ශ‍්‍රී ලාංකේය වේදිකාවේ මහත් පෙරළියක් කළ ඔහු නිමැවූ වේදිකා නාට්‍ය කිසිදා අමතක නොවන ඒවා ය. පව්කාරයෝ (1958) ජනේලය (1962) කුවේණි (1963) තවත් උදෑසනක් (1964) මනරංජන වැඩවර්ජන (1965) අහස් මාලිගා (1966) හුණුවටයේ කතාව (1967) අපට පුතේ මගක් නැතේ (1968) දිරිය මව (1972) මකරා (1973) සරණ සියොත් සේ පුතුනි හඹා යන (1975) ඔහු අපට දායාද කළ වේදිකා නාට්‍යයි. හුණුවටයේ ඔහු ජීවමාන කළ අසඩක් ගේ චරිතය සදානුස්මරණීය චරිතයකි.
ගම්පෙරළිය, අවුරුදුදා, ගැහැනු ගැට, දහසක් සිතුවිලි, සීගිරි කාෂ්‍යප, සුහද සොහොයුරෝ, වෙන ස්වර්ගයක් කුමටද, හෙට ප‍්‍රමාද වැඩියි, බද්දේගම, අම්මයි දුවයි, සඳකඩපහන, සොල්දාදු උන්නැහේ, හංස විලක්, කළියුගය ඔහු රඟපෑ සිනමා පට අතර වෙයි. රූපවාහිනියේ දූ දරුවෝ ටෙලි නාට්‍යයේ ඔහු රඟපෑ සුදු සීයා ගේ චරිතය අති මහත් පේ‍්‍රක්ෂක ප‍්‍රසාදය දිනාගත්තේ ය.
![]() |
ගම්පෙරළියේ පියල් ලෙස |
ඔහු කලක් එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ ද රඟ පෑ නමුත් පසුව එයින් ඉවත් විය. ඒ ගැන ඔහු කීවේ ”දවසක් එළමහන් රගං පීඨයක මනමේ කරද්දි හඳ පායලා තිබුණා. මං ඒ දිහාට අත දික්කළා කියල කව්ද කෙනෙක් සරච්චන්ද්‍ර මහත්තට කේළමක් කියල මං මනමේ එකේදි චිත‍්‍රපටි කෑලි දානව කියල” කියා ය.
වේදිකාවේත් සිනමාවේත් සාහිත්‍යයේත් විසල් පුරෝගාමී මෙහෙවරක් කළ ඔහු හා මා අතර මිත‍්‍රත්වය ඇතිවන්නේ ඉතා සරළ සිදුවීමක් නිසා ය. එක්තරා යුගයක ඔහු වේදිකාවට සම්බන්ධ සිය ජීවිත කතාව කොටස් වශයෙන් ලියමින් සිටියේ ය. ඒ කරළියෙන් කතාවක් 1, 2 සහ නොනිමි කතාවක් ලෙස මගේ මතකයේ තිබේ. (පසුව ඔහු ”මිනිසුන් වූ දරුවන්” නමින් සිය ජීවිත කතාව ලිව්වේ ය.) ඒ සියලූ පොත් මහත් අභිරුචියකින් කියමින් සිටි මට ඔහු හපන්කම් පෑ එක්තරා කලා ක්ෂෙත‍්‍රයක් පිළිබඳව සටහන් කරන්නට ඔහුට අතපසු වී ඇති බව පෙනී ගියෙන් ඒ පිළිබඳව දන්වා ඔහුට ලිපියක් යැව්වෙමි.



”අද හොඳ දවසක් නිසා ඔන්න මං කිරිබත් ඉව්වා” එතුමිය එදා සිනාමුසු මුහුණින් කියූ අයුරු මගේ මතකයෙන් කිසිදා බැහැර නොවේ.

1931 ජූලි 6 වන දා උපත ලැබ 2009 නොවැම්බර් 11 වන දින අප හැර ගිය ආචාර්ය හෙන්රි ජයසේන සූරීහු සදා කල් අප සිතේ ජීවත්වෙති.
පසු සටහන
”හාවුන් හඳේ අල්ලං අල්ලං” කතාවට අපූරු කාටුන් චරිිත කීපයක් එක් කළ ඞී සී කරුණාරත්න මහතා සිංහල සිනමාවේ පළමු ළමා චිත‍්‍රපටය ලෙස හැඳින්විය හැකි කුවේණියගේ දරුවන්ගේ කතාව අළලා නිපැදවුණ ”අතීතයෙන් කතාවක්” චිත‍්‍රපටය වෙනුවෙන්ද සජීවීකරණ චිත‍්‍ර පෙළක් ඇන්ද බව මගේ මතකය කියයි.
”හාවුන් හඳේ අල්ලං අල්ලං" යන්තම් මතකයි වගේ.
ReplyDeleteස්තූතියි සටහනට...
ReplyDeleteඔහු සිය ජීවිත කතාව මිනිසුන් වූ දරුවන් යන කෘතියෙන් හෙලි කලා
ReplyDeleteඔබ නිවැරදියි.. එය එකවරම මගේ මතකයට ආවෙ නැහැ.. ඔහුගෙ ජීවිත කතාව හරිම කටුක එකක්.. විශේෂයෙන්ම ඔහුගෙ පියා විසින් ඔහුව මවගෙන් වෙන්කරගනු ලැබීම.. ඇසට කඳුළක් නැංවූ පොතක් ඒක..
Deleteහුනුවටයෙන් උපන් අඩසක්
ReplyDeleteනොමියෙන මතක දහසක්
නික්ම ගිය කල නුඹ දවසක්
කලාලොව ඇති උනා හිඩැසක්
ඉතාම ආසාවෙන් කියෙව්වා! හරබර ලිපියක්!
ReplyDelete1975න් පස්සෙ අලුත් වේදිකා නාට්‍ය කලේ නැද්ද?
ReplyDeleteබ්ලොගය අද තමයි ඇහැ ගැටුනේ.. හරවත් රසවත් ලිපි බොහොමයක් තියෙන නිසා මුල ඉඳන්ම කියවන්න වෙනවා..
ReplyDeleteඔබේ ලියවිලි එක දිගට කියවාගෙන යන්න පුළුවන්. කැනඩාවේ සවන අන්තර්ජාල රේඩියෝවේ දින නැති දිනපොත කෙටිකතාවට කොටස් ගන්න පුළුවන්ද ? අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් අඩවියේ මගේ යොමුවට දන්වන්න . ඔබේ අවසරය බලාගෙන ඉන්නවා .
ReplyDeleteඋපුටාගන්නට අවසරයි..
Delete