මගේ තනු නිර්මාණ ගැන ෆේස්බුක් එකේ ලියූ සටහන ගැන වැඩි අවධානයක් යොමුවී ඇති බව පෙනුණා. බොහෝ දෙනෙක් ඒ ගැන විමසීම් ද කළා.. ඒ ගැන වැඩිදුරට යමක් ලියන්න හිතුවෙ ඒකයි. මේවා කෙනෙකුට වැදගැම්මක් නැති පුරසාරම් කතා වෙන්න පුලූවන්. ඒ නිසා කැමතිනම් පමණක් කියවන්න.
ෆේස්බුක් සටහන මෙහෙමයි.
මේ වෙනස් ම ආකාරයක වැඩකි. ගීතය ලිව්වේ වරුණ සාවින්ද යි. ඒ ලියූ ගීතය ඔහු මා අතට දුන්නේ අපූරු ඉල්ලීමක් ද සමගින් ය.
”මේකට නූර්ති ගීයක් වගේ තනුවක් දාලා දීපං”
නූර්ති ගීය මට හොඳින් හුරු පුරුදු ය. මා හැදී වැඩුණේ නූර්ති ගී උදේ හවා ඇසුණ පරිසරයක ය.
මගේ අම්මා ගේ මාමා ටවර් හෝල් යුගයේ නූර්ති වේදිකාවට ගෙනා ඤූු ෙ– ඩබ්ලිව් ගුණතිලක ය. එතුමා වේදිකාව මත පෑ විස්මිත දර්ශන නිසා ම විස්මකර්ම ගුරුතුමා නමින් හැඳින්වීමක් ලබා ගත්තේ ය.
ඔහු පිළිබඳ විස්තරය මෙතැනින් කියවන්න
අතීතයෙන් කතාවක් 1
එතුමන් ගේ පුතා මගේ අම්මා ගේ මස්සිනා මගේ මාමා වූ කලා භූෂණ ලයනල් ගුණතිලක අප කුඩා කාලයේ පදිංචිව සිටියේ නුගේගොඩ මිරිහානේ අපේ නිවස ආසන්නයේම ය. මේ නිවස උදේ හවා නූර්ති ගී ගැයුණ වැයුණ රසගුලාවක් විය. ලංකාවේ නන් දෙසින් ආ ශිල්පීන් වයද්දී ගයද්දී අපි වශී වී බලා සිටියෙමු. ලයනල් මාමා ටවර් හෝල් නාට්‍යයක් ශ‍්‍රී සංඝබෝධි නමින් බොරැුුල්ලේ වයිඑම්බීඒ ශාලාවේ වේදිකාගත කරද්දී අපි තිරය පිටුපසට වී මේ විස්කම් කෙරෙන ආකාරය දැක බලා ගන්නට වාසනාව ලැබුවෙමු.
ඉදින් එවන් මගෙන් වරුණ මේ ඉල්ලීම කළ විට එය මම සතුටින් බාරගත්තෙමි. මේ ඒ පදමාලාවට මා නිමැවූ තනුවයි. සංගීතය නිර්මාණය කළේ ආචාර්ය රෝහණ වීරසිංහයන් ය. එතුමන් මේ තනුවට යම් පැසසුමක් කළ බව ද සෙව්වන්දිකා මට වරක් කීවා ය. සතුටකි..
ඉදින් අසා බලමු..
මේ සටහනට දැමූ වරුණ සාවින්ද ගේ කොමෙන්ට් එක මෙහෙමයි..
Waruna Savinda
"ජගත් උබ සගවගෙන ඉන්න තවත් කුසලතාවයක් තමයි මේ සංගීතය පිලිබද උබට තියෙන හැකියාව. උබ මගේ පද රචනයට අවැසිම තනුව රචනය කලා. උබ ඒ අපුරු තනුවෙන් මා ලියූ ගීතයට පණ දුන්නා.
උබ උබේම සංගීතයෙන් රසවත් කල උබම ලියපු සිංදු කීපයක්ම තියෙනවා. ඒවාත් ඉතාම රසවත් මචං.
චන්ද‍්‍රකාන්ති දී සවුම්‍ය ආලොකේ වැටේවි.
නිදි නැති යහන සොය සොයා
කවුළු දොරින් ඒවි බේරි.
ශෘංගාර රසය හෘදේ වැඬේවි.
සිසිලස කොහෙද මා ප‍්‍රියේ
නිදි නැති පාලූ යාහනතේ
හද දුක වාවගනු කෙසේ
තනිවම මේ සදළුතලේ
සුන්දරතාවයමයි..
තීවුර කරන්නේ සංවේගේ..
වාසල් දොරටු හැර තියේ
මුරකාවල්ද නෑ ප‍්‍රියේ
නුවරුන් නිදයි රාත‍්‍රියේ
දැල්වෙයි පහන් වීදියේ
ආලය අන්ධයි.. ඒකයි
මග බලමින් ලතවෙන්නේ..
නැවතත් ස්තුතියි ඒ මනරම් තනුවට."
තරුණ කාලයේ නුගේගොඩ පුංචි සංගීත කණ්ඩායමක රිදම් ගිටාරය වාදනය කළත් යන්තමින් ඕගනයක් ගිටාරයක් වාදනය කරගන්න හැකි වුණත් මං සංගීතඥයකු නෙවෙයි. සංගීතඥයකු වන්නට අවශ්‍ය සතත අභ්‍යාසයේ නිරත වෙන්න මට කවදාවත් වෙලාවක් තිබුණෙ නැහැ. දැන් මේ වාදනය කරන්නෙ මගේ සතුට වෙනුවෙන් පමණයි. නමුත් මේ පිටිපස්සෙ කතාවක් තියෙනවා.
මගේ ජීවිතයට තදින් බලපාපු මාමාවරු තිදෙනෙක් ඉන්නවා.
මගේ අම්මා ගේ අයියා - ස්ටීවන් ගූණතිලක මාමා - ඔහු දක්ෂ චිත‍්‍රශිල්පියෙක්. ඔහු සම්බන්ධව සිටියේ සිනමා කලා අධ්‍යක්ෂණයට. කේ ඒ ඩබ්ලිව් පෙරේරා එල් එම් පෙරේරා වැනි චිත‍්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සියලූම චිත‍්‍රපටවල වගේ කලා අධ්‍යක්ෂණය කළේ මගේ මාමා. ඔහු තමයි චිත‍්‍ර ශිල්පයේ අයන්න ආයන්න ඉගැන්නුවෙ. ඒ කතාව වෙනම ලියන්නම්.
මගේ තාත්තා ගේ ඥාති සහෝදරයකු වූ ලයනල් සරත් එදිරිසිංහ මාමා - ඔහු දක්ෂ ලේඛකයෙක්. ලංකාවේ පළමු විකල්ප පුවත්පත ලෙස මං විශ්වාස කරන ”බජරි හටන” ගැහුවෙ ඔහු. ඔහු පොත් ගණනාවක් ලියා තිබෙනවා. ලේඛකයකු ලෙස ඉදිරියට යන්නට ලොකු උත්තේජනයක් වුණේ ඔහු.
මගේ අම්මාගේ මස්සිනා - ලයනල් ගුණතිලක මාමා - ඔහු ගැන මගේ ෆේස්බුක් සටහනේ ලියලා තියෙනවා. ඔහු ඇසුරේ තමයි අපි සංගීතයට ළං වෙන්නෙ.
මට ඒ කාලෙ ලොකුම ආසාව තිබ්බෙ තබ්ලා වාදකයකු වන්න. ඒ ගැන මා ලියූ බ්ලොග් සටහන මෙතැනින් කියවන්න.
තබ්ලාවාදකයෙක් වන්නට පෙරුම් පිරුවෙමි
රුසියාවෙ ඉංජිනේරු අධ්‍යාපනය ලබමින් හිටිය මගේ අයියා එහේ ලංකා නමින් වූ බටහිර සංගීත කණ්ඩායමට එක්වෙනවා බේස් ගිටාර් වාදකයකු ලෙස. නිවාඩුවකට ලංකාවට එනවිට අයියා ගිටාරයක් අරගෙන එනවා. අපි ඒ ගිටාරයට වශී වෙනවා. අයියා නැවත ගියාට පසුව අපේ යහලූවකු වෙතින් අපි ගිටාරය වාදනය කරන හැටි ඉගෙනගන්නවා. ඒ ගමනේ අවසානයෙදි අපි නුගේගොඩ ”සමර් නයිට්ස්” නමින් පුංචි කණ්ඩායමක් පිහිටුවා ගන්නවා. මං රිදම් ගිටාර් එක ගැහුවා. අපේ යහලූවෙක් වෙච්ච ටේරවෝ ඩ‍්‍රම්ස් ගැහුවා. මංල්ලි සින්දු කිව්වා.
අපටමය කියලා සංගීත භාණ්ඩ තිබුණෙ නැහැ. අපි පුහුණු වුණේ බම්බලපිටියේ තිබුණ සංගීත භාණ්ඩ කුලියට දෙන තැනක. පැය ගානට සල්ලි ගෙවලා. අපි කාටවත් රස්සාවල් තිබුණෙ නැහැ. ඒ කාලෙ ඒ සල්ලි හොයා ගත්තෙත් බොහොම අමාරුවෙන්.
මගේ උසස් අධ්‍යාපන කටයුතුත් ඉන්පසු රැකියාවත් නිසා මේ සියල්ල මගෙන් ඈත් වෙලා ගියා. ඒත් මගේ සතුටට ගෙදර බොක්ස් ගිටාරය වයමින් හිටියා.
මුළින්ම ගීයක් ලියලා තනුවක් දැම්මෙ බොහොම පොඩි කාලෙ. අපේ තිබුණ ”ළමා කලා කවය” කියන පුචි සමිතියට. ඒ කාලෙ මං හිටියෙ අටේ නවය පංති වල කියලයි මං හිතන්නෙ.
”ළමා කලා කවයයි මේ
පොඩිත්තන්ගෙ වැඩ පෙන්වන
ළමා කලා කවයයි මේ”
සමර් නයිට්ස් කාලෙ මං ගීත කීපයක් ම ලියලා තනු නිර්මාණය කළා. ඒත් ඒවා කවදාවත් පටිගත කරන්න උනන්දුවක් හෝ දැනුමක් හෝ ඒ කාලෙ අපට තිබ්බෙ නැහැ.
”මතකේ රැුඳුනා - ඔබගේ රන් පිළිරූ”
”ආරාධනා”
”සුදු තාරකා - සේලෙන් එහා” මට මතක ගී තුනක්.
ඒ කාලෙ අපි ක්ලැරන්ස් විජේවර්ධනට වහ වැටිල හිටියෙ. ඔහුගෙ ආරේ යමින් මම තනුව නිර්මාණය කළ සුදු තාරකා ගීතය අවුරුදු 15ක පමණ කාලයකට පසු තැටිගතවෙනවා. ඒ ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වුණාට පස්සෙ ශ‍්‍රීපාලි එදිරිසිංහ ගේ සුදු තාරකා සංගත තැටිය වෙනුවෙන්. සංගීත සංයෝජනය මගේ ප‍්‍රිය මිත‍්‍ර විශාරද රෝහණ ධර්මකීර්තිගෙන්. ඒ ගීතය මෙතැනින් අහන්න.
සුදු තාරකා - ශ‍්‍රීපාලි එදිරිසිංහ
මේ සංගත තැටියට ම ශ‍්‍රීපාලි ජානක වික‍්‍රමසිංහ සමග ගයන ”හම හමා ඇදෙන” ගීය ලියා තනු නිර්මාණය කළෙත් මම. ඒක මෙතැනින් අහන්න.
හම හමා ඇදෙන - ජානක වික‍්‍රමසිංහ ශ‍්‍රීපාලි එදිරිසිංහ
මම ලියා තනු නිර්මාණය කළ තවත් ගීයක් රොහාන් ශාන්ත බුලේගොඩ සමග ශී‍්‍රපාලි ගයනවා. මේ ගී දෙකේම සංගීත සංයෝජනයත් රෝහණගෙ මයි.
කඳුළු තොට ළඟ - රොහාන් ශාන්ත බුලේගොඩ ශ‍්‍රීපාලි එදිරිසිංහ
අසුන්තා කරුණාරත්න ඇගේ පළමු සංගත තැටියක් වෙනුවෙන් ගීයක් ඉල්ලා සිටියා. ”දසන්තය” ගීතය ලියලා තනුවක් දමා ඇයට දුන්නා. ”මේකෙ සංගීත සංයෝජනය රෝහණ ධර්මකීර්තිට දෙන්න” මං ඇගෙන් ඉල්ලූවා. ඒ ඉල්ලීම අනුව රෝහණ මියුරු සංගීත සංයෝජනයක් කළා. මේක අතීත පේ‍්‍රමයක් ගැන කෙරෙන ස්මරණයක් පමණයි. ඇය කියනවා මං අඬලා ඉවරයි කියලා. තරුණ කාලයේ මගේ පළමු පේ‍්‍රමයෙන් ඉවත්වීමෙන් පසු මට දැනුණ සැනසීම පමණයි මේ තනුව නිර්මාණ කරද්දි මගේ හිතේ තිබුණෙ.
ශ‍්‍රීපාලි සමග මිහිඳු මාපා ගායනා කරන මේ ගීතයත් මගේ තනුවක් සහ පද රචනයක්. ”ඔබට හිමි නැති”. මේ ගීතයේ සංගීත ඛණ්ඩ නිර්මාණය කළේ මගේ මිත‍්‍ර ආනන්ද වන්නිනායක. සංගීත සංයෝජනය රෝහණ ධර්මකීර්ති.
ඔබට හිමි නැති - ශ‍්‍රීපාලි එදිරිසිංහ / මිහිඳු මාපා
මගේ තවත් තනුවක් සහ පදරචනයක්ග ”පිනි බිඳක් සැලූණා” මේ ගීතයේත් සංගීත ඛණ්ඩ නිර්මාණය කළේ මගේ මිත‍්‍ර ආනන්ද වන්නිනායක. සංගීත සංයෝජනය රෝහණ ධර්මකීර්ති.
පිනි බිඳක් සැලූණා - ශ‍්‍රීපාලි එදිරිසිංහ
මේ, මේ වෙලාවෙ මට හොයාගන්න පුලූවන් වුණ ගීත කීපයක් පමණයි. මං තනු නිර්මාණය කළ ගීත 20කට වැඩියි. ඒවා හොයා ගන්න පුලූවන් වුණ වෙලාවක මේ සටහන අගටම අමුණන්නම්.