Thursday, March 29, 2018
ස්ටීව්... වරදක් කළත් නුඹ අවංකයෙකි
මිනිසුන් අතින් වැරදි සිදුවෙයි. සමහර ඒවා හිතා මතා සැළසුම් සහගතව කරන වැරදි ය. එහෙත් කළ වරදින් පසු එහි බරපතළකම තේරුම් ගෙන සමාජය ඉදිරියට පැමිණ ”මම වරදක් කළෙමි. එහි බරපතළ බව මට දැන් වැටහෙයි. මට සමාව දෙන්න” යයි කියන්නට තරම් ආත්මශක්තියක් ඇති මිනිසුන්ට මම ගරු කරමි.
ස්ටීව් ස්මිත් නම් වන අති දක්ෂ පිතිකරුවාට මගේ කැමැත්ත හිමිවන්නේ එනිසා ය.
___________________________________
වීඩියෝව මෙතැනින් බලන්න
තරුණ ක‍්‍රීඩකයනි.. වැරදි තීරණයක් ගන්නටයන්නේ නම් ඔබේ දෙමාපියන් ගැන පළමුව සිතන්න..
___________________________________
අපේ රටේ නම් මෙවැන්නක් සිදුවන්නට ඇති ඉඩ කඩ බොහෝ අඩුය. අති නිහීන වැරදි කලවුන් කිසිදු වරදක් නොකළවුන්සේ සමාජය හමුවේ සිනාසෙමින් කතා කරන ආකාරය දකින විට ඇතිවන අපුල අතිමහත් ය.. උන්ගේ වරද වසන්නට කළ හැකි සැම දේම කරන මාධ්‍ය පමණක් නොව උන්ගේ වැරදි නොදැක්කා සේ උන්ට සුදුහුණු ගාමින් උන් පසුපස යන මිනිසුන්ද අපේ රටට ආවේනික ය. ඒ අපේ අවාසනාව ය.
ඔසියන් ක‍්‍රීඩාවේදී පසුබසින්නට කැමති ජාතියක් නොවේ. උන් තරගකාරීය. ප‍්‍රවේගවත්ය. දිනන්නටම කැමැත්තෝ ය. ක‍්‍රිකට් බෝලය පලූදුකරන්නේ ඒ කැමැත්තටය. එහෙත් මේ මිනිස්සු නරක මිනිස්සු නොවෙති. උන් සමාජය හමුවට පැමිණ වරද පිළිගෙන කඳුළු සළන්නේ එනිසා ය. මිනිසුන්ට බොරුවට සිනාසිය හැකිය. බොරුවට හඬන්නට නොහැකි ය.
නරක මිනිසුන් වන්නේ දහසකුත් එකක් වැරදි කර ඒ කිසිවක් නොකළා සේ සමාජය හමුවේ සිනාසෙමින් සිටින දූෂිතයන් ය.
සමාව ඉල්ලන්නට ස්ටීව් ස්මිත් සමාජය හමුවට කැඳවාගෙන ආ ඒ පියාටත් මම ගරු කරමි. දරුවන්ගේ වැරදි වසන්නට කළ හැකි සැම දෙයක්ම කරන අපේ රටේ විවිධාකාර මට්ටමේ තාත්තලාට ඔහු ආදර්ශයකි.
ස්ටීව් ස්මිත් ලොව අංක එකේ පිතිකරුවා ය. එක වරදක් වෙනුවෙන් ඒ දක්ෂයා විනාශවෙනවා දකින්නට මම අකැමැත්තෙමි. ඔහුට නැවත ක‍්‍රිකට් පිටියේ තැනක් ලැබේ නම් ඒ දවස දකින්නට මම කැමැත්තෙමි.
කළ වරද අවංකව පිළිගන්නන්ට සමාව දෙන්නට මම දෙවරක් නොසිතන්නෙමි.
Wednesday, March 28, 2018
ජීවිතය වෙනස් කළ අයියාගේ ප‍්‍රශ්නය
මම යමක් තේරෙන කාලයේ සිටම අඳුරට බිය දරුවකු වීමි. අවතාර හොල්මන් ආදී දේ අඳුරේදී මගේ සිතට එයි. වෙනෙකක් තබා ඒ කාලයේ රාත‍්‍රියට අපේ ගෙදර කාමරයකටවත් තනිවම යන්නට මම පසුබට වුයෙමි. අයියලා මා කාමරයකට ගිය පසු දොර වසා මා පණ බයේ බෙරිහන් දෙමින් හඬන අයුරු බලා විනෝද වන්නටද පුරුදුව සිටියහ.
මම කිසිම මළ ගෙදරක නොගියෙමි.
බොරැල්ලේ ලිඩෝ සිනමා හලේදී පවුලේ අයත් සමග මධුමතී හින්දි චිත‍්‍රපටය නැරඹීමෙන් පසු මගේ භීතිය තවත් වැඩිවූ බවද මතකයට එයි.
මේ කියන කාලයේ අපේ පළාතට විදුලිය ලැබී නොතිබුනි. ආලින්දයේ එල්ලූ පෙට්‍රොමැක්ස් ලාම්පුවත් කෑම මේසය මත තැබූ ඇලඩින් ලාම්පුවත් නිවස ආලෝකමත් කළ ප‍්‍රභව විය. කාමරවල වැඩක් කරනවා නම් කුප්පි ලාම්පු වලින් ආලෝකය ලබාගන්නට සිදුවිය.
පන්තියෙන් පන්තිය ඉහළට යනවිට ජීවවිද්‍යා අංශය හෝ ගණිත අංශය හෝ තෝරාගන්නට කාලයක් එළැඹ තිබුණි. මගේ එකම තෝරාගැනීම වූයේ ජීව විද්‍යා අංශයයි. දොස්තර කෙනෙක් වන්නට ආශාවක් තිබූ නිසා නොවේ. චිත‍්‍ර අඳින්නට තිබූ ආසාව නිසා ය.
අපේ වැඩිහිටි සොහොයුරන් සොහොයුරියන් ලොකු පොත් වල ඇමීබාගේ සිට මිනිස් ශරීරයේ විවිධ අවයව පද්ධති දක්වා රූප අඳිනු දකින මගේ සිතද ඒවාට ඇදී ගියේ ය. මට අවශ්‍ය වූයේ ඒවා අඳින්නට ය. අන් අයට වඩා වැඩි හොඳට ඒවා අඳින්නට මට හැකි බව පුංචි මගේ සිත කීවේ ය. ඒ නිසා ජීව විද්‍යාව තෝරාගන්නට මම සිතුවෙමි.
අපේ අයියා කවදත් ගණිතයට සූරයකු විය. ඔහු යමින් සිටියේ ඉංජිනේරුවකු වන්නටය. ඒ ගමන බොහෝ පැහැදිලි ගමනක් විය.
එක්තරා දවසක මගේ තේරීම පිලිබඳ කතාවක් ඇදී ආවේ ය.
”ජීව විද්‍යාව කරපුවහම දොස්තරකෙනෙක් වෙන්න පුලූවන්”
අපේ අයියා සිනාසුණේ ය. ඇසුවේ එකම එක ප‍්‍රශ්නයකි.
”දොස්තර කෙනෙක් වෙලා රෑ දොළහට ඉස්පිරිතාලෙ මිනීකාමරේ ළඟින් යන්න වුණොත් මොකද කරන්නෙ?”
මම ගණිත අංශයට ගොස් ඉංජිනේරුවෙක් වීමි.

Monday, March 26, 2018
ජීවිතය වෙනස් කළ ප‍්‍රශ්න 2
හිතා මතා නොකළත් ජීවිතේ සමහර දේ සිදුවී ඇත්තේ යම්කිසි සැළසුමකටමය. ජීවිතය වෙනස් කළ අයියාගේ ප‍්‍රශ්නයත් එහෙම එකකි. ඒ ගැන කියන්නට පෙර තවත් බොහෝ වැල් වටාරම් කියන්නට සිදුවෙයි. කමත්වා. මේ කියන හැම දෙයක්ම මගේ කතාවට අදාල ය.
මම කුඩාකාලයේ සිටම අඳින්නට කැමැත්තක් සහ යම් දක්ෂතාවක් තිබූ දරුවකු වීමි. අපේ මාමා වූ නැසීගිය චිත‍්‍රශිල්පි ස්ටීවන් ගුණතිලක ගෙන් චිත‍්‍රශිල්පයේ ”අ”යන්නද ඉගෙන ගත්තෙමි. අඳින්නට තිබූ ආසාව නිසා ටික කාලයක් මිහිර පත්තරේට පැංචා නමින් කාටුන් එකක්ද ඇන්දෙමි.
ජීවිත කාලයටම හිතේ කොණක පුංචි වේදනාවක් ඇති කරමින් තිබෙන ඉතා කුඩා සිදුවීමක්ද මේ ඇඳීමේ කතාවට සම්බන්ධව තිබේ. වට වංගුවේ යන ගමන් එයද ලියන්නෙමි.
හතරේ පන්තියේ සිටියදී මා ඉගෙන ගනිමින් සිටියේ තලපත්පිටියේ් ඉස්කෝලේ හෙවත් කො/ද උඩහමුල්ල බෞද්ධ කණිටු විදුහලේ ය. අපේ පන්තිය තිබුණේ ප‍්‍රධාන ශාලාවේ වේදිකාව මත ය.
(ඒ කාලයේ මේ වේදිකාව මත ලියතඹරා නමින් වේදිකා නාට්‍යයක් පෙන්වූ අයුරුත් මතකය. ශාලාව දෙපැත්තේ කොට බිත්තිවලට උඩින් පොල් අතු බැඳ ශාලාව කලූවර කර පෙන්වූ ඒ නාට්‍යයේ ප‍්‍රධාන චරිතය රඟපෑවේ අපට වඩා පන්තියක් ඉහළින් සිටි රෝයි ජයවර්ධන ය. ඩොමී ජයවර්ධනගේ පොඩි පුතා ය. මාධ්‍යවේදිනී බුද්ධිනී ජයවර්ධනගේ තාත්තා වූ රංග ශිල්පි සහ ගායක නිහාල් ජයවර්ධනගේ මල්ලී ය. ”රොණට ඇදෙන සමණලියක” ගීය ගයන්නේ නිහාල් ජයවර්ධන ය. ටයිටස් තොටවත්ත සූරීන්ගේ "තෙවත" නම් වූ කෙටි චිත‍්‍රපට තුනක එකතුවේ ආ "අහල පහල" කෙටි චිත‍්‍රපටයේ නිහාල් රඟපෑවේ ය.
අපේ පාසලේ නාට්‍යයේ පෝස්ටර් ගසා තිබුණේ ”පුංචි ඩොමී රඟන ලියතඹරා” කියා ය. අද මේ අයිය මලෝ දෙදෙනාම අප අතර නැති එක ගැන කණගාටු ය)
පාසලේ ප‍්‍රධාන ශාලාවේ වේදිකාව මත වූ හතරේ පන්තියේදී මට හොඳ යහලූවෙක් සිටියේ ය. ඔහුගේ නම මිල්රෝයි විය. අද කොහේ සිටිනවාදැයි නොදන්නෙමි. පන්තියේ කොට බිත්තියෙන් පැනගොස් අල්ලපුවත්තේ ආච්චිගෙන් පොල් රොටි සහ ලූනුමිරිස් ගෙනැවිත් මට දුන්නේ මිල්රෝයි ය. ජීවිතේටම කෑ රසම පොල් රොටි ඒ පොල් රොටි ය.
එක් දිනක් සෞඛ්‍යය පාඩම උගන්වන්නට ආ තරුණ ගුරුවරිය පන්තිය සිසාරා බැල්මක් හෙළා ප‍්‍රශ්නයක් ඇසුවා ය.
”කාටද පන්තියේ හොඳටම අඳින්න පුලූවන්?”
”ජගත්ට ජගත්ට..” කොල්ලෝ කෑගැසුව හ.
”කමලාට කමලාට..” කෙල්ලෝ කෑගැසුවහ.
කොල්ලන්ගේ කෑ ගැසීම යටපත් කරන්නට කෙල්ලන්ගේ කටහඬට නොහැකිය. ගුරුතුමිය මා පන්තිය ඉදිරියට කැඳවා අච්චු පොතක් අතට දී එහි තිබූ ආහාර ජීර්ණ පද්ධතිය කලූලෑල්ලේ අඳින්නැයි කීවා ය. කොල්ලෝ ජය ගෝසා නැගූහ. එහෙත් මට සතුටක් ඇතිවූයේ නැත. මා කලූලෑල්ලේ නිවැරදිව රූපය ඇන්ද නමුත් එදා සිට අද දක්වා සිතේ කොණක පැළපදියම්ව තිබෙන සියුම් වේදනාවක්ද මගේ සිතේ විය.
කමලා අපේ ගමේ ඉතාම දුප්පත් පවුලක කෙල්ලක වූවා ය. දණහිසටත් පහළට දික්වුණ අවපැහැගත් සුදු ගවුමක් ඇඳ රබර් සෙරෙප්පු දෙකක් පැළඳගෙන පාසල් ආ මේ අහිංසක කෙල්ල මට තවම මතකය. ඔබට මා විහිලූවක් සේ පෙනෙනු හැෙඟනු ඇත. එහෙත් මේ දුප්පත් කෙල්ලට සිය දස්කම පෙන්වන්නට ලැබුණ එකම අවස්ථාව ඩැහැගත්තාය යන හැඟීම අදටත් මට සියුම් වේදනාවක් ඇති කරයි.
අයියාගේ ප‍්‍රශ්නයට එන්නට මට තවත් දවසක් ලියන්නට සිදුවෙයි.

Saturday, March 24, 2018
ජීවිතය වෙනස් කළ ප‍්‍රශ්න
සමහර විටෙක ඉතා කුඩා සරළ ප‍්‍රශ්න වලට ජීවිතය වෙනස් කරන්නට හැකියාව තිබේ. ජීවිත දෙස ආපසු හැරී බලන විට එවැනි අවස්ථා කීපයක්ම සිහියට නැගෙයි. එයින් වඩාත්ම මගේ සිත් ගත් ප‍්‍රශ්නය ඇසුවේ අපේ අයියා ය.
කවදත් අපේ අයියා පවුලේ බුද්ධිමතා විය. ඒ නිසා අයියා කියන කියන දේ දේව වාක්‍ය මෙන් ඇදහීමට අපි පුරුදුව සිටියෙමු. අයියා පවා ඒ බව දැන නොසිටියත් ඒවා සිදුවුණේ එහෙම ය.
අපි කුඩා කළ නාන්නට ගියේ වත්ත පහළ ඕවිටේ පිහිටි නාන ලිඳට ය. දවසක් නාන අතරේදී අයියා අපූරු තියරියක් ඉදිරිපත් කළේ ය.
”සබන් ගාලා ගොඩක් නෑවම සබන් වළ සුවඳ ඇෙඟන් යනවා”
කතාව ඇත්ත ය. එදා සිට අපි ඒ තියරිය අනුගමනය කළෙමු. සබන් ගාන්නට පෙර බාල්දි 20ක්ද සබන් ගෑවාට පසුව බාල්දි 10ක්ද නෑමෙන් අපේ ස්නානය සම්පූර්ණ කරන්නට අපි පුරුදු වූයෙමු.
ප‍්‍රශ්නය මතුවුණේ අපේ පන්තියේ සෞඛ්‍යය පාඩමේදී ය. එවකට මා සිටියේ කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයේ 8ඒ පන්තියේ ය. අපට සෞඛ්‍යය උගන්වන්නට ආවේ ටිකක් වයසක ගුරුවරයෙකි. මට දැන් නම මතක නැත.
හොඳ සෞඛ්‍යසම්පන්න පුරුදු ගැන උගන්වමින් සිටි අපේ ගුරුතුමා සබන් ගෑම ගැන ද කතා කරන්නට පටන් ගත්තේ ය.
”ළමයි සබන් ගෑවාම අපේ සමේ තියෙන තෙල් කුණු ඉවත් වෙලා යනවා.. ඒ නිසා නානකොට සබන් ගාන්න ඕනෙ.. කියන්න බලන්න අපි වැඩියෙන් නාන්න ඕනෙ සබන් ගාන්න ඉස්සෙල්ලද ගෑවට පස්සෙද කියලා” එය නම් මටම ගැළපෙන ප‍්‍රශ්නයකි. මේ වන විටත් අපේ අයියාගෙන් ඒ ප‍්‍රශ්නයට පිළිතුර මම ඉගෙන ගෙන සිටියෙමි.
”සබන් ගාන්න ඉස්සෙල්ලා” මම පැනලා උත්තරය දුන්නෙමි. පන්තියේ හැමදාම පළමුවැනියා වුණත් කුලෑටි ශිෂ්‍යයකු වූ මට ඒ ධෛර්යය ලැබුණේ අයියාගේ දැනුම කෙරෙහි මගේ සිතේ තිබූ බලවත් විශ්වාසය නිසාම ය.
ගුරුතුමා නළල වකුටු කොටගෙන මා දෙස බැලූවේ ය.
”ඒ මොකද අයිසෙ..?” ඔහු ඇසුවේ ය.
”සබන් ගෑවට පස්සෙ ගොඩක් නෑවම සබන් සුවඳ නැතිවෙන නිසා” මම කීවෙමි.
ගුරුතුමාට අසූහාරදාහට කේන්ති ගියේ ය. එකත් එකටම ඔහු සිතන්නට ඇත්තේ ඔහුගේ වැදගත් ප‍්‍රශ්නය මම අවඥාවට ලක්කළා කියා ය.
”සබන් සුවඳ තියේවි සබන් සැරට ඇඟ කසලා හොරි හැදුනාම” ඔහු කෝපයෙන් කීවේ ය. පන්තියේ කොල්ලෝ සිනාසුණ හ.
ඒ වුණාට තවමත් මා සිතන්නේ අපේ අයියා හරිි ය කියා ය.
මා කියන්නට ආවේ ඒ කතාව නොවේ. මගේ ජීවිතය වෙනස් කළ අයියා ගේ ප‍්‍රශ්නය ගැන ය. ඒ කතාව එන්නේ මෙයට පසුව ය.

Subscribe to:
Posts (Atom)