එල් බී ඒකනායක
වියත් ලේඛකයකු පිළිබඳ මතක සටහන් අතර
ජීවිතයේ සමහර මතක සටහන් සිත මතුපිටට නොඑන ලෙස යටපත් කරගෙන ඉන්නේ ඒවා සිහිපත් වීමෙන් විඳින්නට සිදුවන වේදනාවට ඇති අකැමැත්ත නිසා ය. එවන් මතක සටහන් අතරින් එකක් 3zzz ගුවන්විදුලියේ හිටපු කැඳවුම්කරුවකු වන අසෝක සිල්වා සොයුරා විසින් පසුගියදා සංවිධානය කළ 3zzz ආදිතමයන්ගේ සුහද හමුවේදී මතුපිටට ආවේ නැවත වතාවක් ඒ අතීත වේදනාව විඳගන්නට අපට අවස්ථාව සළසාලමින් ය.
ඒ අප අතරින් වෙන්ව ගිය සැබෑ වියතෙකු වූ එල් බී ඒකනායක සූරීන් පිළිබඳ මතකයයි.
ඒ එක් කතාවක් රෝහණ කරුණාරත්න මතකයට ගෙන ආවේ මෙසේ ය.
”එල්බී අංකල් දවසක් රේඩියෝ එකට වැඩ සටහනක් ලියලා එව්වා... මේක අද යනව නේද කියල කීප සැරයක්ම ටෙලිෆෝන් කෝල් දීලත් ඇහුවා.. දානවා අංකල් දානවා.. අපි කිව්වා.. අපි හිතා හිටියේ ඒක දාන්නමයි. ඒ අන්තිමේ වෙලාව මදි වුණා.. වැඩ සටහන ඉවර වුණා විතරයි අංකල්ගෙන් බැණුම් හතයි.. මායි බන්දුයි කෙළින්ම ආවෙ අංකල්ගෙ ගෙදරට.. අංකල් ගෙදර නැහැ.. එයා තරහින් පුපුර පුපුර ඉඳලා එලියට බැහැල ගියා. ඇන්ටි කිව්ව.. අපි දෙන්න දැන් පාරවල් දිගේ ඇවිදිමින් අංකල්ව හොයනවා.. මෙන්න එක තැනකදි අපට පේනව අංකල් හයියෙන් හයියෙන් ඇවිදගෙන යනවා.. අපි දෙන්න දුවල ගිහින් ඒ පාරෙදිම බිම දණ ගහල අංකල්ට වැන්දා.. අනේ සමාවෙන්න අංකල් හිතා මතා කළ වරදක් නෙවෙයි.. ඔන්න ඒ පාර තමයි අංකල්ගෙ හිත නිවුණෙ.. දාන්නෙ නැත්නම් මට ඒක කලින්ම කිව්ව නම් ඉවරයිනෙ පුතා.. මං මේක අද යනවා කියලා කී දෙනෙකුට නං කිව්වද? ඒ මිනිස්සුත් අහන්න බලාගෙනනෙ හිටියෙ.. මං මඩවලටත් (මෙල්බනයේ සිටි වියත් ලේඛකයෙකි) කිව්ව අහන්න කියල .. ඔන්න ඔය වගේ තමයි එල්බීගෙ වැඩ.. තරහ ගත්තට අපට හරිම ආදරෙන් හිටියෙ”
එල් බී මා මුළින්ම දැන සිටියේ ”සිංගරුපාය” ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බනයේ 3zzz ගුවන්විදුලියට ලියූ ලේඛකයා ලෙස ය. මෙල්බන් ශ‍්‍රී ලාංකික ජීවිතය දෙස අපූරු බැල්මක් හෙළමින් ලියැවුණ සිංගරුපාය ඉතා අඩු පහසුකම් තිබුණ යුගයක නිමවුණ අපූරු ගුවන් විදුලි නාට්‍යයක් ලෙස අපේ සිත් බැඳගත්තේ ය. ඒ යුගයේ ගුවන් විදුලිය ඇසූ කිසිවකුට සිංගරු පාය අමතකව යා නොහැකි ය.
ඒ අතරම එල් බී එම ගුවන් විදුලියටම ලියූ ”විසිවන සියවස” වැඩ සටහන් පෙළ ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය කෙරෙහි හෙළන ලද විචාරාත්මක බැල්මක් විය. අවාසනාවකට මේ වැඩ සටහන අතර මග ඇණ හිටියේ ය. ඒ ඇණ හිටීමට පසුබිම් වූයේ එම වැඩ සටහනේදී සිංහල මුස්ලිම් කෝලාහලය පිළිබඳව එල් බී ලියන ලද අදහසකට එවකට මෙල්බනයේ අණසක පතුරවාගෙන සිටි අන්තවාදීන් දැරුණු ප‍්‍රහාරයක් එල්ල කිරීම ය.
”ඒ පහර දීම හින්දා මට ලියන එක එපා වුණා පුතා” අප හමුවී කතා කළ පළමු දවසේම එල්බී මට කීවේ ය. නොසඟවාගත් කළකිරීමක් ඒ කටහඬෙහි විය.
මට එල්බී හමුවන්නේ අහම්බයකිනි. ඒ 2000 වසරේදී යයි සිතමි. ඒ හමුවීමට පාර කැපුවේ මෙල්බනයේ හිටපු කොන්සල් බන්දු දිසානායකයි. ඔහු එක් දිනෙක දුරකතනයෙන් මා ඇමතුවේ අපූරු කාරියක් බාර දෙන්නටය.
”මල්ලි අපේ එල්බී කවි පොතක් ලියලා.. මං ඒක ප‍්‍රින්ට් කරන්නයි හදන්නෙ.. ඔයාට පුලූවන්නං මට ඒ පොත ඩිසයින් කරලා දෙන්න” බන්දු ඉල්ලා සිටියේ ය. මම එකඟ වීමි.
පොතේ නම ”නව මැදිරි කවුළුවෙන්” විය. ගිලන්ව රෝහල් ගතව සිටින ලේඛකයකු නවවන තට්ටුවේ තමාගේ කාමරයේ කවුළුවෙන් පිටත බලා සිටිද්දී දැනෙන සිතිවිලි රැසක් ඒ පොතට ඇතුල්කොට තිබුණි.
ඒ යුගයේ තිබුණ ඞීඑස් කළණී ෆොන්ට් එකෙන් මම පොත සැළසුම් කළෙමි. පොත ගැන කතා කරගන්නට එල්බී රොක්ස්බර්ග් පාක්හි අපේ නිවසට දින දෙක තුනක් ආවේ ය. පිටකවරය වෙනුවෙන් අදහස් කීපයක්ම
මම ලේඛකයා වෙත ඉදිරිපත් කළෙමි. ඔහු අවසානයට කැමැත්ත දුන්නේ මේ සමග දැක්වෙන පිට කවරයට ය.
”මේක තමයි මගේ හිතේ තිබුණ පිට කවරය” ඔහු කීවේ ය.
ඔහුගේ කවි පොත පිළිබඳ කතා බහ අප දෙදෙනා සමීප කරවන්නට සමත් විය. ඔහු ඉතා නිර්ව්‍යාජ ලෙස මා සමග කතා කළේ ය. විවෘතව කතා කළේ ය. මේ වයෝවෘද්ධ ලේඛකයා තරුණයකු වූ මා සමග කළ කතා බහ අදත් මගේ සිතේ දෝංකාර දෙයි.
”මං රේඩියෝ එකට ලිව්වෙ හරිම ආසාවෙන් පුතා.. අන්තිමේ මුං මාව වටකරගෙන පහර දෙන්න ගත්තා.. මට ලියන එක එපා වුණා.. මං ලිවීම අත්ඇරදැම්මා... මේ කවි පොත තමයි මං එයින් පස්සෙ ලිව්ව එකම ලියවිල්ල . සමහර විට මේක තමයි මගේ අන්තිම ලිවීමත්” ඔහු කීවේ ය. නොලියූ කාලය පිළිබඳ ඔහු සිත තුළ තිබූ පසුතැවීම මට හොඳහැටි දැනුණි. ලේඛකයකුගේ අත් බැඳ තැබෙන විට දැනෙන වේදනාව මට තේරුම් ගත හැකි ය.
ඒ කාලයේ මා සිටියේ මෙල්බනයේ එවකට තිබූ එකම ශ‍්‍රී ලාංකික පුවත්පත වූ ඉංග‍්‍රීසියෙන් පළ වූ සෙරෙන්ඩිබ් නිව්ස් පුවත්පතේ සිංහල අතිරේකය සංස්කරණය කරමින් ය. මේ නිහඬ ලේඛකයා නැවත අවදි කර ගත යුතු යයි මගේ සිත කීවේ ය.
”එහෙම නෙවෙයි අංකල්.. අපි ආයෙම ලියමු.. පොඩියට හරි පටන් ගමු.. මට ලියල එවන්න” මම ඇවිටිලි කළෙමි. ඔහු දැඩිව ප‍්‍රතික්ෂෙප කළේ ය. බොහෝ වතාවක් ඇවිටිලි කරන විට ඔහු මඳක් මෘදුවනු මට දැනුණි.
”මම කවියක් ලියා එවන්නම්” ඔහු අවසානයේදී කීවේ ය. මම සතුටින් ඉපිළ ගියෙමි.
ඔහු ලියා එවූ කවිය මම සෙරෙන්ඩිබ් නිව්ස් පුවත්පතේ සිංහල අතිරේකයේ විශේෂ තැනක් දී පළ කළෙමි. ඔහු මහත් සතුටට පත්විය. එල්බී ඒකනායක නම් වන ලේඛකයා නැවත පණලබා එනු මම මහත් තෘප්තියකින් බලා සිටියෙමි. ඔහු මාස තුනක් හතරක් පත්තරයට ලිව්වේ ය. ඒ අතරේ අර අවාසනාවන්ත ප‍්‍රවෘත්තිය බන්දු දිසානායක මට ලබා දුන්නේ ය.
”එල්බීට අමාරුයි මල්ලි.. ආයෙම ඉස්පිරිතාලෙ .. මේ පාරනම්..” බන්දු අයියා කෙටියෙන්ම කතාව හමාර කළේ ය. නොකියූ කොටස මට තේරුම් ගන්නට හැකි ය.
බන්දු ඉක්මණින්ම ”නවමැදිරි කවුළුවෙන්” පොත මුද්‍රණය කළේ ය. මුද‍්‍රණය කළ පොත් රෝහලේ සිටි එල්බීට දුන් බව ආරංචි විය.
මම රෝහලට ගොස් එල්බී හමුවුණෙමි. ඔහු ඇඳේ වාඩි වී සිටියේ ය. පොත් මිටියක් ඔහුගේ පසෙකින් විය. ඔහු මහත් සතුටකින් දෝතින්ම සිය පොත මට දුන්නේ ය. මම කඳුළු සඟවා ගනිමින් ඒ පොත මහත් බැතියෙන් බාර ගතිමි.
”මම ගෙදර ගිය ගමන්ම ආයෙම ලියන්න පටන් ගන්නවා පුතා..” ඔහු කීවේ ය ”.. ඊළඟ මාස දෙකට කවි පන්ති දෙකක් මම ....... ට බාරදුන්නා පුතාට යවන්නය කියලා. එයා ඒක එවාවි” එල්බීගේ උද්‍යෝගිමත් කටහඬ මට ඇසෙයි.
”ඒක හොඳයි අංකල්.. අපි දිගටම ලියමු” මම කීවෙමි. එහෙත් ඔහුගේ කාලය ඉතා කෙටි බව මම ඒ වන විටත් දැනගෙන සිටියෙමි. රෝහලේ විදුලි සෝපානයෙන් පහළට එද්දී මට මගේ කඳුලූ සඟවාගන්නට නොහැකි විය.
ඒ දිනයට පසුවදා එල්බී අප හැර ගියේ ය.
මගේ රාජාලි පියාපත කවි පොතේ ආ මේ කව ලියුවේ එල්බී වෙනුවෙනි.
ගිලන් යහනත
නවා අතු පතර විලෝ ගස් පෙළ
සළා පිනි කඳුළු අතොරක් නැතිව අතු අගින්
බලා සිටියා ය විසල් ගොඩනැගිලි අබියස
මේ මහා රෝහල් බිමේ කෙළවරක
නවා ගත් හිස් ඇති මිනිසුන්
පුරා මෙ බිම සරා ගිය අයුර
නවවෙනි තට්ටුවේ වාට්ටුවේ
රෝගීව සිටි කවියා බලා සිටියේ ය
කුඩා මේසය කෙළවරක
කඩදාසි සහ පෑන ද
බලා සිටියේය වැළපෙමින්
අකර්මණ්‍යව සිටි කවියා දෙස
නොමිනිසුන් මිනිස් වෙස් ගත්
තලා දැමු සිත රිදුම් දුනි
රෝගී වූ ෙසෙල සියොළඟ පුරා
පීඩා දුන්නාට බෝ වැඩියෙන්
නොලිව් කවි පද සිරව හදවත තුළ
හඩා වැටුණා කළල වේසයෙන්
අලූත් කවි මල් පිපුණා ය රහසින්
ගිලන් යහනට ඉහළින්
ලියන්නට බොහෝ දේ ඉතිරිව ඇත
නොලියූ බොහෝ දේ ඇත සිත තුළ
ලියන්නට පටන් ගමි හෙටම
මහත් ආවේගයෙන් කීවේ ය කවියා
අවසන් හුස්ම හෙළුෑ දිනට පෙරදින
ජීවිතය යනු හමුවීම් සහ වෙන්වීම් රැසක එකතුවක් බව ඇත්ත ය. එහෙත් ඒ වෙන්වීම් අපේ සිතේ තබා යන වේදනාව විඳ ගැනීම කොයි තරම් අපහසු කාරියක්ද?
පසු සටහන
එල්බී ලියූ අන්තිම කවි කීපය අර බාරදුන් අය ඒවා මට එවුවේ නැත. ඇයිදැයි නොදනිමි. එසේම එල්බීගේ මේ කවි පොත කිසිදිනෙක එළිදැක්වුණේ ද නැත. එයට හේතුවද මම නොදනිමි.
Friday, November 8, 2019
Monday, October 7, 2019
ශනිදා සාදය පස්වන වසරට..... මෙල්බන් රේඩියෝවේ ආගිය කතා...
ශනිදා සාදය පස්වන වසරට
මෙල්බන් රේඩියෝවේ ආගිය කතා
”ඒ කාලෙ අපි රේඩියෝ එක ඉවර වෙලා එළියට බහිනකොටම කෝල් එකක් එනවා.. එක්කො ඞීබී (කුරුප්පු).. නැත්නම් එල්බී (ඒකනායක).. රේඩිියෝ එකේ කතා කරද්දි අපි අතින් වැරදියට කියවුණ වචනයකට පවා අපට හොඳටම දෙහි කැපුවා” ඕස්ටේ‍්‍රලියාවේ ගුවන් විදුලියකින් සිංහලෙන් කතා කළ පළමු නිවේදකයා - උපා උපදාස අතීතය අවදි කරමින් කියයි.
”අපි හැමදේම කළේ හරිම සැළසුම් සහගතව.. වැඩසටහන පටන්ගන්න පූර්විකාව ගැන පවා අපි හුඟක් සාකච්ඡුා කරනවා.. වැදගත් යමක් කියන්න තමයි අපි හැමතිස්සෙම උත්සාහ කළේ” ස්වර්ණා උපදාස මහත්මිය කියයි. මෙල්බන් ගුවන් විදුලියේ පළමු කණ්ඩායමේ සිටි ඇයට කියන්නට බොහෝ මතක සටහන් ඇත.
”දවසක් වැඩසටහනක් ඉවර කරල එද්දි ඒකනායක අංකල් මට හොඳ කතාවක් කිව්වා.. පුතා ලස්සන වචන තියෙන්නෙ එහෙන් මෙහෙන් දමල ගහන්න නෙවෙයි.. මුතු පොටක් වගේ ලස්සනට අමුණන්න.. එහෙම ඇමිණුවාම තමයි වචන වල ලස්සන පේන්නෙ.. ඇත්තටම ඒ ප‍්‍රවීණයන් නිසා අපි කොයි තරම් දේ ඉගෙන ගත්තද?” මාධ්‍යය නිසි ලෙස හඳුණාගනිමින් ගුවන්විදුලියට එක් වූ ප‍්‍රසන්න කුරුකුලරත්න ඒ යුගයේ ගුවන් විදුලිය වටා එක් වී සිටි ප‍්‍රවීණයන් කෙරෙහි වූ කෘතවේදීත්වය පළ කරයි.
බන්දු දිසානායක, සෑම් වීරරත්න, ෂ්‍යාමන් ජයසිංහ, රෝහණ කරුණාරත්න, අනෝජා කරුණාරත්න වැනි ප‍්‍රවීණයන්ට මෙල්බන් ගුවන්විදුලියේ අතීතය ගැන කියන්නට බොහෝ දේ තිබුණි. පසු කලෙක ගුවන් විදුලියට එක් වූ අසෝක සිල්වා, නෙළුම් අමුණුගම, නුවන් සමරපති, වරුණ සාවින්ද, ගාමිණී රණසිංහ, සෙව්වන්දි අබේරත්න, අමරසිංහ අමුණුගම වැනි ගුවන්විදුලි ශිල්පීන් ශිල්පිනියන් වරින් වර සිය මතකය අවදි කරන්නේ සඟවාගත් කණගාටුවක්ද සමගින් ය. ඒ සියළු කතාබහ අවසන් වූයේ එක් තැනකිනි.
”රේඩියෝ එක අහපු කාලයක් මතක නැහැ”
ඒ ප‍්‍රකාශය අතීතයේ 3zzz ගුවන්විදුලිය හා එක්ව සිටි අය අතරින් අදත් එහි ගුවන්විදුලි වැඩසටහනක් කරන මගේ සිතේ ඇති කරන්නේ වේදනාවකි.
3zzz ගුවන්විදුලි සේවය මෙල්බන් ප‍්‍රජා ගුවන්විදුලි ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයකි. ඒ ඔස්සේ ගුවන්ගත වූ පළමු වැඩ සටහන සිංහල වැඩසටහන වීම අහම්බයකි. සැබැවින්ම ඒ ආරම්භක දිනයේ සිංහල වැඩ සටහන තිබුණේ දෙවන වැඩ සටහන ලෙස ය. පළමු වැඩ සටහන කළ අයගේ නොදැණුවත්කම නිසා ඔවුන් මැදිරියේ සිට ඉදිරිපත් කළ ද ඒ වැඩ සටහන ගුවන්ගත වුණේ නැත. ශ‍්‍රාවකයන්ට අසන්නට ලැබුණ පළමු වැඩසටහන වූයේ දෙවෙනි වැඩසටහන වූ සිංහල වැඩ සටහනයි. එය ඉදිරිපත් කළ නිවේදකයා උපා උපදාස යි.
පළමු දා සිටම ගුවන්විදුලිය සමග අසන්නෝ රොද බැඳගත් හ. එය අපේ ප‍්‍රජා සන්නිවේදනයේ වැදගත් ස්ථානයක් හෙබ වූ අතර දැඩි කැපවීමෙන් වැඩසටහන් ඉදිරිපත් කළ නිවේදක නිවේදිකාවන් සේම නිෂ්පාදකයන් නිසා වැඩ සටහනේ ගුණාත්මකභාවයද ඉතා ඉහළ මට්ටමක විය. එල් බී ඒකනායක ඞීබී කුරුප්පු වැනි වියත්තු ඒ වටා රැුඳෙමින් අවවාද අනුශාසනා දුන්හ. ප‍්‍රමිතිය රැුකගත්හ. එල්බී ඒකනායක ලියූ ”සිංගරුපාය” වැනි උසස් ගුවන්විදුලි නාට්‍ය පවා ගුවන්ගතවුණේ ඉතා අඩු පහසුකම් යටතේ ය. ඒ අතීතය රසවත්ය. ඒ ගැන කතා කරන්නට බොහෝ රසමුසු තැන් අපමණ ය.
1999 දී හෝ 2000 දී පමණ මගේ පළමු ගුවන්විදුලි සාකච්ඡුාව නිෂ්පාදනය කළේ රෝහණ කරුණාරත්න ය. නිවේදකයා වූයේ ආනන්ද බාලසූරිය ය. පටිගතකිරීමේ ඩිජිටල් තාක්ෂණය නොතිබුණ එදා විශාල ස්පූල් දෙකක් සහිත පටිගතකිරීමේ යන්ත‍්‍රයකින් රෝහණ ඒ සාකච්ඡුාව පටිගත කළ හැටි මට තවම මතක ය. මගේ දෙවන සාකච්ඡුාව මෙල්බන් මාධ්‍ය ක්ෂෙත‍්‍රයට ඉතා වැදගත් වූ සාකච්ඡුාවක් වූයේ යයි අද මට සිතෙයි. එවකට ආරම්භ කර තිබූ සෙරෙන්ඩිබ් නිව්ස් ඉංග‍්‍රීසි පුවත්පතේ සිංහල පිටුව බාරගෙන කරන්න යයි එහි සංස්කාරකවරුන් වූ ගීතිකා හා විරෝෂ් පෙරේරා මට ආරාධනා කළේ එදා 3zzz ගුවන්විදුලියේ දී ය. එතැනින් ආරම්භ වුණ මෙල්බන් සිංහල පත්තර කලාව කොයි තරම් දුරට ගියාදැයි නැවත ලියන්නට අදහස් නොකරමි. දන්නෝ දනිති.
ඒ දෙවන සාකච්ඡුාව කළේ උපා උපදාස යි. මගේ ”කන්ද උඩ මාළිගාව” කෙටිකතා පොත සම්බන්ධයෙනි. එදා ඒ ප‍්‍රවීණ නිවේදකයා මුලූ පොතම කියවා වැදගත් තැන් සටහන් කරගෙන පැමිණ සිටි අතර ඒ සාකච්ඡුාව ඉතා අර්ථාන්විත එකක් විය.
”සීඞී දෙක තුනක් අරගෙන ඇවිත් මොනවා හෝ කියවා යන රේඩියෝ එකක් නෙවෙයි අපි එදා කළේ.. හැම දේටම ඉතා හොඳින් සූදානම් වුණා.. සතියක් පුරා පොත පත කියවලා කරුණු හොයාගෙන තමයි අපි මැදිරියට ආවෙ.. එයා ටයිම් එකේ තියෙන වටිනාකම අපි හොඳට දැනගෙන හිටියා.. ඒ එක්කම මේ මාධ්‍යය ගැන අපි හොඳට අධ්‍යයනය කළා.. ඉගෙනගන්නෙ නැතුව කොහොමද මාධ්‍යයක් කරන්නෙ?”
මගේ මතකය නිවැරදි නම් 2000 දී හෝ 2001 දී පමණ දිනෙක රෝහණ කරුණාරත්න මට දුරකතන ඇමතුමක් දුන්නේ ය.
”අපි අලූත් රේඩියෝ ටීම් එකක් හදනවා.. ඔයාගෙ නමත් යෝජනා වෙලා තියෙනවා.. එන්න අපි එක්ක මේ වැඬේට” ඔහු ආරාධනා කළේ ය.
”මම ආරාධනා කළාට ජගත් එකපාරටම බැහැයි කිව්වා” රෝහණ අද ඒ මතකය අවදි කරයි.
සැබෑවකි. මෙල්බන් සමාජසේවා වැඩ වලට බසින්නට මගේ කැමැත්තක් නොවීය. මට අවශ්‍ය වූයේ මගේ හුදෙකලාවේ නිමග්න වී මගේ නිර්මාණ කටයුතුවල යෙදෙන්නට ය. එහෙත් රෝහණ සිය උත්සාහය අත්නොහැරීමේ අවසන් ප‍්‍රතිඵලය වූයේ අපි අලූත් කණ්ඩායමක් ලෙස ගුවන්විදුලිය බාරගැනීම ය. අසෝක සිල්වා අපේ කැඳවුම්කරු විය. ඒ කණ්ඩායමෙන් මම තවමත් 3zzz ගුවන්විදුලිය හා සම්බන්ධව සෙනසුරාදා උදේ 7ට ශනිදා සාදයෙන් ශ‍්‍රී ලාංකික ප‍්‍රජාව අමතමින් සිටින්නෙමි. සෙනසුරාදා උදේ 7ට ශනිදා සාදය මගේ සිතැඟියාව අනුව ස්වාධීනව කරගෙන යන්නට මට අවසර දීම පිළිබඳව සිංහල කමිටුවට මගේ ස්තුතිය හිමිවිය යුතුය.
ප‍්‍රවීණ නිවේදිකා තේජා කටුගම්පොළත් මමත් දැන් වසර හතරක් තිස්සේ ශනිදා සාදය ගෙන ඒමේ දුෂ්කර ව්‍යායාමය විඳ ගනිමින් සිටින්නෙමු. උදෑසන 7ට නැගිට ගුවන්විදුලියට සවන්දෙන ශ‍්‍රාවක ප‍්‍රජාවක් ගොඩනැගීමේ අභියෝගය ජයගත්තෙමු.
ශනිදා සාදය මේ මාසයේදී වසර හතරක ගමනක් සම්පූර්ණ කර පස්වන වසරට පිය තැබුවේ ය. ජනප‍්‍රිය ගුවන්විදුලි වැඩසටහනක් මෙල්බන් ප‍්‍රජාවට බෙදා දෙන්නට හැකිවීමේ සතුට මේ මොහොතේ අපි විඳ ගනිමින් සිටින්නෙමු.
මේ කුඩා සටහන ලිව්වේ ඒ සතුට වෙනුවෙන් ය.
මෙල්බන් රේඩියෝවේ ආගිය කතා
”ඒ කාලෙ අපි රේඩියෝ එක ඉවර වෙලා එළියට බහිනකොටම කෝල් එකක් එනවා.. එක්කො ඞීබී (කුරුප්පු).. නැත්නම් එල්බී (ඒකනායක).. රේඩිියෝ එකේ කතා කරද්දි අපි අතින් වැරදියට කියවුණ වචනයකට පවා අපට හොඳටම දෙහි කැපුවා” ඕස්ටේ‍්‍රලියාවේ ගුවන් විදුලියකින් සිංහලෙන් කතා කළ පළමු නිවේදකයා - උපා උපදාස අතීතය අවදි කරමින් කියයි.
”අපි හැමදේම කළේ හරිම සැළසුම් සහගතව.. වැඩසටහන පටන්ගන්න පූර්විකාව ගැන පවා අපි හුඟක් සාකච්ඡුා කරනවා.. වැදගත් යමක් කියන්න තමයි අපි හැමතිස්සෙම උත්සාහ කළේ” ස්වර්ණා උපදාස මහත්මිය කියයි. මෙල්බන් ගුවන් විදුලියේ පළමු කණ්ඩායමේ සිටි ඇයට කියන්නට බොහෝ මතක සටහන් ඇත.
ප‍්‍රසන්න කුරුකුලරත්න |
බන්දු දිසානායක, සෑම් වීරරත්න, ෂ්‍යාමන් ජයසිංහ, රෝහණ කරුණාරත්න, අනෝජා කරුණාරත්න වැනි ප‍්‍රවීණයන්ට මෙල්බන් ගුවන්විදුලියේ අතීතය ගැන කියන්නට බොහෝ දේ තිබුණි. පසු කලෙක ගුවන් විදුලියට එක් වූ අසෝක සිල්වා, නෙළුම් අමුණුගම, නුවන් සමරපති, වරුණ සාවින්ද, ගාමිණී රණසිංහ, සෙව්වන්දි අබේරත්න, අමරසිංහ අමුණුගම වැනි ගුවන්විදුලි ශිල්පීන් ශිල්පිනියන් වරින් වර සිය මතකය අවදි කරන්නේ සඟවාගත් කණගාටුවක්ද සමගින් ය. ඒ සියළු කතාබහ අවසන් වූයේ එක් තැනකිනි.
”රේඩියෝ එක අහපු කාලයක් මතක නැහැ”
ඒ ප‍්‍රකාශය අතීතයේ 3zzz ගුවන්විදුලිය හා එක්ව සිටි අය අතරින් අදත් එහි ගුවන්විදුලි වැඩසටහනක් කරන මගේ සිතේ ඇති කරන්නේ වේදනාවකි.
3zzz ගුවන්විදුලි සේවය මෙල්බන් ප‍්‍රජා ගුවන්විදුලි ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයකි. ඒ ඔස්සේ ගුවන්ගත වූ පළමු වැඩ සටහන සිංහල වැඩසටහන වීම අහම්බයකි. සැබැවින්ම ඒ ආරම්භක දිනයේ සිංහල වැඩ සටහන තිබුණේ දෙවන වැඩ සටහන ලෙස ය. පළමු වැඩ සටහන කළ අයගේ නොදැණුවත්කම නිසා ඔවුන් මැදිරියේ සිට ඉදිරිපත් කළ ද ඒ වැඩ සටහන ගුවන්ගත වුණේ නැත. ශ‍්‍රාවකයන්ට අසන්නට ලැබුණ පළමු වැඩසටහන වූයේ දෙවෙනි වැඩසටහන වූ සිංහල වැඩ සටහනයි. එය ඉදිරිපත් කළ නිවේදකයා උපා උපදාස යි.
පළමු දා සිටම ගුවන්විදුලිය සමග අසන්නෝ රොද බැඳගත් හ. එය අපේ ප‍්‍රජා සන්නිවේදනයේ වැදගත් ස්ථානයක් හෙබ වූ අතර දැඩි කැපවීමෙන් වැඩසටහන් ඉදිරිපත් කළ නිවේදක නිවේදිකාවන් සේම නිෂ්පාදකයන් නිසා වැඩ සටහනේ ගුණාත්මකභාවයද ඉතා ඉහළ මට්ටමක විය. එල් බී ඒකනායක ඞීබී කුරුප්පු වැනි වියත්තු ඒ වටා රැුඳෙමින් අවවාද අනුශාසනා දුන්හ. ප‍්‍රමිතිය රැුකගත්හ. එල්බී ඒකනායක ලියූ ”සිංගරුපාය” වැනි උසස් ගුවන්විදුලි නාට්‍ය පවා ගුවන්ගතවුණේ ඉතා අඩු පහසුකම් යටතේ ය. ඒ අතීතය රසවත්ය. ඒ ගැන කතා කරන්නට බොහෝ රසමුසු තැන් අපමණ ය.
1999 දී හෝ 2000 දී පමණ මගේ පළමු ගුවන්විදුලි සාකච්ඡුාව නිෂ්පාදනය කළේ රෝහණ කරුණාරත්න ය. නිවේදකයා වූයේ ආනන්ද බාලසූරිය ය. පටිගතකිරීමේ ඩිජිටල් තාක්ෂණය නොතිබුණ එදා විශාල ස්පූල් දෙකක් සහිත පටිගතකිරීමේ යන්ත‍්‍රයකින් රෝහණ ඒ සාකච්ඡුාව පටිගත කළ හැටි මට තවම මතක ය. මගේ දෙවන සාකච්ඡුාව මෙල්බන් මාධ්‍ය ක්ෂෙත‍්‍රයට ඉතා වැදගත් වූ සාකච්ඡුාවක් වූයේ යයි අද මට සිතෙයි. එවකට ආරම්භ කර තිබූ සෙරෙන්ඩිබ් නිව්ස් ඉංග‍්‍රීසි පුවත්පතේ සිංහල පිටුව බාරගෙන කරන්න යයි එහි සංස්කාරකවරුන් වූ ගීතිකා හා විරෝෂ් පෙරේරා මට ආරාධනා කළේ එදා 3zzz ගුවන්විදුලියේ දී ය. එතැනින් ආරම්භ වුණ මෙල්බන් සිංහල පත්තර කලාව කොයි තරම් දුරට ගියාදැයි නැවත ලියන්නට අදහස් නොකරමි. දන්නෝ දනිති.
ඒ දෙවන සාකච්ඡුාව කළේ උපා උපදාස යි. මගේ ”කන්ද උඩ මාළිගාව” කෙටිකතා පොත සම්බන්ධයෙනි. එදා ඒ ප‍්‍රවීණ නිවේදකයා මුලූ පොතම කියවා වැදගත් තැන් සටහන් කරගෙන පැමිණ සිටි අතර ඒ සාකච්ඡුාව ඉතා අර්ථාන්විත එකක් විය.
”සීඞී දෙක තුනක් අරගෙන ඇවිත් මොනවා හෝ කියවා යන රේඩියෝ එකක් නෙවෙයි අපි එදා කළේ.. හැම දේටම ඉතා හොඳින් සූදානම් වුණා.. සතියක් පුරා පොත පත කියවලා කරුණු හොයාගෙන තමයි අපි මැදිරියට ආවෙ.. එයා ටයිම් එකේ තියෙන වටිනාකම අපි හොඳට දැනගෙන හිටියා.. ඒ එක්කම මේ මාධ්‍යය ගැන අපි හොඳට අධ්‍යයනය කළා.. ඉගෙනගන්නෙ නැතුව කොහොමද මාධ්‍යයක් කරන්නෙ?”
මගේ මතකය නිවැරදි නම් 2000 දී හෝ 2001 දී පමණ දිනෙක රෝහණ කරුණාරත්න මට දුරකතන ඇමතුමක් දුන්නේ ය.
”අපි අලූත් රේඩියෝ ටීම් එකක් හදනවා.. ඔයාගෙ නමත් යෝජනා වෙලා තියෙනවා.. එන්න අපි එක්ක මේ වැඬේට” ඔහු ආරාධනා කළේ ය.
”මම ආරාධනා කළාට ජගත් එකපාරටම බැහැයි කිව්වා” රෝහණ අද ඒ මතකය අවදි කරයි.
සැබෑවකි. මෙල්බන් සමාජසේවා වැඩ වලට බසින්නට මගේ කැමැත්තක් නොවීය. මට අවශ්‍ය වූයේ මගේ හුදෙකලාවේ නිමග්න වී මගේ නිර්මාණ කටයුතුවල යෙදෙන්නට ය. එහෙත් රෝහණ සිය උත්සාහය අත්නොහැරීමේ අවසන් ප‍්‍රතිඵලය වූයේ අපි අලූත් කණ්ඩායමක් ලෙස ගුවන්විදුලිය බාරගැනීම ය. අසෝක සිල්වා අපේ කැඳවුම්කරු විය. ඒ කණ්ඩායමෙන් මම තවමත් 3zzz ගුවන්විදුලිය හා සම්බන්ධව සෙනසුරාදා උදේ 7ට ශනිදා සාදයෙන් ශ‍්‍රී ලාංකික ප‍්‍රජාව අමතමින් සිටින්නෙමි. සෙනසුරාදා උදේ 7ට ශනිදා සාදය මගේ සිතැඟියාව අනුව ස්වාධීනව කරගෙන යන්නට මට අවසර දීම පිළිබඳව සිංහල කමිටුවට මගේ ස්තුතිය හිමිවිය යුතුය.
ප‍්‍රවීණ නිවේදිකා තේජා කටුගම්පොළත් මමත් දැන් වසර හතරක් තිස්සේ ශනිදා සාදය ගෙන ඒමේ දුෂ්කර ව්‍යායාමය විඳ ගනිමින් සිටින්නෙමු. උදෑසන 7ට නැගිට ගුවන්විදුලියට සවන්දෙන ශ‍්‍රාවක ප‍්‍රජාවක් ගොඩනැගීමේ අභියෝගය ජයගත්තෙමු.
ශනිදා සාදය මේ මාසයේදී වසර හතරක ගමනක් සම්පූර්ණ කර පස්වන වසරට පිය තැබුවේ ය. ජනප‍්‍රිය ගුවන්විදුලි වැඩසටහනක් මෙල්බන් ප‍්‍රජාවට බෙදා දෙන්නට හැකිවීමේ සතුට මේ මොහොතේ අපි විඳ ගනිමින් සිටින්නෙමු.
මේ කුඩා සටහන ලිව්වේ ඒ සතුට වෙනුවෙන් ය.
Wednesday, August 14, 2019
පුංචි කාලෙ මං...
ජගත් හේවාපන්න - මිහිර කතුතුමාට සහ ලිපිය ලියූ සමුද‍්‍රිකා වර්ණකුල සොයුරියට ස්තුතියි..
මං ඉස්කෝලෙ කාලෙ ලිව්ව, කාටුන් ඇන්ද, ඒ විතරක් නෙවෙයි පාසල් වාර්තාකරුවෙක් වෙලා හිටිය, මිහිර පත්තරේ ගිය මේ ලිපියට මං හුඟක් කැමතියි..

Saturday, August 10, 2019
ගල් වූ මිනිසකුගේ කතාව - ලක්ෂ්මන් කොඩිතුවක්කු ගේ කැන්ගරු වන්නම
අවුරුදු විස්සක් ඔස්ටේ‍්‍රලියාවට සිංහල පත්තර ගෙනෙන්නට වැය කළ ජීවිතයේ ආශ්වාදණිය මතක අපමණ ය. කිසිවකුට තේරුම් ගත නොහැකි තරම් කටුක ඒ මාර්ගය දෙස නැවත හැරී බැලීමේදී මගේ මතකයට එන දේ අතරින් එකක් වන්නේ මේ ගමනේදී මට හමුවූ සුන්දර මිනිසුන් පිලිබඳ මතකය යි. සෙරෙන්ඩිබ් නිව්සු පුවත්පතේ සිංහල පිටු වලින් ඇරඹී පහන සහ සන්නස හරහා ආ මේ ගමනේදී අමතක නොවන පිරිසක් වන්නේ මේ පත්තර පිටු ඔස්සේ ඉදිරියට ආ ලේඛක ලේඛිකාවන් පිරිසයි. ඒ අතරින් ලක්ෂ්මන් කොඩිතුවක්කු ලේඛකයා කැපී පෙනෙයි. ඒ තරමටම මම ඔහුගේ ගමන් මග නිරීක්ෂණය කරමින් සිටියෙමි.
මෙයට පෙර කීපවතාවක්ම ලියා ඇති පරිදි කෙටිකතාකරුවකු කවියකු විශේෂාංග ලේඛකයකු ලෙස ඔහු ආ ගමන මුළ සිටම මම බලා සිටියෙමි. ඒ ගමනේ කූඨප‍්‍රාප්තිය ඔහුගේ ”කැන්ගරු වන්නම” නවකතාව යයි මම සිතමි.
කැන්ගරු වන්නම නවකතාව සඳහා ලක්ෂ්මන් තෝරාගන්නේ මේ සමාජයේ අප අත් දකින අපූරු අනුභූතියකි. විවිධාකාර ක‍්‍රම ඔස්සේ මෙවන් රටවලට පැන සැඟවී සිට මොනයම් ක‍්‍රමයකින් හෝ සිය පැවැත්ම තහවුරුකරගන්නා අය අප අනන්තවත් දැක ඇත. තමන් මෙවන් අයකු පිළිබඳ නවකතාවක් ලියන බව කලකට පෙර ලක්ෂ්මන් මට කියූ අවස්ථාවේ මගේ සිතට එකවර ඇතුල්වූයේ ඒ කතා රැසයි. මේ කතා තුළින් අවශ්‍ය කොටස් තෝරා බේරා ගනිමින් සිය නවකතාව නිර්මාණය කරන්නට ලක්ෂ්මන් දක්වා තිබූ කුසලතාව අපූරු එකකි. ජීවත්ව සිටින්නන් අපහසුවට පත් නොකර සිය නිර්මාණය ගොඩ නගන්නට ඔහුට හැකිවී ඇති බව දැකීම සතුටකි.
ජිනේන්ද්‍ර, ස්වර්ණතිලක නැටුම් ගුරුතුමාගේ නර්තන කණ්ඩායම සමග ඕසටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර සංචාරයකට එක්වන්නේ ඕස්්ටේ‍්‍රලියාවට පැනගැනීමේ ඒකායන අරමුණෙන් ය. තමහන්ගේ සියලූම ප‍්‍රශ්න වලට විසඳුම ඇත්තේ ඒ තීරණය මත යයි විශ්වාස කරන ඔහු සිය ගැබ්බර බිරිඳ වන සුගන්ධිකා පවා ලංකාවේ තනිකර දමා ඕස්ටේ‍්‍රලියාවට පැනගනියි. ඔහුගේ මේ උත්සාහය සාර්ථකවනු ඇතිද? ඔහුට මෙරටේ ස්ථිර පදිංචිය සඳහා අවශ්‍ය වීසා ලබා ගත හැකි වේවිද? ලක්ෂ්මන් සිය කතාව ගොඩ නගන්නේ මේ සියලූ ප‍්‍රශ්න එකින් එක අප හමුවේ දිගහරිමින් ය. ඒ අතරේ මිනිස් සිත් තුළ උපදින විවිධාකාර මනෝභාව හමුවේ මේ චරිත හැසිරෙන ආකාරය අප හමුවේ තබන්නට ඔහු සමහත් වෙයි.
ලක්ෂ්මන්ගේ කැන්ගරු වන්නම නවකතාවේ අපට හමුවන චරිත සුදු සහ කලූ ලෙස වෙන් කළ නොහැකි ය. ඒ චරිත මේ මිනිස් ලෝකයේ අප අත් දකින් හොඳ නරක දෙකම පොදි බැඳගත් ගැහැනුන් සහ මිනිසුන් ය. ඔවුන් නවකතාවේ හැසිරෙන්නේද ඒ කලූත් සුදුත් එකලෙස ප‍්‍රදර්ශනය කරමින් ය.
කෙටිකතාකරුවකු ලෙස ලක්ෂ්මන් ගොඩනගාගත් මනා බස මේ නවකතාව තුළද අපට දකින්නට ලැබෙයි. ඒ බස ප‍්‍රාණවත් ය. සුගම ය. නිරවුල් ය.
තම තමන්ගේ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ගැහැනුන් සහ මිනිසුන් සිය ජීවිත පරදුවට තබන අවාසනාවන්ත පරිසරයක් පිලිබඳ මේ කතාව අවසානයේ මේ ගමනින් ජිනේන්ද්‍ර සැබෑ ජයග‍්‍රහණයක් ලබාගත්තාද? කතාව අවසානයේ කතුවරයා අප හමුවේ ඉතිරිකර යන ප‍්‍රශ්නය එයයි. ඒ ප‍්‍රශ්නයට පිලිතුර එක් එක් පාඨකයා තම තමන් විශ්වාස කරන පුරුෂාර්ථ අනුව තීරණය කරගනු ඇත.
Wednesday, August 7, 2019
”සිහිනයකි රෑ”
මෙල්බන් හිදී රූ ගත කෙරුණු ”සිහිනයකි රෑ” වැඩ සටහනට සහභාගිවන ලෙස ආරාධනා කළේ ප‍්‍රසංගයේ මෙහෙයුම්කරු වූ භානුක මනෝරත්න සහ ප‍්‍රසංගයේ සංවිධායක වූ ධනුෂ්ක ප‍්‍රනාන්දු සොහොයුරන් ය. ආරම්භයේ සිටම මනා ලෙස සංවිධානය කෙරුණ මේ ප‍්‍රසංගයේ මා තෝරන ගී ගායනා කිරීම සඳහා තෝරාගෙන තිබුණේ මලිත් පෙරේරා සහ හිරණ්‍යා මනෝරත්න වීම මට මහත් පහසුවක් සහ සතුටක් ගෙනදුන් කරුණක් විය. ගීත හතරක් තෝරා ගැනීම සඳහා ගීත අටක් යෝජනා කරන්නැයි අපෙන් ඉල්ලා තිබුණි.. අප ඉදිරිපත් කරන ඔ්නෑම ගීයක් ගායනා කිරීමේ අභීයෝගය අපේ ගායක ගායිකාවන් බාර ගෙන තිබුණි.
ගීත සඳහා අදහස් දක්වන්නට ජය ශ‍්‍රී චන්ද්‍රජිත්, සිසිර දිසානායක, සහන් වීරසේකර, ධනුෂ්ක ප‍්‍රනාන්දු, අසංක දොඩන්තැන්න සහ මා තෝරාගනු ලැබ තිබුණි. ගීත ගායනයට මලිත් පෙරේරා, හිරණ්‍යා මනෝරත්න, මිහිඳු ආරියරත්න, ලක්මිණි උඩවත්ත, මොහාන් දර්ශන, රුවන්ති ජයසේකර යන ගායක ගායිකාවන් තෝරාගෙන තිබුණි.
ප‍්‍රසංගය මෙහෙයවූ මහේෂ් නිස්සංක සහ නිෂ්පාදිකාව වූ ජයමිණි ඉලේපෙරුම ගම්ලත් කළ මෙහෙය අති විශාලය. මේ වැඩ සටහනට සහභාගි වන ලෙසට මා උනන්දු කර පසෙකට වී අප‍්‍රමාණ සතුටක් විඳගත් තිලකා ගම්ලත් සොයුරියත් ගාමිණී පැළෑඳ සොයුරාත් අමතක නොවේ..
මේ ”සිහිනයකි රෑ” වැඩ සටහන අප නොසිතූ ලෙස ජනප‍්‍රියත්වයට පත්ව ඇති බව ලැබෙමින් පවතින ප‍්‍රතිචාර පෙන්වා දෙයි. නරඹන්නට කැමති අයගේ පහසුව සඳහා මා ඉදිරිපත් කළ ගීත හතර මෙලෙස වෙන වෙනම යූ ටියුබ් වීඩියෝ ලෙස මෙහි එක් කර ඇත්තෙමි.
1 අයියණ්ඩියේ
2 මවකගෙ උනුසුම
3 පැන මඩ කඩිති
4 සුළං කුරුල්ලෝ
සම්පූර්ණ වැඩසටහන මෙතැනින් නරඹන්න

Saturday, June 8, 2019
අතීතයෙන් බිඳක්.....
මේ සටහන කිසිවකුටවත් ප‍්‍රයෝජනයක් වෙන සටහනක් යයි නොසිතමි. ප‍්‍රයෝජනයක් ඇත්තේ මට පමණක් යයිද සිතමි. කමත්වා...
පසුගිය දිනෙක ගෙදර අස්පස් කරද්දී රාක්කයක තිබූ පරණ සමරු කලාප රැසක් හමුවිය. ඒ මා අතින් මෙල්බනයේදී නිමැවුණ සමරු කලාප අතරින් කොටසකි. ඉතිරිව ඇති සමරු කළාප පිටකවර කීපය මේ සටහනට එක් කර තබන්නේ සංරක්ෂණය සඳහා ය. මගේ මතු ප‍්‍රයෝජනය සඳහා ය.

Friday, June 7, 2019
පුරෝගාමියකු පිළිබඳ මිහිරි මතක ය ඔස්සේ.....
මේ කතාව මෙල්බනයට සම්බන්ධ කතාවක් වුවද ආරම්භ කළ යුතු වන්නේ ලංකාවෙන් ය. අවුරුද්ද 1999 ය. මගේ පළමු කෙටිකතා සංග‍්‍රහය වූ ”කන්ද උඩ මාළිගාව” කොට්ටාවේ පිහිටි, රෝලන්ඞ් අබේපාල මහතාගේ සාර ප‍්‍රකාශන ආයතනයේ මුද්‍රණය වෙමින් තිබුණි. එහි ප‍්‍රගතිය පිලිබඳව සොයා බලන්නට කොට්ටාවට ගිය සවසකි මේ.
”අපි යමු පිට කවරෙ හදන තැනට” රෝලන්ඞ් අබේපාල මහතා මා ද කැටුව එක්තරා තරුණයකු ගේ නිවසට ගියේ ය. තරුණයා සිය පරිගණකයේ ෆොටෝෂොප් මෘදුකාංගය ක‍්‍රියාත්මක කර තමා නිමවමින් සිටි මගේ කෙටිකතා පොතේ පිටකවරය අපට පෙන්නුවේ ය. අබේපාල මහතා එහි යම් යම් වෙනස්කම් කීපයක් කරන්නට උපදෙස් දුන් අතර තරුණයා අදාල වෙනස් කම් අප ඉදිරියේදීම කළේ ය. මා එදා ආපසු ආවේ ෆොටෝෂොප් පිළිබඳ ඇතිකරගත් මහත් ඇල්මක් ඇතිව ය.
ලංකාවේ සිටියදීම මම පරිගණයකට පෙම් බැඳගත්තෙක්මි. එනිසාම මාර්ග සංවර්ධන අධිකාරියේ සේවය කරන අතරතුරදී එන්අයිබීඑම් ආයතනයෙන් පරිගණක තාක්ෂණය පිළිබඳ කෙටි පාඨමාලාවක්ද හැදෑරුවෙමි. ඒ කාලයේ පරිගණකයක් අතපත ගාන්නටවත් ඉඩක් ලැබෙන්නේ එහෙමත් කෙනෙකුට ය.
ලංකාවෙන් පිටව එන විට ඒ කාලයේ හැටියට විශාල මුදලක් වියදම් කර තිබස් නමින් වූ පරිගණකයේ සිංහලෙන් ලියන අකුරු කට්ටලය මිලට ගෙන ආවෙමි. ඒ 1997 දී ය. එදා සිට අද දක්වා මා සිංහලෙන් ලියන්නේ පරිගණකයේ ය. ඉතින් 1999 දී ෆොටෝෂොප් වැඩසටහනට පෙම්බැඳගැනීම අහම්බයක්ම වූයේ නැත. එයින් පසු මගේ දෙවන කෘතිය වූ ”සිසිරයේ පිපුණ මල” කාව්‍ය සංග‍්‍රහයේ පිටකවරය මම ම නිර්මාණය කර ගතිමි. එය ඉතා ආධුනික නිර්මාණයක් බව අද මට පෙනෙයි. එය වෙනම කතාවකි. එතැන් සිට මම සෙරෙන්ඩිබ් නිව්ස් පුවත්පතේ සිංහල පිටු කරද්දී මගේ ෆොටෝෂොප් දැණුම මුවහත් කරගන්නට වෙහෙසුණෙමි. මේ සියල්ල බලා සිටි මෙල්බනයේ ප‍්‍රවීණ ගායකයකු ලෙස නමක් දිනා සිටින රෝහණ කරුණාරත්න සොහොයුරා ”විහඟ සර” නම් වූ සිය ඒක පුද්ගල ප‍්‍රසංගයේ සමරු කලාපය සහ ”මල් යහනේ” සංගත තැටි කවරය නිර්මාණය කරන්නට මට බාර දුන්නේ ය. එය මා මෙල්බනයේදී නිම කළ ප‍්‍රථම සමරුවයි. ඒ කාලය හරියාකාර සිංහල පරිගණක අකුරක්වත් නොතිබුණ යුයගක් විය. ”මල් යහනේ” අකුරු මම අතින් ඇඳගත් අතර බොහෝ අපහසුතා මැද බාරගත් කටයුත්ත නිම කළෙමි.
මේ අතරතුර දී රෝහණ අපූරු යෝජනාවක් කළේ ය.
”මං කැමතියි මත් ද්‍රව්‍ය උවදුර ගැන කවි පෙළක් ගායනා කරන්න.. ජගත්ට පුලූවන්ද ඒක ලියල දෙන්න?”
මම සතියකට පමණ පසු රෝහණට මගේ කවි පෙළ ලබා දුන්නෙමි.
තුමුල කඳු සිරස පායන හිරු නුඹය
උදුල රන් කිරණ විසුලණ සඳ නුඹය
දිදුල මුතු සිහින විසි කෙරුවේ නුඹය
සසළ සිත නිසළ කර ගත යුතු නුඹය
මුල් කවිය එසේ වූ ඒ කවි පන්තියේ කවි 4 ක් වූ අතර එයින් තුනක් තෝරාගන්නා ලෙස මම ඔහුට කීවෙමි.
”එකක්වත් අහක දාන්න බෑ.. මම 4ම කියනවා” රෝහණ කීවේ ය.
”තුමුල කඳු සිරස නමින්” ආරම්භ වන මේ කවි පෙළට තනුවක් නිර්මාණය කළේ එදා සිට මෙල්බනයේ නමක් දිනූ සංගීතඥයකු වන කැමරන් කොළඹගේ ය. එය මා ලියා පටිගත කළ පළමු ගීතය වූවා පමණක් නොව කැමරන් මෙල්බන් ගායකයකු වෙනුවෙන් නිර්මාණය කළ පළමු සංගීත නිර්මාණය ද විය. අනෙක් අතින් එය සියයට සීයක්ම මෙල්බනයේ නිපදවුණ පළමු ගීතය හෝ පළමු ගීත කීපයෙන් එකක් වූ බවද මට මතක ය.
ගීතය මෙතැනින් අසන්න...
එදා රෝහණගේ ”විහඟසර” ප‍්‍රසංගයේදී රෝහණ පළමු වතාවට ඒ ගීතය ගායනා කළේ ය. එකළ ඉතා ගැටවර වියේ සිටි කළිඳු වීරසිංහ සොයුරා ඒ වේදිකාවේ දී වාදනයෙන් සහ ගායනයෙන් රෝහණ සමගින් ඒ ගීතය රසවත් කළ හැටි මගේ මතකයෙන් කිසිදා බැහැර නොයයි.
මේ වැල්වටාරම් සහිත කතන්දරය මගේ සිතට ආවේ පසුගිය අපේ‍්‍රල් 28 වන දා Rivergum Performing Art Center ශාලාවේදී කැමරන් කොළඹගේ සංගීතඥයාගේ නිර්මාණ ඇතුළත් ”දසමස ඔබ මා” ප‍්‍රසංගය නරඹමින් සිටිය දී ය. ඒ ප‍්‍රසංගයේදී මගේ ”තුමුල කඳු සිරස” ගීතය ගායනා වන බව මම එතැනට යන තෙක්ම නොදැන සිටියෙමි. දශක දෙකක පමණ වන අතීතය කෙතරම් සොඳුරුදැයි මම එදා ඒ ශාලාවේ වාඩි වී සිතමින් සිටියෙමි.
දශක දෙකක් ඉක්මවන මෙල්බන් ජීවිතයේ බොහෝ රස පිරුණ තැන් ගැන නැවත ස්මරණය කරන්නට ඇවැසි තරම් සහයක් කැමරන් ගේ ප‍්‍රසංගයේදී ලද බව සටහන් කර තැබිය යුතුය. ඔහු එදා ඉදරිපත් කළ ගී නිර්මාණ බොහෝ ගණනක උත්පත්තිය පිළිබඳ මතකයක් මට ඇත. රෝහණ කරුණාරත්න, නාලක වීරකෝන්, වාසනා වීරකෝන්, ක‍්‍රිස්ටි අමරනාත්, සිල්වානා කොළඹගේ, රුක්මන් විමලසූරිය, අසුන්තා කරුණාරත්න, හේමන්ත ඩයස්, දිනෙල්කා දර්ශණ,ී පුෂ්පා තිසේරා, තුසිත කුලසේකර, නන්දන ඇතුලත්මුදලි, සරනි දිසානායක, ෂෙහාරා රොඩි‍්‍රගෝ ඒ වේදිකාව මත රස නොනසා කළ විශිෂ්ට ඉදිරිපත් කිරීම් පැසසුම් කටයුතු ය. කැමරන් කොළඹගේ නම් වන සංගීතවේදියා ගේ නිර්මාණ දිවියේ සුවිසල් පරාසය පිළිබිඹු කළ කැඩපතකි එය.
කැමරන් කොළඹගේ, නාලක වීරකෝන්, තුසිත කුලසේකර, රෝහිත උඩවෙල එක්ව ඉදිරියට ගෙන ආ ”තරංගා” සංගීත කණඩායම ඒ යුගයේ කළ පුරෝගාමී මෙහෙය අමතක කළ නොහැකිය. ඒ යුගයේ ඔවුන් විඳි දුක් ගැහැට අපි දැන සිටියෙමු.
මේ සමාජයේ බොහෝ කටයුතු වෙනුවෙන් පුරෝගාමී වු බොහෝ අය අද පරම්පාරව නොදනියි. එසේත් නැත්නම් ඒ පුරෝගාමීන් අද අමතක කර දමා ඇත. අමතක වී ඇත. ඒ අය පිළිබඳ ආවර්ජනයක් කරන්නටද කැමරන්ගේ මේ වේදිකාව අපට පිහිට වෙයි.
මෙල්බන් ශ‍්‍රී ලාංකික රේඩියෝ කලාවේ පුරෝගාමීන් වූ උපා උපදාස සහ බන්දු දිසානායක දෙදෙනා විසින් කැමරන් අගයනු ලැබීම ඉතා විශිෂ්ට කටයුත්තක් විය. එසේම තවත් එවැනි පුරෝගාමියකු වන රංජිත් වික‍්‍රමසිංහ පිලිබඳ සඳහන් වීමද වැදගත් ය. අපට හමුවූ මෙපුර පුරෝගාමී ගීත රචිකාව සිල්වානා කොළඹගේ අතින් කීර්ති පැස්කුවල්ට ලියැවුණ ”දසමස ඔබ මා” ගීතය මෙපුර ලියැවුණ පළමු ගීත අතර වෙයි. මෙපුර සංගීතය, ගායනය, මාධ්‍ය සහ වෙනත් සමාජ මෙහෙවර වලට පුරෝගාමී වූ පිරිස අද බොහෝ නිහඬව සිටියද ඔවුන් පිළිබඳව කොතැනකදී හෝ සිහිපත් කිරීම යුතුකම් දන්නා සමාජයක, කෙළෙහිගුණ දන්නා සමාජයක මෙහෙයක් විය යුතුය.
කැමරන්ගේ මෙහෙය අගය කිරීම සඳහා ඉදිරිපත් වූ ඉන්ද්‍රජිත් මිරිහානගේ ඇතුළු පිරිසට අපේ කෘතවේදීත්වය හිමිවෙයි. ඒ වෙනුවෙන් වෙහෙස වූ සිසිර දිසානායක, සහන් වීරසේකර ඇතුළු විශාල පිරිසටද අපි ආචාර කරමු. ඒ කැපවීම විශිෂ්ට ය.
සමාජ ප‍්‍රගමණය වෙනුවෙන් දායක වන්නන් එසේ කරන්නේ තමන්ගේ පුද්ගලික ජීවිතය පරදුවට තබමින් ය. ඔවුනට අහිමිව යන දෑ බොහෝ ය. එහෙත් ඔවුන් සමාජයට දායාද කර දෙන පුරුෂාර්ථ අති මහත් ය. ඔවුන් සමාජය හමුවේ ඉතිරි කර යන දෑ අති මහත් ය. සමාජයක් ගොඩ නැගෙන්නේ සමාජයක් ඉදිරියට යන්නේත් ඔවුන් ගොඩනගන ලද ඒ අතිතිවාරම් මත ය. ඒ කරුණ නැවත නැවත මෙනෙහි කිරීම අපේ වගකීමකි.
සන්නස පුවත්පතට ලියන ලද ලිපියකි.. එය මෙතැනින් කියවිය හැකිය..

Subscribe to:
Posts (Atom)