සිළුමිණේ ගිය ලිපියේ පොඩි කොටස් කිපයක් එහෙ මෙහෙ වෙලා තිබූ නිසා සම්පූර්ණ ලිපිය මෙහි පළකරන්න හිතුවා..
සිළුමිණ ලිපිය මෙතැනින්...
තායි දරුවන් බේරා ගැනීමේ මෙහෙයුමේ කාටූන් මෙහෙයුම
තායිලන්තයේ තම් ලූඈන්ග් ගුහාවේ සිරවී සිටි ”වයිල්ඞ් බෝස්”පාපන්දු කණ්ඩායමේ කුඩා දරුවන් එකොළොස් දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරුවා බේරා ගැනීමේ ක‍්‍රියාන්විතය දැන් ඉතිහාසයට එක් වී ඇත. මේ ක‍්‍රියාන්විතයේ දැකගන්නට ලැබුණ වැදගත්ම කාරණය සහය දිය හැකි සෑම රටකින්ම පාහේ කිමිදුම්කරුවන් තායිලන්තයට පැමිණ දිවා ? නොබලා වෙහස මහන්සිය නොබලා මේ දරුවන් බේරා ගැනීමට එක්වීමයි. ලොවේ මනුෂ්‍යත්වය අවදි කළ සිදුවීමක් ලෙස මේ මෙහෙයුම සටහන් වන්නේ එනිසා ය.
මේ සියල්ල අතරේ මේ සිදුවීම පාදක කරගනිමින් අපූරු කාටුන් රැසක් ලොව පුරා විවිධ මාධ්‍ය හරහා එළිදැක්විණි. සමස්ථ ක‍්‍රියාවලිය දෙස විවිධ කෝණ වලින් බලමින් නිර්මාණය වූ මේ කාටූන් ලෝකයට කියා පෑවේ මානුෂිකත්වය පිළිබඳ පාඩම් ය. ඒ කාටුන් කීපයක් දෙස අපේ ඇස යොමු වූයේ මෙලෙස ය.
දරුවන් ගුහාවේ සිරවුණ දා සිට ඔවුන් රැුකබලාගත්තේ පාපන්දු කණ්ඩායමේ පුහුණුකරුවා ය. දරුවන්ගේ මානසික ශක්තිය වඩවමින් ඔවුන් දවස් නවයක් නිසි සේ රැුකගත් මේ තරුණයා කාගේත් පැසසුමට ලක් විය. සිය ආහාර වේල පවා දරුවන්ට ලබාදෙමින්ද අපවිත‍්‍ර ජලය වෙනුවට උල්පත් ජලය පානය කරන්නට දරුවන් යොමු කරවමින්ද ඔහු කළ සේවය ඉතා බුද්ධිමත් එකක් විය. දරුවන් එකොළොස් දෙනා නියමාකාරයෙන් රැක බලාගත් තරුණයා ඉවසීමෙන් දරුවන් රැකබලාගත් ආකාරය කාටූනයට නැගී තිබුණේ මෙසේය.
මේ පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන කාලය වුවද එම තරගාවලියට වඩා ලෝකයේ ඇස් යොමුව තිබුණේ මේ දරුවන් දෙසය.
සමාජ ජාලාවල වයිල්ඞ් බෝස් කණ්ඩායම හඳුන්වා දී තිබුණේ ලෝකයේ ජනප‍්‍රියම පාපන්දු කණ්ඩායම ලෙස ය. ලෝකයේ ජනප‍්‍රියම පාපන්දු කණ්ඩායමට කුසලානයක් දුන්නා නම් ඒ කුසලානය මේ දරුවන්ට ලැබිය යුතු තරමට ඔවුහු සමස්ථ ලෝක ජනතාවගේ ආදරය දිනාගෙන සිටියහ. ඒ අදහස කාටුන්කරුවකු සිත්තමට නගා තිබුණේ මෙසේ ය.
දරුවන් බේරාගැනීමේ මෙහෙයුමේ දැවැන්ත බව සංකේතවත් කරමින් ඇඳී තිබුණ පහත දැක්වෙන කාටූනයේ දැක්වෙන්නේ ගුහාවේ කිමිදුණ බි‍්‍රතාන්‍ය කිමිදුම්කරුවන්ට තවමත් සිනාසෙමින් සිටින දරුවන් හමුවූ ආකාරයයි.
මේ කාලය තුළ ඇඳුණු කාටූන අතරින් සමාජ ජාල අතර වැඩියෙන්ම සංසරණය වූයේ පහත දැක්වෙන කාටූනයයි.
SISIDEO යන ආරූඪ නමින් මේ කාටූනය ඇඳ තිබුණේ Aruni Aunhawarakorn සහ Jantima Manasviyoungkul විසිනි. ඔවුන් ඇඳ තිබූ මේ කාටූනය තායිලන්තයේ විශාල දැන්වීම් පුවරු වල පවා අලවා තිබුණ බව වාර්තා විය.
මේ කාටූනයේ වයිල්ඞ් බෝර්ස් පාපන්දු කණ්ඩායමේ දරුවන් දොළොස්දෙනා සහ පුහුණුකරු සංකේතවත් කර තිබුණේ කුඩා වළස් පැටවුන් දොළොස්දෙනකු සහ මදක් විශාල වලස් පැටවකු ලෙස ය. ඉදිරියෙන් ඇඳු තිබුණ කැප් තොප්පියක් දමාගත් සුදු අලියාගෙන් සංකේතවත් කර තිබුණේ මේ විශාල මෙහෙයුමේ නායකත්වය ගෙන සිටි නරොන්ගාක් ඔසටනාකෝන් ය. ඔහු නිතරම නිල් කැප් තොප්පියක් සහ ඇස්කණ්නාඩි යුවලක් පැළඳ සිටියේ ය. මෙහෙයුමට සහභාගිවූ රටවල් සංකේත කර ඇත්තේ ඒ ඒ රටවලට ආවේනික සතුන්ගෙන් ය. සුදු පැහැති සීල් මත්ස්‍යයන් නිරූපණය කළේ තායි නාවික හමුදා කිමිදුම් කරුවන් ය. මේ කාටූනය පළමු වතාවට ඉදිරිපත් කෙරුණේ පළමු දරුවන් හතරදෙනා මුදා ගැනීමෙන් පසුව ය.
මේ අවදානම් මෙහෙයුම අතරදී එක් කිමිදුම්කරුවකු අවාසනාවන්ත ලෙස මරණයට පත්විය. ඔහු සමන් ගුනන් ය. ඔහුගේ රුව කාටූනයට නැගුනේ මෙසේ ය. සමන් පාපන්දු කණ්ඩායම සංකේවත් කරන වලස් පැටියාගේ හිස අතගාමින් කියන්නේ ”ඒකට කමක්නෑ.. (මට යන්න වුණාට කමක් නෑ) ලොකු මහත්වෙලා හොඳ මිනිසුන් වෙයන්.. හොඳද” කියා ය.
තායි දරුවන් බේරාගැනීම කෙරෙහි ලෝක ජනමාධ්‍ය වල විශාල අවධානයක් යොමු විය. ඒ අවධානය ශ‍්‍රී ලංකාවේ කටූන් ශිල්පි අවන්ත ආටිගල දුටුවේ වෙනත්ම මානයකිනි.
අවන්ත කියන්නේ සිරියාවේ දී යෙරුසලමේ දී මියයන දරුවන් දෙස නොබලන ලෝක ජනමාධ්‍ය අනවශ්‍ය තරමින් තායි දරුවන් දෙස බැලූ බවයි. ලෝක ජනමාධ්‍ය මැදපෙරදිග යුද්ධ වලින් අනාථවන දරුවන් දෙස නොබලන්නේය යන්න සත්‍යයක් නොවේ. ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය වලින් ඒවා වාර්තා නොවුණද ලෝකයේ ප‍්‍රධාන ජනමාධ්‍ය ආයතන මේ මැදපෙරදිග අනාථවන දරුවන් ගැන ගෙන එන වාර්තා විදෙස් රටවල ජනමාධ්‍ය වලින් නිතර ප‍්‍රචාරය වෙයි.
මුල් දරුවන් හතරදෙනා බේරා ගැනීමෙන් පසු ඉතිරිවූ අට දෙනා වෙත පැමිණෙන කිමිදුම් කරුවෙන් පිටව යන්නට සූදානම් වන්නැයි ඇඟවෙන ග‍්‍රීන් කාඞ් එකක් පෙන්වමින් සිටින මේ කාටූනය සීඑන්එන් නිව්ස් 18 මාධ්‍ය ආයතනයෙන් නිකුත් වූවකි.
ගුහාවේ සිරවී සිටි සියලූම දරුවන් පිටතට ගෙන ආ පසු ඔවුනට රෝහල් ගතවී සිටින්නට සිදුවූ අතර කිසිවකුට ඔවුන් හමුවන්නට අවස්ථාවක් තායි බලධාරීන් ලබා දුන්නේ නැත. ඬේව් ග‍්‍රැන්ලන්ඞ් කාටූන් ශිල්පියා අසන්නේ ”ආයෙම හිර වුණා වගේ නේද?” කියා ය.
මේ ක‍්‍රියාවින්තය සිදුවන කාලයේම ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ට‍්‍රම්ප්ගේ නියමෙයෙන් අනවර සංක‍්‍රමණික දරුවන් දෙමාපියන්ගෙන් වෙන්කර රඳවාගැනීමේ කඳවුරුවලට ගාල්කිරීමේ මෙහෙයුමක් ක‍්‍රියාත්මක විය. මුලූ ලෝකයේම අපවාදය ජනාධිපති ට‍්‍රම්ප් වෙත යොමු කරමින් සිදුවුණ සංක‍්‍රමණික දරුවන් දෙමාපියන්ගෙන් වෙන්කිරීමේ ක‍්‍රියාවලියට ජනාධිපතිවරයාගේ බිරිඳ පවා විරුද්ධ විය. මේ සිදුවීම් දෙක සන්සන්දනය කරමින් ජනාධිපති ට‍්‍රම්ප් උපහාසයට ලක් කෙරුණ කාටූන් කීපයක්ම ඇමරිකා එක්සත් ජනපද මාධ්‍ය වල පළ විය. මේ එයින් එකකි.
ඇමරිකාවේ සංක‍්‍රමණික දරුවන් තවමත් ගුහාවක සිරවී සිටිනු එයින් දැක්වෙයි.
ක‍්‍රියාන්විතය අවසන් වූ පසු එයට සහභාගිවූ දෙස් විදෙස් කිමිදුම්කරුවනට ස්තුති කරමින් කටූන් රැුසක් නිර්මාණය විය.
”ඔබ අපේ වීරයෝ වෙති” යි මේ කාටූනයේ සඳහන්වෙයි.
ෆ‍්‍රැන්ක්ෆර්ට්හි ස්ටේට් ජර්නල් පුවත්පතේ පළවූ කාටූනය සමස්ථ ක‍්‍රියාදාමයේ අවසන් ඵලය කාටූනයට නැගුවේ මෙසේය.
කාටූනය මෙසේ කියයි.
”තායි දරුවන් දොළොස් දෙනා සහ පුහුණුකරුවා සිර වී සිටි ගුහාවේ සියල්ලන් නික්ම ගිය පසු ඉතිරි වූ එකම දෙය.... තවමත් විශ්මිත දේ සිදුවන බව ය”
සැබෑවකි. සියලූ අත් එක් වූ විට විස්මිත දේ කළ හැකි ය.
Sunday, July 29, 2018
Monday, July 2, 2018
ආචාර්ය හෙන්රි ජයසේන සූරීන් වෙනුවෙනි
මේ මතක සටහන ආචාර්ය හෙන්රි ජයසේන සූරීන් වෙනුවෙනි.
ශ‍්‍රී ලාංකේය වේදිකාවේ මහත් පෙරළියක් කළ ඔහු නිමැවූ වේදිකා නාට්‍ය කිසිදා අමතක නොවන ඒවා ය. පව්කාරයෝ (1958) ජනේලය (1962) කුවේණි (1963) තවත් උදෑසනක් (1964) මනරංජන වැඩවර්ජන (1965) අහස් මාලිගා (1966) හුණුවටයේ කතාව (1967) අපට පුතේ මගක් නැතේ (1968) දිරිය මව (1972) මකරා (1973) සරණ සියොත් සේ පුතුනි හඹා යන (1975) ඔහු අපට දායාද කළ වේදිකා නාට්‍යයි. හුණුවටයේ ඔහු ජීවමාන කළ අසඩක් ගේ චරිතය සදානුස්මරණීය චරිතයකි.
ගම්පෙරළිය, අවුරුදුදා, ගැහැනු ගැට, දහසක් සිතුවිලි, සීගිරි කාෂ්‍යප, සුහද සොහොයුරෝ, වෙන ස්වර්ගයක් කුමටද, හෙට ප‍්‍රමාද වැඩියි, බද්දේගම, අම්මයි දුවයි, සඳකඩපහන, සොල්දාදු උන්නැහේ, හංස විලක්, කළියුගය ඔහු රඟපෑ සිනමා පට අතර වෙයි. රූපවාහිනියේ දූ දරුවෝ ටෙලි නාට්‍යයේ ඔහු රඟපෑ සුදු සීයා ගේ චරිතය අති මහත් පේ‍්‍රක්ෂක ප‍්‍රසාදය දිනාගත්තේ ය.
ඔහු කලක් එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ ද රඟ පෑ නමුත් පසුව එයින් ඉවත් විය. ඒ ගැන ඔහු කීවේ ”දවසක් එළමහන් රගං පීඨයක මනමේ කරද්දි හඳ පායලා තිබුණා. මං ඒ දිහාට අත දික්කළා කියල කව්ද කෙනෙක් සරච්චන්ද්‍ර මහත්තට කේළමක් කියල මං මනමේ එකේදි චිත‍්‍රපටි කෑලි දානව කියල” කියා ය.
වේදිකාවේත් සිනමාවේත් සාහිත්‍යයේත් විසල් පුරෝගාමී මෙහෙවරක් කළ ඔහු හා මා අතර මිත‍්‍රත්වය ඇතිවන්නේ ඉතා සරළ සිදුවීමක් නිසා ය. එක්තරා යුගයක ඔහු වේදිකාවට සම්බන්ධ සිය ජීවිත කතාව කොටස් වශයෙන් ලියමින් සිටියේ ය. ඒ කරළියෙන් කතාවක් 1, 2 සහ නොනිමි කතාවක් ලෙස මගේ මතකයේ තිබේ. (පසුව ඔහු ”මිනිසුන් වූ දරුවන්” නමින් සිය ජීවිත කතාව ලිව්වේ ය.) ඒ සියලූ පොත් මහත් අභිරුචියකින් කියමින් සිටි මට ඔහු හපන්කම් පෑ එක්තරා කලා ක්ෂෙත‍්‍රයක් පිළිබඳව සටහන් කරන්නට ඔහුට අතපසු වී ඇති බව පෙනී ගියෙන් ඒ පිළිබඳව දන්වා ඔහුට ලිපියක් යැව්වෙමි.
සතුට චිත‍්‍රකතා පුවත්පතේ ඞී සී කරුණාරත්න මහතාගේ අපූරු චිත‍්‍ර වලින් සමන්විතව ”හාවුන් හඳේ අල්ලං අල්ලං” නමින් ළමයින් ඉලක්ක කරගත් කාටුන් චිත‍්‍රකතා පෙළක් පළවිය. අපි මහත් ආශාවකින් කියැවූ ඒ චිත‍්‍රකතා පෙළ ලිව්වේ හෙන්රි ජයසේන සූරින් බව බොහෝ දෙනෙකුට දැන් මතක නැතැයි සිතමි. එදා මා ඔහුට සිහිපත් කරදුන්නේ ඒ චිත‍්‍රකතා ලියූ යුගය පිළිබඳවය. මගේ ලිපියට ස්තුති කරමින් ලිපියක් එවූ ඔහු සිය ඉදිරි කෘතියකදී ඒ යුගය පිළිබඳව ලියන බවත් දැන්වූයේ ය. ඔහු හා මා අතර හිතවත් කමක් ගොඩ නැගුණේ ඉන් පසුව ය. අප හමු වූයේ කීප වතාවක් වුව ද ඔහු දිගටම මට ලිපි ලිව්වේ ය.
මේ යුගයේ ඔහු ”ලාසරස්” පොත ලියමින් සිටියේ ය. තමා ලාසරස් ලියන්නේ ඞී ආර් විජේවර්ධන නවකතා තරගයට ඉදිරිපත් කිරීම සඳහා බව ඔහු මා හා පැවසුවේ ය. ලාසරස් පසුව ඉංග‍්‍රීසියටද පරිවර්තනය කෙරුණ අතර අවාසනාවට ඒ ඉංග‍්‍රීසි පරිවර්තනය එළි දැක්වුණේ ඔහුගේ අභාවයෙන් පසුව ය.
මගේ පළමු මුද්‍රිත ග‍්‍රන්ථය වූ ”සිසිරයේ පිපුණ මල” කාව්‍ය සංග‍්‍රහයට ඔහු පසුවදනක් ලිව්වේ ය. මගේ දෙවන පොත වූ ”කන්ද උඩ මාළිගාව” කෙටිකතා සංග‍්‍රහය මම ඔහුට පුද කළෙමි. ඒ වෙනුවෙන් නුගේගොඩ ඔහුගේ නිවසට අප ගිය දා මානෙල් ජයසේන මහත්මිය කිරිබත් සෑදුවා ය.
”අද හොඳ දවසක් නිසා ඔන්න මං කිරිබත් ඉව්වා” එතුමිය එදා සිනාමුසු මුහුණින් කියූ අයුරු මගේ මතකයෙන් කිසිදා බැහැර නොවේ.
මේ එදා පොත පිළිගැන්වූ මොහොත මගේ අයියා කුමාර විසින් සේයාරුවට නංවන ලද ආකාරයයි.
1931 ජූලි 6 වන දා උපත ලැබ 2009 නොවැම්බර් 11 වන දින අප හැර ගිය ආචාර්ය හෙන්රි ජයසේන සූරීහු සදා කල් අප සිතේ ජීවත්වෙති.
පසු සටහන
”හාවුන් හඳේ අල්ලං අල්ලං” කතාවට අපූරු කාටුන් චරිිත කීපයක් එක් කළ ඞී සී කරුණාරත්න මහතා සිංහල සිනමාවේ පළමු ළමා චිත‍්‍රපටය ලෙස හැඳින්විය හැකි කුවේණියගේ දරුවන්ගේ කතාව අළලා නිපැදවුණ ”අතීතයෙන් කතාවක්” චිත‍්‍රපටය වෙනුවෙන්ද සජීවීකරණ චිත‍්‍ර පෙළක් ඇන්ද බව මගේ මතකය කියයි.

ගම්පෙරළියේ පියල් ලෙස |

Subscribe to:
Posts (Atom)