නාලක ගුණවර්ධන ඞීමන් ආනන්ද ගැන ලියූ ලිපිය නැවත කියෙව්වා මේ ලියවිල්ල හරහා නාලක මතුකරන්නෙ මාත් එකඟ වන අදහස්. ඒ නිසා ඒ ගැන මගේ මතකය අවදි කරන්න හිතුවා.
බොහෝ විට අද පරපුරේ අය නොදැන සිටියත් 70 දශකයෙදි හෝ 80 දශකය මුළ හරියෙ පාසල් අධ්‍යාපනය ලබපු අපේ පරපුරේ අයට ඞීමන් ආනන්ද පිළිබඳ අමුතුවෙන් මතක් කරන්න දෙයක් නැහැ කියල හිතනවා.
මං ඞීමන් ආනන්දගෙ පොත් කියවන්න ගත්තෙ හයේ පන්තියෙ ඉන්නකාලෙ කියලා හොඳටම මතකයි. ඒ කාලෙ මට හිටියා චන්ද්‍රසිරි කියලා යාලූවෙක්. ඉස්කෝලෙ ඇරිලා තලපත්පිටියෙ ඉඳන් මිරිහානට පයින් එන අතරේ ඞීමන් ආනන්දගෙ පොත් වල තියෙන කතා මට කියන්න චන්ද්‍රසිරි පුරුදුවෙලා හිටියා. ඉන්පස්සෙ ඔහු මට වරින් වර ඞීමන් ආනන්දගෙ පොතුත් ගෙනත් දුන්නා. ඒත් මං ඞීමන් ආනන්දගෙ පොත් වැඩියෙන්ම කියෙව්වෙ අපේ පුංචි ආච්චිගෙ ට‍්‍රන්ක පෙට්ටියෙන්. ඒ කතාව රසවත්.
අපේ අම්මගෙ අම්මට - අපේ ආච්චිට - බාල සහෝදරියන් දෙන්නයි. එක් බාල සහෝදරියක් දේශපානඥයන් වන නන්දිසේන කුරේ සහ සිරිසේන කුරේ මාමලාගේ අම්මා. අනෙක් බාල සහෝදරිය ජීවත්වුණේ ඇඹුල්දෙණියෙ හන්දියෙම තිබුණ ඇගේ දුවගෙ ගෙදර. මේ කියන පුංචි ආච්චි කතන්දර කියන්න අති දක්ෂයා. අපේ ආච්චිත් කතන්දර කිව්වා. උන්දැ කිව්වෙ රජ කතා රාක්ෂයන්ගෙ කුමාරවරුන්ගෙ කතා. ඒත් පුංචි ආච්චි කිව්වෙ නූතන කතා. ගාමිණී මාලිනීගෙ පික්චර් කතා. ඞීමන් ආනන්දගෙ කතන්දර පොත්වල කතා. (ඒ විදිහට රසවත් ලෙස කතා කියන්න පුලූවන් ආච්චිලා අනේ දැන් කෝ..?)
මේ පුංචි ආච්චි ළඟ විශාල ලෝහ ට‍්‍රන්ක් පෙට්ටියක් පුරවලා නවකතා තිබුණා. හැබැයි ඒ පොත් කාටවත් අල්ලන්නවත් තහනම්. පොත් පෙට්ටියේ අනෙකුත් නවකතා එක්කම ඞීමන් ආනන්දගෙ නවකතා මං හිතන්නෙ දෙතුන් සීයක්වත් තිබුණා.
පුංදි ආච්චිට තේ සාදා දීම සහ බුලත් කොටා දීම වැනි ආවතේව කර කොහොම හරි එක නවකතාවක් ඉල්ලා ගන්නට මට පුලූවන් වුණා. මං ඒක කියවලා ඒකට පිටකවරයක් එහෙම දාලා නවකතාවෙ දර්ශනයක් එහෙම කවරයේ ඇඳලා පුංචි ආච්ච්ට ගිහින් දුන්නා. උන්දැට හරිම සතුටුයි. එදා ඉඳලා මට ඇගෙන් පොත් ඉල්ලා ගන්න එක ඒ හැටි අමාරු වුණේ නැහැ. ඒත් එක වතාවකට එක පොතයි.
ඔය අතරේ මොක්දෝ හේතුවක් නිසා පුංචි ආච්චි අපේ මිරිහානෙ ගෙදර ඇනෙක්ස් එකට පදිංචියට එනවා. අපි පුංචි ආච්චි නැතිවෙලාවට ඇනෙක්ස් එකට හොරන් රිංගලා ඇගේ ට‍්‍රන්ක් පෙට්ටියෙන් පොත් ගෙනත් කියවන්න පුරුදු වෙලා හිටියා.
ඒ බොහොමයක් පොත් වල පිටු තිබුනෙ 72 යි. පොතක් ශත 75 යි. ලොකු පොතුත් තිබුණා.
ඞීමන් ආනන්දගෙ පොත් කියවීම බාලයන්ට නුසුදුසු දෙයකැයි කියන මතයක් සමාජයේ තිබීම නිසා අපි මේවා කියෙව්වෙ වැඩිහිටියන්ට හොරෙන්. නාලක කියනවා වගේ මේ පොත් වල ලිංගිකත්වයට බර දේ තිබ්බෙ නැහැ. ඉඳහිට තැනක වැඩිම උණෙත් සිප ගැනීමක් වගේ දෙයක් තියෙන්න ඇති. ඔහුගෙ ”ඩොක්ටර් ඉසෙඞ්” නවකතාවෙ ලිංගිකත්වය පිළිබඳ ශේෂයක් තිබුණා. අද දවසේ නවකතාවල අපි කියවන ඇඟ හිරිවැටෙන ලිංගික ජවනිකා එක්ක බලනකොට ඒව මොනාද?
ඞීමන්ගෙ කතා වල ඔහු නිර්මාණය කරපු ප‍්‍රධාන චරිත දෙකක් තිබුණා. එකක් බටහිර ජේම්ස් බොන්ඞ් නමින් හදාගත්ත ජේමිස් බණ්ඩා නම් රහස් පරීක්ෂකයා. දෙවැන්න ඔහුම නිර්මාණය කළ රහස් පරීක්ෂකයා. ඩිකී වීරකෝන්. සමහර පොත්වල පිට කවරයෙ ඩිකී වීරකෝන් වෙනුවෙන් පෙනී හිටියෙ යුරෝපීය ඇඳුමින් සැරසුණ ඞීමන් ම තමයි.
ඉතින් ඞීමන් ආනන්දගෙ කතා කියවමින් හිටිය මම හතේ පන්තියෙදි නවකතාවක් ලියනවා. පිටු අසූවෙ එක්සයිස් පොතක මාරක කතාවක්. මං හිතන්නෙ ඒ මං ලිව්ව පළමු හෝ දෙවන නවකතාව.
අපි පුංචි කාලෙ ඞීමන් ආනන්දගෙ පොත් කියවලා එතනින් නැවතුණේ නැහැ. අතට අහුවෙන හැම පොතක්ම කියවමින් ඉස්සරහටම ගියා. එහෙම යන්න ඞීමන් ආනන්ද කළ පෙළඹවීම අමතක කරන්න බැහැ. මං මේ බව වතාවක් ඞීමන් ආන්නද මහ්තතයට කිව්වා.
මෙයට අවුරුදු දහයකට විතර කලින් දවසක මං දයාවංශ ජයකොඩි මහත්තයා එකක් කතා කරමින් ඉන්න වෙලාවක එතැනට ආවා තවත් ලේඛකයෙක්. කරුණාරත්න ඞී ෆිලිප්. ඔහුගෙ ඉල්ලීම පරිදි මං ඔහුත් සමග මරදානෙ ඔහුගෙ පත්තර කාර්යාලයට ගියා. ඔහුගෙ සඟරාවක් සඳහා සම්මුඛ සාකච්චාවකට. අපි කතා කරමින් ඉන්දැද්දි කොහොමින් හරි ඞීමන් ආනන්ද ගැන කතාවට ආවා. ඒ වෙලාවෙන ෆිලිප් මහත්තයා දුරකතන ඇමතුමක් ගත්තා ඞීමන් ආනන්දට. ඞීමන් ඒ වනකොටත් හිටියෙ අසනීපයෙන්. ඒත් ඔහු මා සමග කතා කළේ හරිම සතුටකින්.
”මගේ පොත් කියවපු ආචාර්ය මහාචාර්යවරු මට පිටරට ඉඳන් කතා කරලා තියෙනවා. ඒ ගැන මට හරිම සතුටුයි. කවුරු මොනා කීවත් මං මොකක් හරි සේවයක් කරලා තියෙනවා කියලා පිළිගන්න අය ඉන්න එක මට සතුටක්” ඔහු කිව්වා.
අපේ සන්නස පත්තරයට ඉන්ටවිව් එකක් දෙන්න ඞීමන් ආනන්ද මහත්තයා ඉතාමත් කැමැත්තෙන් එකඟ වුණා. ඒත් ඒ ඉන්ටවිව් එක කරගන්න කලින් ඔහු අප හැර ගියා.
ඞීමන් ආනන්ද මහත්තයා මහා සම්භාව්‍ය සාහිත්‍යයක් ගොඩ නැගුවෙ නැහැ. ඒත් ඔහු පොත් කියවන මිනිස්සු බිහි කළා. ඒ පොත් කියවන මිනිස්සු තවත් ඉස්සරහට යමින් සම්භාව්‍ය සාහිත්‍යය ඇසුරු කළා. මහා ගංගාවක් වුණාට පස්සෙ පුංචි උල්පත් අමතක කරන්න නරකයි.
මේ කතාව මෙතනින් නවත්තන්න බැහැ. නාලකගෙ ලිපිය හරහා මතුවන තවත් කතාවක් තියෙනවා. ඒක පසුව ලියමු.
බ්ලොග් එකට බ්ලොගර් ෆලෝවරය දාන්න
ReplyDeleteමට මතක විදිහට මමත් 9 වසරෙදි විතර ඩ්‍රැකියුලා වර්ගයේ කතාවක් ලිව්වා...... ඒක ලිව්වෙත් පිටු අසූවේ පොතක.... හොයන්න ඕන පරණ පොත් අතර. සමහර විට තියේවි.......
ReplyDeleteDear Sir,
ReplyDeleteThis for your kind information and correction Sir...!!!
ඉඳහිට නැතක වැඩිම උණෙත් සිප ගැනීමක් වගේ දෙයක් තියෙන්න ඇති. ඔහුගෙ ”ඩොක්ටර් ඉසෙඞ්”
"තැනක"
ඩීමන්ට අභියෝගයක් වෙන ආකාරයේ ලේඛකයෙක් එදා තව හිටියා නම් ඩීමන් පසුකාලයේ ලියු පොත් එයිටත් වඩා රසවත් වෙන්න තිබුනා.Aru.
ReplyDeleteකිහිප දෙනෙකුට පමනක් මතක්වෙන ඩීමන් ආනන්දයන් ගැන සුනිල් මිහිඳුකුල විසින් ලියු ලිපියක්.
කිසිම අනුස්මරණයක් නැති ‘පෙට්ටි කඩ’ ලේඛකයා
Settings වලින් Comment moderation අයින් කරල දාන්න... ඒකෙන් කමෙන්ට් කරන එක වගේම කමෙන්ට් කියවන එකත් ලේසි වෙනව...
ReplyDeleteබ්ලොග් 300 කට වඩා වැඩි ගානක් ෆලෝ කරන රීඩර්ලට ලින්ක් එකෙන් ඇඩ් කරන්න බෑ.. ( මං වගේ .. හි හි) ඒක හින්ද Settings - Add a gadget - more gadget වල Friend follower කියන ගැජට් එක ඇඩ් කරන්න.. නැත්තං හෙන්රිගෙ බ්ලොග වගේ ඊ මේල් වලින් ෆලෝ කරන පෝස්ට් වැඩිහරියක් මඟඇරෙනව...
ඒ කාලේ හොරෙන් හොරෙන් කියෝපු පොත් පත්තර අස්සෙ ඩීමන් ආනන්ද මඟ ඇරුනා කියන්නෙ වෙන්න බැරි දෙයක්... ඒත් මට හම්බුවෙලා තියෙන්නෙ කීපයක් විතරයි.... 1980 අන්තිම කාලෙ තව ගොඩක් හොඳ පරිවර්තකයො හිටියා.. අකුරු ගැට ගගහා දැදිගම වී රොද්‍රිගෝ පරිවර්තනය කරපු රුසියන් නවකතා කියෙව්වෙ... හි හි...
ජේ ජේ ලොකු අයියව බ්ලොග් අස්සෙත් දැකීම ලොකු සතුටක්..
ReplyDeleteසුජීව ප්‍රසන්න ආරච්චිලා ගැනත් දවසක මෙහෙම ලියවේවි.. ඔය "වලත්ත ගාමන්ට් කෑලී".. එතකොට "අරාබි කාරයන්ට අල්ලන්න යන උන්" නවකතා කියවනවා...???? කොටින්ම පොත් කියවනවා..???? ඔව් උන් කියවනවා.. ඒ අර මම කලින් කියපු හාදයගෙ ඒවා.. ගොළු හදවත් ග්නත් එදා කතා කරලා තියෙන්නේ එහෙම තමයි... හැබයි බැලුවාම මහා ප්‍රබුද්ධ පොරවලුත් ගොළු හදවත කියවලා ගොළු වෙලා ඉඳලා තියෙනවා.
ReplyDeleteඩීමන් ආනන්ද පොත් දාහස් ගණනක් ලියා තිබුණත් මම නම් එයින් කියවා ඇත්තේ එක පොතක් විතරයි.ඒ "බදුල්ල එක්ස්ප්‍රස්" පොත.
ReplyDeleteකොළඹ සිට බදුල්ලට එන රෑ තැපැල් කෝච්චියේ එක පෙට්ටියක තිබිලා හමුවෙන බිහිසුණු ලෙස ඝාතනයට ලක්වූ පුද්ගලයකුගේ සිරුරක් හමුවීමෙන් අනතුරු එම ඝාතකයා හබා යන අයුරු තියෙන්නේ.
ඩීමන් ආනන්දගේ පොත් කියවල තමයි අපේ කියැවීමේ පිස්සුව තද වුණේ..ඩීමන්ගෙ පොත් ඉස්කෝලෙ ඩෙස්ක් එක අස්සෙ හංගගෙන නොකියෙව්ව කෙනෙක් අපේ පරම්පරා වල නැති තරම්.
ReplyDelete"බදුල්ල එක්ස්ප්‍රස්" මතක් කළාට මනෝජ්ට තුති. මා ඉතා ආසා කළ පොතක්.
මා ලියූ තිස්ස අබේසේකර ඉතා අගය කළ , සම්මානත් ලැබුණ බදුල්ල නයිට් මේල් එකේ සිදුවන මිනීමැරුමකින් අවසන් වන චිත්‍රපට තිරනාටකයට අනියමින් ආභාෂය ලැබුණේ ඩීමන්ගේ මේ පොතෙන්දැයි දැන් හිතෙනවා. ඒත් තිර රචනය කරද්දි විතරක් නොවෙයි ඊට පසුවත්, මේ වන තුරුම ඒක මතක් වුණේ නැහැ.
ඩීමන් කියන්නෙ මං හිතන්නෙ ලංකාවෙ හිටපු සහ ඉන්න වැඩිම පොත් ගනනක් පළ කළ ලේඛකයා... ඒ වගේම තමා ඔහුගෙ පොත් එක්තරා ආකාරයක ඇබ්බැහියක්...
ReplyDeleteකොටිංම කියව නං රහස් පරික්ෂක කතා සහ මාරක කතා කියන ලේබලයට කොටු වෙලා හිටපු කාලයක් තිබ්බ...
ජයවේවා
මා නම් කියවා ඇත්තේ ඩීමන් ආනන්ද ගේ පොත් දෙකක් පමණයි.
ReplyDeleteඑකක ඔසී නම් චරිතයක් ද, තවත් ගෑනු චරිත දෙකක් ද තිබුණා. බ්‍රිගේඩියර් එම් වගේ චරිතයකුත් තිබුණා මතකයි. කොළඹ වතුර සැපයුමට වස දාන්න කළ සැළසුමක් වීරයා නවත්වනවා.
අනිත් එක ජේමිස් බණ්ඩා නම් චිත්‍රකතාවක්. කතාව ලියන් ඇත්තේ ඩීමන් ආනන්ද යැ්‍රි සිතනවා.
පොත් දෙකක් පමණක් කියවීඟට හේතුව අන් කිසිවක් නොව ඒ පොත් මගේ නෙත ගැටෙන තැන්වල නොතිබුණු නිසායි. ඒ වෙනුවට මට කියවන්නට ලැබුණේ පරණ රසවාහිනී සහ ශ්‍රී සඟරා සහ රසකතා නම් කෙටිකතා රැගත් සතිපතා පුවත්පතයි!
මමත් ඩීමන් මහත්හයගේ පොත් කියවල තියෙනවා , ඒ 70 කාලේ. ඉගෙනගත්තේ කතොලික ඉස්කෝලෙක මොරටුවපැත්තේ. දවසක් ආගම period එඅකදී ඩීමන් පොතක් බ්ය්බලේ අස්සේ දාගන කිය්වලආ අම්ම්බානකට ගුටි කෑව brother Alo ගෙන්.
ReplyDeleteඅලුතෙන් ප්‍රින්ට් කරන්නේ නැති නිසා
ReplyDeleteහුවමාරුව සඳහා ඩීමන් ආනන්දගේ පරණි (1960s) පොත් තිබේද ?
lalith2006 at gmail dot com