මෙල්බන් 3zzz ගුවන් විදුලියේ සිංහල අංශයේ සෙනසුරාදා උදේ වැඩ සටහන - ශනිදා සාදය අගෝස්තු 19 වන දා සිය 100 වන වැඩ සටහන ගුවන් ගත කරනවා. එදාට අපි ෆේස්බුක් එකෙන් ඒ වැඩ සටහන සජීවීව විකාශය කරනවා.
www.facebook.com/ShanidaaSaadaya/ මෙල්බන් වෙලාවෙන් උදේ හතේ ඉඳන්. හවස 2 ට ”ශනිදා සාදයට 100යි” උත්සවය ක්රේගිබර්න් හි ලෝන් කෝට් එකේ තියෙන ලක්මැදුර ශාලාවෙදි පැවැත්වෙනවා මෙල්බන් කොන්සල් ජනරාල් ඩබ් ජී එස් ප‍්‍රසන්න මැතිතුමාගෙ ප‍්‍රධානත්වයෙන්. කලාකරුවන් සුබ පතන්නන් රසිකයන් රැසකගේ සහභාගීත්වයෙන්. විශ්වාහිණී රූපවාහිණිය ඒ උත්සවය වීඩියෝ ගත කරනවා ඔවුන්ගෙ රූපවාහිණියෙන් විකාශය කරන්න. ශනිදා සාදය වෙනුවෙන් වෙබ් අඩවියකුත් අපි එදාට එළිදක්වනවා.
මෙල්බන් නුවරින් ගුවන් ගත වන ප‍්‍රජා ගුවන් විදුලි අතරින් වැඩිම ආවරණයක් සහිත ගුවන්විදුලි සේවය
3zzz (ත‍්‍රී ටි‍්‍රප්ල් ඉසෙඩ්). 1989 ජූනි මාසයේ ඇරඹෙන 3zzz ගුවන් විදුලි සේවයෙන් ගුවන් ගත වුණ පළමු ප‍්‍රජා ගුවන් විදුලි වැඩ සටහන ගුවන් ගත වුණේ සිංහලෙන්. ඇත්තටම එදා ගුවන් ගත වෙන්නට නියමිතව තිබුණෙ වෙනත් භාෂාවක වැඩ සටහනක්. ඒ අය මැදිරියට ඇවිත් වැඩ සටහන කළත් ඒ අයගේ නොදැනුවත් කමට ඒ වැඩ සටහන ගුවන් ගත වුණේ නැහැ. ඊළඟට තිබුණෙ සිංහල වැඩ සටහන. ඒක තමයි පළමුව ගුවන් ගත වුණේ. පළමු සිංහල නිවේදකයා විතරක් නෙවෙයි 3zzz ගුවන් විදුලි සේවයේම පළමු නිවේදකයා වුණේ උපා උපදාස.
මෙල්බන් නගරයේ උතුරුන් පිහිටි බ‍්‍රන්ස්වික් ප‍්‍රදේශයේ දැන් ආරම්භ කර ඇති විකාශන මැදිරි 6 කින් යුත් නවතම විකාශනාගාරයේ සිට ස්වේච්ඡුා නිවේදකයන් 400 ක් දෙනා භාෂා 70 කින් පැය 24 පුරාම වාඩ සටහන් මෙහෙයවන 3zzz ගුවන් විදුලියේ සිංහල සේවයේ සෙනසුරාදා උදෑසන 7 සිට 8 දක්වා ගුවන් ගත වුණ වැඩ සටහන පසුගිය කාලයේ පැවතුනේ අභාවයට යන්න ඔන්න මෙන්න තත්වයේ.
2015 සැප්තැම්බර් මාසයේදී මේ වැඩ සටහන මට බාර දෙමින් සිංහල සේවයේ කැූවුම්කරු විල්ෆ‍්‍රඞ් සිරිවර්ධන ඉල්ලූවෙ එකම ඉල්ලීමයි.
”පුලූවන් නම් මේ වැඩසටහන බාර අරගෙන ගොඩදාන්න”
මට කල්පනා කරන්න දේ තිබුණා.
මම 3zzz ගුවන්විදුලියට පළමුවතාවට සම්බන්ධ වෙන්නෙ 2000 අවුරුද්දෙ අසෝක සිල්වා සොයුරාගෙ නායකත්වයෙන් පිහිටවපු කමිටුව හරහා. එදා මට ආරාධනා කලේ රෝහණ කරුණාරත්ත.
”අපි සිංහල වැඩසටහන වෙනස් කරනවා.. අපිත් එක්ක එකතුවෙන්න” ඔහු ඉල්ලා සිටියා. හිටපු කණ්ඩායම ඉවත් වෙලා අපේ කණ්ඩායමට සිංහල සේවයේ පාලනය ලැබුනට පස්සෙ ඇත්තටම අපි යම් වෙනසක් කලා. ඉංග‍්‍රීසි භාෂාවෙන් ප‍්‍රචාරය වෙමින් තිබූ සිංහල සේවයේ සෙනසුරාදා උදේ වැඩසටහන නැවත සිංහලට ගත්තේ මේ කණ්ඩායම. ඒ සඳහා සටනක් කරන්න සිදුවුණා. එදා අපේ කණ්ඩායමේ ප‍්‍රසන්න කුරුකුලරත්න, නුවන් සමරපති, රෝහණ කරුණාරත්ත, වරුණ සාවින්ද, පැතුම් තිලකසිරි, ජගත් මුණසිංහ, බන්දු මුතුතන්ත‍්‍රී, කුඹුකගේ, නෙලුම් අමුනුගම වගේ පිරිසක් හිටියා. සිංහල සේවයේ පුරෝගාමීන් වුණ උපා උපදාස, බන්දු දිසානායක, ඞීබී කුරුප්පු වගේ අය උපදෙස් දෙන්න අප පිටුපසින් හිටියා.
සෙනසුරාදා වැඩසටහන සිංහලට ගත්තට උදේ 7ට ඇවිත් ඒක කරන්න අය හිටියෙ නැහැ. ඒ වැඬේ මගේත් ප‍්‍රසන්න කුරුකුලරත්නගේත් කර පිටට වැටුණා. අපි දෙන්නා අව්ව වැස්ස සීතල බලන්නැතුව උදේ පාන්දර ඇවිත් සෙනසුරාදා සිංහල වැඩ සටහන කළා.
ඒ අවුරුද්දෙ 3zzz ගුවන් විදුලියේ ව්‍යවස්ථාව වෙනස් කරනවා. ඒ තාක් කාලයක් වසරක් පාසා පැවති කණ්ඩායම් නිලවරණ වෙනුවට වසර දෙකකට වරක් නිලවරණ පවත්වන්න තීරණය කෙරෙනවා. අපේ කණ්ඩායමට තෝරාගැනීම් දෙකක් ලැබෙනවා. එක්කෝ තවත් වසර එකහමාරක් සිට නිලවරණයට එන්න. එහෙමත් නැත්නම් මාස අටකින් නිලවරණයට එන්න. අපි ඒ වෙනකොට අපට අවශ්‍ය වෙනස ගුවන් විදුලියේ කර හමාර කර තිබුණා. බදාගෙන සිටීමේ අවශයතාවත් අපට තිබුණෙ නැහැ. ඒ නිසා මාස අටකින් අපි අලූත් කණ්ඩායමකට බලය දීලා ඉවත් වෙලා ගියා. (ඒ කාලෙ දැන් වගේ බස් වලින් සෙනග ගෙනත් කරන ඡන්ද දැමීමේ අතිශය පිලිකුල් සහගත බලූ පොරය තිබුණෙ නැහැ. අලූත් කණ්ඩායමක් ඉදිරිපත් වුණොත් හිටපු කණ්ඩායම ඔවුන්ට රේඩියෝව බර දීලා ඉවත්ව යන සම්ප‍්‍රදායක් තමයි තිබුණෙ)
ඉතින් එයින් පස්සෙ 3zzz ගුවන් විදුලියේ සිංහල අංශයට අප අමතක වෙනවා. එහි දොර අපට වැහෙනවා. ඉඳ හිට සම්මුඛ සාකච්ඡුාවකට හැරෙන්නට ගුවන් විදුලියට ගොඩවෙන්න අපට ඉඩක් ලැබෙන්නෙ නැහැ.
ඒත් යම් දෙයක් අපේ ඇඟ ඇතුළෙ නලියනවා. මේ යන ක‍්‍රමය වැරදියි. මෙයට වඩා යමක් ගුවන් විදුලියෙන් කරන්න පුලූවන් කියන දේ අපට දැනෙනවා. ඒ නිසා 2005 දී 97.4 FM ඔස්සේ ගුවන් ගත වන ප‍්‍රජා ගුවන් විදුලියක මගේ මිත‍්‍ර නිමල් අබයසේකර සමග 'පවන' සිංහල වැඩ සටහන ආරම්භ කරනවා. ප‍්‍රතිපත්තිමය ප‍්‍රශ්න මත මම මාස ගණනාවකට පසු එයින් ඉවත් වෙනවා. නිමල් ඒ ගුවන් විදුලිය නවත්වා දැමීමෙන් පස්සෙ අපි මේ ගුවන් විදුලිය නැවත පටන් ගනිමු කියලා මම යෝජනා කරනවා. ශ‍්‍රීනාත් මද්දුමගේ, දසුන් ගජමන් සහ මම මේ කණ්ඩායමට ඇතුල් වෙනවා. ශ‍්‍රීනාත්ගෙ බිරිඳ ශ‍්‍රියාණි 97.4 සේවය සමග ලිපි ගණුදෙණු කර අනුමැතිය ගන්නවා. දසුන් ගජමන්ට සම්බන්ධීකරණය බාර දෙනවා. අපි තිසර නමින් අලූත්ම ආරක වැඩ සටහනක් පටන් ගන්නවා. (තුන් ස්වරයක එකමුතුව කියන අදහසින් තිසර කියන නම යෝජනා කළේ මා ළඟින් හිටි තුෂාරි) තිසර ඉතා ජනප‍්‍රිය වැඩසටහනක් බවට පත් කරන්න අපට හැකිවෙනවා. අවුරුද්දකට විතර පස්සෙ ශ‍්‍රීනාත් අයින් වෙනවා. ඒ කාලෙ ඔහුගෙ අතිජාත මිත‍්‍රයා වෙලා හිටිය මටත් අයින්වෙන්න කරුණු කාරනා සිදුවෙනවා. දසුන් අදටත් වෙනත් නමකින් ඒ වැඩ සටහන පවත්වාගෙන යනවා.
ඒත් ඉතින් ගුවන් විදුලි උණ තාම හොඳ වෙලා නැහැ. මම 2012 දි
තිසර නමින් ඔන්ලයින් ගුවන් විදුලි සේවයක් ආරම්භ කරනවා. අදටත් අතින් වියදම් කරගෙන මම පැ 24 පුරා ගුවන් ගත වන තිසර පවත්වාගෙන යනවා.
ඉතින් විල්ෆ‍්‍රඞ් 3zzz සේවයේ සෙනසුරාදා උදේ සිංහල වැඩ සටහන බාරගෙන ගොඩ දාන්න කියලා ආරාධනා කළ වෙලාවෙ මේ සියලූ අතීතය මට කල්පනා වුණා. අවුරුදු ගාණක් පහුවෙලා හරි මේ ආරාධනය කළ එක ගැන ඔහුට ස්තුති කරන්න ඕනෙ. අපි සියල්ල අලූතින් පටන් ගමු. අපි සාකච්චා කළා. සමාජ නිවේදන සම්බන්ධ කොන්දේසිය සහ තවත් එක කොන්දේසියක් හැරෙන්නට සිංහල කමිටුව පැත්තෙන් ඉල්ලීම් තිබුණෙ නැහැ. මම ඉදිරිපත් කළ කොන්දේසි වලටත් ඔවුන් කැමති වුණා. මම සෙනසුරාදා උදේ සිංහල ගුවන් විදුලිය බාර ගත්තා. ඒ මෙයට සති 100 කට පෙර. මට මට අවශ්‍ය ආකෘතියට අවශ්‍ය ආකාරයට වැඩසටහන වෙනස් කළා. මේ සති 100 තුළ සිංහල කමිටුවෙන් මට අබමල් රේණුවක් තරම්වත් බලපෑමක් නොවුණ බව ඔවුන්ට ගෞරවයක් ලෙස සටහන් කර තැබිය යුතුයි. මට අවශ්‍ය දේ කරන්න ඔවුන් මට පූර්ණ නිදහස ලබා දීලා තියෙනවා. නිර්මාණයක් කරන්න ඒ නිදහස ඉතා වැදගත්.
මගේ වෙනස් කිරීම් ශ‍්‍රාවකයන්ට අල්ලලා ගිය බව මුළ ඉඳන්ම මට දැනුණා. වැඩ සටහන අසන පිරිස ක‍්‍රමයෙන් වැඩි වෙන්න ගත්තා. ශ‍්‍රාවකයන් සමග සංවාදය තුළින් ඔවුන් තව තවත් ළං කර ගන්න මම උත්සාහ කළා. ඒක අල්ලලා ගියා.
වැඩ සටහනට සම්බන්ධ වෙන්න බොහෝ අය ඉල්ලීම් කළා. ඔවුන් අති දක්ෂයන්. ඒත් මගේ හිතේ යම් ආකෘතියක් තිබුණා. මට අවශ්‍ය වුණේ ඒ ආකෘතියට ගැළපෙන කණ්ඩායමක් හදාගන්න. මගේ මූලිකම කොන්දේසිය වුණේ ”පළමු තැන වැඩ සටහනට” කියන එක. තමන්ගෙ පුද්ගලික අවශ්‍යතා පස්සට ගෙන වැඩ සටහනට පළමු තැන දෙන්න පුලූවන් කණ්ඩායම අන්තිමේ මම ගොඩනගා ගන්නවා. ඒ තේජා කටුගම්පොළ සමග. ඇය පළපුරුදු නිවේදිකාවක්. බුද්ධිමත්. ඇය සමග වැඩ කරන්න පහසුයි. නම්‍යශීලීයි. ”මේක මගේ වැඩ සටහන.. අද මේක දාන්නම ඕනෙ” කියන ආත්මාර්ථකාමී ඉල්ලීම් ඈ ළඟ නැහැ. වැඩ සටහන එදිනෙදා ඉල්ලන දේ ගැන ඇයට අවබෝධයක් තියෙනවා. ඒ සියල්ලටම වඩා ඇයට මයික‍්‍රෆෝනයක් ඉදිරියේ ක්ෂණිකව ඇසෙන ප‍්‍රශ්නයකට පවා මුහුණ දෙන්න තරම් දැණුමක් සහ හැකියාවක් තියෙනවා. ඒක තමයි සජීවී ගුවන් විදුලියක ප‍්‍රාණවත්බව රැක ගන්න අවශ්‍යම කාරණය. ඒක තමයි නිවේදකයෙකුගේ ප‍්‍රවීණත්වය.
අපි අවුරුද්දක් යන්න කලින් සමස්ථ ඔස්ටේ‍්‍රලියාවේ හොඳම ජනවාර්ගික ගුවන් විදුලි වැඩසටහන් හතර අතරට පත්වෙනවා. ඒක විශාල ජයග‍්‍රහණයක්.
ඕනෑම උත්සවයකට පන්සලකට සමාජ වැඩකට ගියාම හමුවන නාඳුණන අසන්නන්ගෙන් ලැබෙන ප‍්‍රතිචාර අප විශ්මයට පත් කළා. ඔවුන් අපට කොයි තරම් ආදරය කරනවාද යන්න දැනෙන විට අපි තව තවත් උනන්දු වුණා. ඔවුන්ගේ සුබ පැතුම් සහ හෘදයංගම බව අප ඉදිරියට ගෙන යන ගාමක බලවේගය බවට පත්වුණා.
පහුගිය වෙසක් දා යුරෝක් පන්සලේ භක්ති ගීත ගායනයේ නිවේදක කටයුත්ත කරලා වේදිකාවෙන් බහින වෙලාවෙ මා ළඟ ඇවිදගෙන ආව මා නාඳුනන හිතවතා මට තාම මතකයි.
”ජගත්.. ඔයා කොහොදි හරි හමුවෙකල් මං බලාගෙන හිටියෙ.. මට අහන්න තියෙන්නෙ එකම එක ප‍්‍රශ්නයයි.." ඔහු ඇසූ ප‍්‍රශ්නයට දෙන්න මා ළඟ උත්තරයක් නැහැ. ”අනෙක් අය ගැන අපි හිතන්නෙ නැහැ... අපි අපේ වැඬේ උපරිමයෙන් කරගෙන යන්න උත්සාහ කරනවා” මං කිව්වෙ එච්චරයි.
ශනිදා සාදය ආරම්භයේ සිටම මං විශ්වාස කළ දෙයක් තිබුණා. ඒ අවුරුදු තිහකට වැඩි කාලයක් මාධ්‍ය එක්ක ඉඳලා මට ලැබිල තියෙන ඉව. මං ඒ ඉව විශ්වාස කරනවා. මං අමරදේව, නන්දා මාලිනී, සුනිල් එදිරිසිංහ වගේ ගායකයන්ට ඉතාම ගරු කරනවා. ඔවුන් අපේ ලෝකයේ දැවැන්තයන්. ඒත් ඔවුන්ගේ දැවැන්ත ප‍්‍රභාවෙන් අනෙක් කලාකාරයන් වසාගෙන ඉන්න එකට මම විරුද්ධයි. විදග්ධ කලාවත් සමගින්ම එයට සමගාමීව ජනප‍්‍රිය කලාවත් පවතිනවාය කියන කාරණය මම විශ්වාස කරනවා. ජෝතිපාල, මිල්ටන් මල්ලවාරච්චි, ගේ‍්‍රෂන් , මිල්ටන් පෙරේරා, එම් එස්, ඇන්ටන් ජෝන්ස්, ඇන්ජලින්, ලතා, සුජාතා, මර්වින්, ක්ලැරන්ස්, ඇනස්ලි, ඉන්ද්‍රාණි පෙරේරා, මරියසෙල් - දෙයියනේ කොයි තරම් ගායක ගායිකාවන් ඉන්නවද? මේ අයගෙ හොඳ නිර්මාණ ජනප‍්‍රිය නිර්මාණ නැද්ද? කොයි තරම් තියෙනවද? ඇයි මේ බොහෝ මෙල්බන් සිංහල ප‍්‍රජා ගුවන් විදුලි ඔවුන්ගෙ ගී ප‍්‍රචාරය නොකරන්නෙ? මේ ප‍්‍රශ්න මගේ හිතේ ගොඩ ගැහුණා. වෙනසක් කරන්න බොහෝ අය බයයි. ඒත් අපි කොටුවෙන් පිට හිතන මිනිස්සු. අප කළ වෙනස ගැන අපට සතුටුයි. අද මේ සමහර ගුවන් විදුලි වලට තමන් කොටු වෙලා හිටිය රාමු වලින් පිට පනින්න සිදුවෙලා තියෙනවා. ඒක හොඳ ලක්ෂණයක්. සතුටට කාරණයක්. මිත‍්‍රවරුණි. කොටුවෙන් පිට හිතන්න. ඒක තමයි අපි ඔවුන්ට දීපු පණිවිඩය.
”හැටේ දශකයේ සින්දු දාලා රේඩියෝ එකක් ජනප‍්‍රිය කරන්න බැහැ” ශනිදා සාදය ආරම්භ කළ දවස් වල මට ඇහෙන්න ඇණුම් පද කීව අය හිටියා. සමහරු නම ගිය කලාකරුවෝ. මං නෑහුණා වගේ හිටියා. මගේ වැඬේ කරගෙන ගියා. අපට අප ගැන කිසිම අවිශ්වාසයක් නැහැ. අප යමක් කරන්නෙ ඉතාම දැනුම්වත්ව.
අප විශ්වාස කළ පිරිසක් අප වටේ එකතු වුණා. අදත් එකතු වෙනවා. ප‍්‍රවීණ මාධ්‍යවේදී අසෝක තිලකරත්න, ගාමිණී පැළෑඳ, මහීල් මුණිදාස, දයාන් රණසිංහ, දේවිකා සේනාධීර, චින්තක සිරිකුමාර, දිනෙල්කා දර්ශණී , සඳමාල් වර්ණකුලසූරිය, නුවන් සමරපති, ඉන්දික රුවන්පතිරණ, ලංකාවේ සිට උදව් කළ නැසීගිය තරුණ ගුවන් විදුලි ශිල්පියා නුවන් ඇතුළු පිරිස කොහොම අමතක කරන්නද? හෙට අනිද්දා ශනිදා සාදයට අලූත් වැඩසටහන් සමග එකතුවෙන තවත් අය ගැන අපි පසුව කතා කරමු.
අපට අලූත් අදහස් හිඟයක් නැහැ. අලූත් වැඩ සටහන් රැසක් අපි ඉදිරියේදි ශනිදා සාදයට ගේනවා. අපේ පැය පුරවන්න අවශ්‍ය තරමටත් වඩා වැඩි වැඩසටහන් ප‍්‍රමාණයක් අප ළඟ තියෙනවා. ඒ නිසා හැම වැඩ සටහනක්ම සතිපතා විකාශය කරන්නත් අපට ඉඩ නැහැ. ඒක එක අතකින් හොඳයි. වැඩ සටහනේ විවිධත්වය රැුක ගන්න ඒක හොඳ දෙයක්. අපේ පැයේ හැම තත්පරයක්ම අපට වටිනවා.
අනිත් අයටත් අපි සහෝදරත්වයෙන් කියන්නෙ අලූතින් හිතන්න. අපව අනුකරණය කරන්න එපා කියලයි.
99 වන වැඩසටහනෙදි තේජා අපූරු කතාවක් කිව්වා.
”ශනිදා සාදය ආමන්ත‍්‍රණය කරන්නෙ ඔබේ බුද්ධියට පමණක් නෙවෙයි. ශනිදා සාදය ඔබේ හදවතටත් කතා කරනවා”
අපි මේ තාක් කාලයක් කරගෙන ආවෙ ඒක තමයි වුණත් පළමු වතාවට ඒක වචන වලට හැරෙව්වෙ තේජා. 99 අවසන් කරලා ගෙදර ගියාට පස්සෙ මගේ හිතේ දෝංකාර දුන්නෙ ඒ වචන. ඒ කතාව කොයි තරම් ඇත්තද?
”අද වැඩ සටහන අහනකොට අපේ ඇස් වලට කඳුලූ ආවා” කී දෙනෙක් නම් එහෙම කියලා දුරකතන ඇමතුම් දීලා තියෙනවද? තමන්ගෙ පුද්ගලික දුක් වේදනා දුරකතනයෙන් අප සමග කී දෙනෙක් නම් කියලා තියෙනවද? ඔවුන් සනසන වදනක් අපෙන් ලැබෙන බවට ඔවුන් තැබූ විශ්වාසය නොකඩන විට ඔවුන් කොයි තරම් සතුටට පත්වුනාද? මේ ඔස්ටේ‍්‍රලියාවේ කිසිම සිංහල ගුවන් විදුලියක් අත්නොවින්ද සබඳතාවක් - අත්නොවිඳි සංවේදනයක් නොවේද? අපට එයිටත් වඩා සතුටක් අවශ්‍යද?
තේජා කිව්ව කතාව ඇත්ත. ශනිද සාදය හදවතක් තියෙන ගුවන් විදුලියක්. ඒ නිසා තමයි 100 ක් පිරෙන අගෝස්තු 19 වෙනිදා මම ගුවන් විදුලියට අලූත් පාඨයක් හඳුන්වාදෙන්නෙ.
”ශනිදා සාදය - හදවතක් ඇති ගුවන් විදුලියක්”