම්මාන උළෙලේදි මගේ ”රාජාලි පියාපත” කවිපොත අවසන් පොත් පහ අතරට තේරෙනවා. ඒක හිතට සතුටක් ගෙනාවා. කවුරු හරි අපි ලියන දේ ගැන අවධානයක් යොමු කර තියෙනවා කියන කාරණය නිසා. ඒත් අන්තිමේ වුණේ පොළොව පළාගෙන ගිහින් හැංගෙන්ඩ තරම් ලජ්ජාවක් ඇති කළ දෙයක්. අවසාන විනිශ්චයෙදි එක කවි පොතකටවත් සම්මාන නැහැ. ”මේ කිසිදු කවි පොතක් සම්මානයට සුදුසු නැත” ඒක තමයි විනිශ්චය. සම්මානටය සුදුසු නැති කවි පොත් පහක් අන්තිම වටයට තෝරාගත්තෙ මොන රෙද්දටද එහෙනම්. සම්මාන පිළිබඳ මගේ හිතේ තිබුණ ආසාව - තෘෂ්ණාව - එදා මම අයින් කරගත්තා. සම්මානයක් ලැබුණොත් බෝනස් - නොලැබුණත් කමක් නැහැ කියන තැනට මං ආවා. එහෙම ඉන්න එක ලේසියි.
එයින් පස්සේ මගේ ”පිනි” නවකතාව දයාවංශ ජයකොඩි වාර්ශික නවකතා තරගයෙදි හොඳම නවකතාව කියලා තෝරාගෙන තිබුණා. උන්හිටි ගමන් ලංකාවට යන්න මගේ අතේ සල්ලියක් නැහැ. ට‍්‍රැවල් ඒජන්සියක් කරන හිතවතෙක් ටිකට් එකක් දුන්නා ”ගිහින් වරෙන්” කියලා. මං ගියා.
”මං පොතක් ලියාගෙන යනවා විජේවර්ධන සම්මානෙට තියන්න හිතාගෙන” අභාවප‍්‍රාප්ත වියත් සුප‍්‍රකට දැවැන්ත පෞරුෂයක් තිබුණ කලාකරුවකු වරක් මා සමග කිව්වා. ඔහුට විජේවර්ධන සම්මානය ලැබෙන බවට ලොකු විශ්වාසයක් ඔහුගෙ හිතේ තිබුණා. ඒත් ලැබුණෙ නැහැ. ඒ කතාවම මගේ හද බැඳ ගත්ත - මගේ හිතවතකු වන අතිදක්ෂ තරුණ (?) ලේඛකයකුත් කිව්වා. ඔහුගේ පොත පිළිබඳ ලොකු කතා බහක් සමාජයේ ගියත් සම්මානය ලැබුණෙ නැහැ. සම්මාන දිහා බලාගෙන පොත් ලියන එක ගැන මගේ හිතේ තියෙන්නෙ විසාල අපැහැදීමක්. එහෙම ලියන්නෙ කොහොමද කියලා මං දන්නෙ නැහැ. ප‍්‍රවීණයන් වියතුන් අති දක්ෂයන් සම්මාන ගැන මේ තරම් ලොල් වෙන්න ඕනෙ නැහැ කියන එකයි මගේ අදහස. මං අර කලින් කිව්වා වගේ ලැබුණොත් බෝනස්- නැත්නම් ඒත් කමක් නැහැ කියලා හිටියා නම් හොඳයි කියලයි මට හිතෙන්නෙ.
සම්මානයක් ගන්න බලාගෙන ලිවීමේ ඇති වරද කුමක්ද?
ReplyDeleteසම්මාන හිමිවී තියෙන්නේ හැම විටම වාගේ අනගි නවකතාවලයි. (ඒ වසරේ ඊට වඩා තරමක් හොඳ පොතක් තිබුණාය කියන එක වෙනම කතාවක්!).
හැම පොතක්ම ලියන්නේ සම්මානයක් ගන්න හිතාගෙන කියන්නේ ලියවෙන හැම පොතකම තත්වය ඉහළ යනවා කියන එකයි.
ඒක හරියට සාමාන්‍ය පෙළට D-8 ක් ගන්න හිතාගෙන පාඩම් වැඩ කරනවා වාගේ. අපේ කාලේ සහ දැන් කාලේ D-8 සාමාර්ථ කොච්චර වැඩි වෙලා ද හිතා බලන්න.
ඒකට හේතුව විභාග ලේසි වීමක් නම් නොවෙයි!
මං උසස් පෙළ විභාගයට වැඩ කළේ මේසේ උඩ කාඩ්බෝඩ් එකක ලොකු A අකුරක් ඇඳගෙන, A-4ක් ගන්නවා කියා අධිෂ්ඨාන කරගෙනයි.
ලොකුවට හිතුවාම තරමක හෝ සාර්ථකත්වයක් ලබන්න පුළුවනි!
සම්මාන ගන්න බලාගෙන ලියනව නං ඌ කලාකාරයෙක් නොවෙයි. මුදලාලි කෙනෙක්. ඊට හොඳයි පේව්මන්ට් එකේ කරෝල විකුණනවා. හොඳ ලියවිල්ලකට සම්මාන ලැබීමයි විය යුත්තෙ.
Deleteඒත් ගොඩක් වෙලාවට නොවෙන්නෙත් ඒකම තමයි.
සම්මාන කියන්නෙ කෙමනක්. අහුවෙන්න එපා..
දුනොත් අරං මාර්කට් කර ගන්න. එළුවගෙ බිජ්ජ වැටෙන කල් වගේ ඕව පස්සෙ යන්න ගියොත් ලියන වැඩේ කරගන්න ලැබෙන්නෙ නැහැ.
සම්මාන සම්බන්දව මට තියෙන්නේ වෙනස් අදහසක්. විශේෂයෙන් බ්ලොග් වැනි අති ස්වාධීන මාධ්‍යක සම්මාන දීම පිලිබඳව. මගේ අදහස මෙතනට අදාල නැහැ.Aru.
ReplyDeleteපොතකට සම්මානයක් ලැබෙනවා කියන්නෙ ඒ පොතේ අලවියට හොඳයි.(දිරිමත් කිරීමක් වෙනවාට අමතරව.)ඇත්තටම ඇස් පියාගෙන පොත් ටික විකුණගන්න පුළුවන් කාටවත් නාහෙන් අඬන්නැතුව.මොකද 'සම්මානලාභී' පොත් අරගෙන තමුන් ඒව කියවනවා කියල කියන්න කැමති අය ඇඩිපුර ඉන්න නිසා.මේ වෙළෙඳ අරමුණ නිසාම සම්මාන උළෙලවල් නොමඟ යනවදෝ කියා හිතෙන වෙලාවලුත් නැත්තෙ නෑ.
ReplyDeleteජයවේවා..!!
මෙතනට එන්න පෙළඹුනේ රසිකගේ ලිපිය නිසා ඔබේ ලේඛන හැකියාව බ්ලොග් අතරට පැමිණීම සතුටක්. ජයවේවා!
ReplyDeleteසම්මාන පොරේ කියන්නෙ ලේඛකයෙක් විනාශමුඛයට ඇදල දාන කෙමනක්.
ReplyDeleteසම්මාන දෙන හැටිත්, උදුර ගන්න හැටිත්, කල්ලිවාදයත්, පොල්මහ්කාර උරුමක්කාරයන්ගෙ වැඩත් දැක්කම සාහිත්‍ය, සිනමා සම්මාන ගැන කළකිරෙනවා.
පොත් පහළොවක් විතර ලියල තියෙන මම නං සම්මාන සෙප්පඩවිජ්ජා ගැන තැකීමක් කරන්නෙ නෑ. දුන්නොත් ගන්නවා.
හැබැයි ලී කොට, ලෝහ කෑලි නං එපා. සල්ලි දුන්නොත් ගන්නවා. අරං සම්මානෙ මාර්කට් කරල පොත විකුණ ගන්නවා.
මොකද අපේ පාඨකයො මොන මළජරාවකට වුණත් කමක් නෑ, සම්මාන දුන්නොත් පොත ගන්නවා. අරං පස්සෙ අමම් මෝ නැතිව බනිනවා.
බ්ලොග් සම්මාන නං තවම කුරුවල් වෙලා ගඳ ගහන්නෙ නැ. කලිවාද නෑ වගේ. ඒත් ඕකටත් විනේ කැටෙන්න ඉඩ තියෙනවා අපි අවදියෙන් නොවුන්නොත්..සම්මාන පොරේ සහ සම්මාන උණ ඒ තරම්ම භයානකයි.