ජීවත්ව හිටිය කාලෙදි අපට ජෝතිපාල පෙන්නන්න බැහැ. අපේ තරුණ කාලෙ අපේ ඔලූ වලට දාලා තිබුණෙ ඔහු ප‍්‍රබුද්ධ ගායකයෙක් නොවේ ඒ නිසා ඔහු දෙස ඇස ඇර නොබැලිය යුතුය කියන අදහස. ඒ නිසා ගායකයකු ලෙස ඔහු දැක්වූ ප‍්‍රතිභාව දෙස අපි බලා හිටියෙ අන්ධ වෙච්ච ඇස් වලින්. ජෝති ජීවත්ව හිටිය කාලෙ ඔහු රස වින්දනය කරන්න අපට බැරි වීම ගැන මගේ හිතේ තියෙන්නෙ විශාල දුකක්. මිය ගිහින් අවුරුදු 30ක් ගතවෙලත් අදත් ජෝතිපාල ජනප‍්‍රියයි.
ඒ වගේම තමයි විජය. තුෂාරා චිත‍්‍රපටයෙ විජය රඟපාන කාලෙ විජය හැඳින්නුවෙ සෙවල නලූවෙක් කියලයි. ඉතින් ප‍්‍රබුද්ධයින් එහෙම කියනකොට කොලූ ගැටයන් වෙලා හිටිය අපි ඒව ඉස්මුදුණින් පිළිඅරගන්නවා. අපටත් විජය පෙන්නන්න බැහැ. අපිත් ගිරව් වගේ අරවම කියවනවා. මොනයම් හේතුවක් නිසා හෝ විජය වමට බර දේශපාලනයට හැරුණ නිසා අර ”සෙවළ” කෑල්ල විජයගෙන් ගලවලා දාන්න අපේ ප‍්‍රබුද්ධයින් කටයුතු කළාය කියලයි මට දැන් ආපහු හැරිලා බලනොට පේන්නෙ. විජයගේ අන්තිම කාලෙ වෙනකොට ඔහුට රටේ විශාල ප‍්‍රතිරූපයක් ගොඩනැගෙන්නෙ ඔහුගෙ දේශපාලන ක‍්‍රියාවලිය නිසායි. (අපි හිතන ආකාරයේ මොකක් හෝ වරදක් තියෙනවාය කියන කාරණය තරුණ කාලෙ මගේ හිතට වැදුණෙ විජය නිසයි. ඒ ඔහු රඟ පෑ එක්තරා චිත‍්‍රපටයක් නැරඹුවයින් පස්සෙ. ඒ කතාව පසුව)
ඞීමන් ආනන්ද
එච් ආර් ජෝතිපාල
විජය කුමාරණතුංග
ගාමිණී ෆොන්සේකා
කරුණාසේන ජයලත්
කුමාර කරුනාරත්න
මේ ලැයිස්තුව බොහොම දිගයි. මේ හැමෝටම වගේ ජීවත්ව සිටිය කාලෙද එක් එක් යුග වලදි ඒ අයට ලැබිය යුතුව තිබුණ පිළිගැනීම නොලැබුණ අය. ඒ අය යෙදී හිටිය දේශපාලනය ආදී කරුණු කාරණා නිසා හෝ වෙනත් හේතු කාරණා නිසා හෝ ඒ යුග වලදි මේ කලාකරුවන් ගැරහීමට ලක් කළා මිසක් අගය කරන්නට පෙළඹුන ප‍්‍රබුද්ධයන් විදග්ධයන් හිටියෙ නැති තරම්.
පැවතිය යුත්තේ විදග්ධ කලාව පමණකැයි කියන මුළාව තරුණ කාලෙ අපේ හිත් වල තැන්පත් කළ පණ්ඩිතයන් ඒ කළේ කොයි තරම් අනුවණ කාර්යයක්ද කියලා මට හිතෙන්නෙ මේ වයසට ආවට පස්සෙ. විවිධ අය විසින් මතුරණු ලැබීමෙන් පසුව කට පාඩම් කරගත් කොයියෝ, මාකේස් ආදි නම් වැලක් ගිරවුන් ලෙසින් මුමුණන, ලෝකයේ තියෙන හොඳම පොත ”ගුරු ගීතය” යයි සිතන, අපේ තරුණයින් ගැන මට ඇත්තෙ කණගාටුවක්. ඔවුන් හිතා ඉන්නෙ බටහිර පොත් සාප්පුවල රාක්ක පිරී තිබෙන්නෙ මේ පොත් වලින්ය කියලයි. විශාල ලෙස පොත පත කියවන තරුණ තරුණියන් ඉන්න ඔස්ටේ‍්‍රලියාව වගේ රටක මේ වගේ වර්ග කිරීමක් ඇහෙන්නෙවත් නැහැ. ඕස්ටේ‍්‍රලියාව වැනි රටක පොත පත කියවන තරුණ තරුණියන්ගේ රසඥතාව පහළ මට්ටමක ඇති බවක් මෙයින් කියැවෙනවාද?
මහත්වරුණි. අපි කැමති වුණත් නැති වුණත් ඔබේ වර්ග කිරීම් අනුව උසස් යයි පහත් යයි සැළකෙන සියලූම මට්ටම් වල කලාංග මේ ලෝකයේ පවතිනවා. ඉදිරියටත් පවතින බව සහතිකයි. ඒ සියල්ල ලෝක වාසීන් රස විඳින බවත් සත්තයි.
විජය ඒ කාලේ ජනප්‍රියම නළුවා.
ReplyDeleteජෝතිපාල ඒ කාලේ ජනප්‍රියම ගායකයා.
ඒ අය "හොඳම" කියන කැටගරියට වැටුනේ නෑ.
ඒ තත්වයේ හිටියේ අමරදේව, ගාමිණී සහ ජෝ වගේ අය.
විජයත් කියලා තිබුණේ තමන්ගේ එකම බලාපොරොත්තුව හොඳම නළුවා වීමටයි කියායි. ඔහුට ඒ සම්මානය කැඩපතක සේයා සඳහා ලැබුණා (මරණයෙන් පසු) කියායි මගේ මතකය.
ඕස්ටේර්ලියාව ගැන ඔබ කියන කතාව නිවැරදි නෑ.
උදාහරණයකට මෙහේ ලෝගීස් සම්මාන ගන්න. සඟරාවේ කූපන් ඡන්දයෙන් තෝරන ජනප්‍රියම නළු නිළියන්ට අමතරව, "හොඳම" සම්මාන කැටගරිත් තියෙනවා නේද?
සඟරා සහ පත්තරත් එෙෑමයද. සෙලිබ්‍රිටි ගොසිප් තියෙන තුට්ටු දෙකේ සඟරා මෙන්ම විද්වත් කතිකා කෙරෙන සඟරාත් තියෙනවා.
පත්තරත් එෙෑමයි. හෙරල්ඩ් සන් සහ ඒජ් (මෙල්බර්න්වල) කියවන පිරිස වෙනස් නේද? මෙහේ ඩේලි ටෙලිග්‍රාෆ් සහ සිඩ්නි මෝනින් හෙරල්ඩ් අතරත් ඇත්තේ ඒ වෙනසමයි.
නමුත් සේරටම වඩා හොඳ පුවත්පත ලෙස සැළකෙන්නේ ගාඩියන් එකයි. ඒක තියෙන්නේ ඔන්-ලයින් විතරයි.
තවත් උදාහරණ දිය හැකියි!
මට මතක් වුනේ විජය වුනත් වැඩියම ජනප්‍රිය වුනේ ඔහුගේ මරණින් පස්සේ නේද? රසික කිව්වත් වගේ ඔහු හොඳම නළුවා නොවුනත් ජනප්‍රිය වුනා. මම හිතන්නේ ඒකෙදිත් වැඩිපුර බලපෑවේ ඔහුගේ රූමත්කම.
ReplyDeleteජෝතිපාල බොහෝ ජනප්‍රියයි අපේ කාලේ වෙනකොට. ඒත් ඔහුගේ සානරය බොහෝ අයගේ හොඳම සංගීතය නෙමෙයි. ඒකට බලපෑවේ රාසාත්මකතාවය නෙමෙයිද? කොටින්ම එහෙම ජෙනරලයිස් නොකරන මට වුනත් අදටත් ඔහු මගේ ලිස්ට් එකේ ඉහල තැනක නෑ. එතන අමරදේවත් නෑ හැබැයි. මම හිතන්නේ මේ දේවල් පුද්ගලයාගෙන් පුද්ගලයාට සම්බන්ද දේවල්.
ඩීමන් ආනන්දගේ පොත් අදටත් කියවලා නෑ. මේ වගේ දේවල් කාලෙන් කාලෙට පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන දේවල්. සමහරවිට ගාසියා මාකස්, කොයෙල්හෝ, අලෙන්දේ හා එකී නොකී අයත් එහෙමයි කියලයි මට හිතෙන්නේ.
හින්දි කොපි ගීත ගයනතුරු ජෝතිපාල සින්දුකාරයෙක් විතරයි. හොඳ ගීත රචකයකුගේ පදමාලාවක්, හොඳ සන්ගීත අධ්‍යක්ෂවරයකුගේ උපදෙස් යටතේ (ජෝතිපාල සංගීතය ඉගෙනගෙන නැහැ) ගායනා කලාම, ජෝතිපාල ගායකයකු වුනා. උදාහරණ:- අමරදේවගේ සංගීත අධ්‍යක්ෂණය යටතේ ගායනා කල, කන්දෙන් කන්දට ලන්දෙන් ලන්දට, සරත් දසනායකගේ සංගීත අධ්‍යක්ෂණය යටතේ ගායනා කල චිත්‍රපටි පසුබිම් ගීත. ගලගෙදර එම්. එම්. හක් ගේ තනුවලට ගායනා කල චිත්‍රපටි පසුබිම් ගීත.
ReplyDeleteවිජය කුමාරතුංග, ධර්මසේන පතිරාජ වැනි අධ්‍යක්ෂ වරයකුගේ අධීක්ෂණය සහ පාලනය යටතේ කල රඟපෑම් හොඳයි. නැත්නම් ඔහු සින්දු කියමින් මල් පඳුරු වටේ දුවන සාම්ප්‍රදායික සිනමා පෙම්වතෙකු පමණයි.
ගාමිණී ෆොන්සේකා සිනමා කලාව/කර්මාන්තය ප්‍රයෝගිකව හැදෑරීමෙන් (ඔහු විදේශීය චිත්‍රපටි අද්‍යක්ෂ වරුන්ගෙන් සෑහෙන ආභාෂයක් ගත්තා, කියවීම සහ අධ්‍යයනය තුලින් දැනුම ඔපවත් කරගත්තා) දක්ෂයකු බවට පත්වුනා. විජය තුල දක්ෂතා ඕනෙතරම් තිබුනත් ගාමිණීට තරම් අවස්ථා ලැබුනේ නැහැ. පරසතුමල්, නිධානය, හුලවාලි, වැනි චිත්‍රපටිවල චරිත තුලින් ගාමිණී මහා නළුවකු බවට පත්වුනා. විජය ඒ අතින් අවාසනාවන්ත වුනා. අවාසනාවන්ත කළා වාණිජ චිත්‍රපටි අධ්‍යක්ෂ වරු, ඔහුව ජනප්‍රිය චරිත වලට කොටු කිරීමෙන්.
ඩීමන් ආනන්ද මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් හුදු කුතුහලය ඉලක්ක කරගෙන ලිව්වා, සිංහලෙන් ත්‍රාසජනක කථා කියවා නැති පාඨකයන්ට ඔහුගේ පොත් රස ආහාරයක් වුනා. ඔහු එයට මාරක කථා යනුවෙන් අලුත් නමකුත් දුන්නා. ඒ කථා ජනප්‍රිය කියවීම් රටාවක් ඇතිකළා. නමුත් දීර්ඝ කාලීනව එවැනි ක්‍රමය පවතින්නේ නැහැ.
කරුණාසේන ජයලත්, නව යෞවන හදවත් හඳුනාගෙන/ඉලක්ක කරගෙන, ප්‍රේමයේ ඇති එක් රසයක් වන බොළඳ රසය ඉස්මතු කරමින්, සහ මනෝ වින්දනය පාදක කරගනිමින්, ලිව්වා. ඒ රටාව කොපි කරන්නට උත්සාහ කල වෙනත් අය සාර්ථක වුනේ නැහැ.
පිලිගැනීම කියන්නේ මොකක්ද... ඒකත් සාපේක්ෂ දෙයක්..
ReplyDeleteඔය මිනිස්සු ඔක්කෝම ජීවත් වෙන කාලෙත් මිනිස්සුන්ගේ හදවත් වල ජීවත් උනා... අධිපති මානසිකත්වයක් සහිත මෝඩයන්ගේ ටීම් වල මෙම්බර්ස්ලා කියලා හිතාගෙන උන්න අයට ඒ මිනිස්සුන්ගේ අගේ තේරුනේ නැතිවට.. සෑම ක්ෂේස්ත්‍රයකම අරක් ගෙන උන්නා ගෙවලයෝ වගේ අයිතිකාරයෝ සෙට් එකක්.. දැන් කොතනවත එහෙම උන් නෑ.. ඒ කියන්නේ අධිපතිවාදියෝ.. අයිතිකාරයෝ නෑ... ඒ නිසා අරවගේ මානාසිකත්ව වල ජීවත් උන අයට නම් අවුලක් ඇති..
This comment has been removed by the author.
ReplyDeleteප්බුද්ද අය ජනප්‍රිය නොවන විට ජනප්‍රිය වූ ප්බුද්ද නොවූ අය පහත හෙලා කතා කිරීම අපේ රටේ සුලබ දෙයක්.
ReplyDeleteරසවින්දනය කියන්නෙත් සාපේක්ෂ දෙයක්නේ.මම කැමති දේකට තවත් කෙනෙක් අකැමතියි වගේම ඔහු/ඇය කැමති දේ මගේ කැමැත්ත වෙන්නත්,නොවෙන්නත් පුළුවන්ඔය වර්ග කිරීම් කරන්නෙත් අපිමනේ.
ReplyDelete//////පැවතිය යුත්තේ විදග්ධ කලාව පමණකැයි කියන මුළාව තරුණ කාලෙ අපේ හිත් වල තැන්පත් කළ පණ්ඩිතයන් ඒ කළේ කොයි තරම් අනුවණ කාර්යයක්ද කියලා මට හිතෙන්නෙ මේ වයසට ආවට පස්සෙ/////////////
ReplyDeleteඔය කෝවට වැටිච්ච අපි වගේ අය තව ගොඩාක් ඉන්නවා. ඒ කාලේ වෙච්ච ලොකු හානියක්.
ඔය ප්‍රබුද්ධ, පීචං ගොඩවල් ගහගෙන අපිත් ඒ කාලෙ කලාවේ බෙදීම් වෙනුවෙන් පෙනී හිටිනවා.
ReplyDeleteවැඩේ කියන්නෙ අපි ඒක තේරුම් අරන් බොහොම කල්. ඒත් සමහරු අලුත් පරම්පරාවල කලාකාරයන්ව තවම එහෙමම හංවඩුගහනවා.