Sunday, April 17, 2016

ස්තුතියි


බ්ලොග් එකක් ලියන්න පෙළඹවීම දුන්න මිත‍්‍රයන් දෙන්නෙක් ඉන්නවා. අසෝක සුබසිංහ - සන්නස පුවත්පතේ සම සංස්කාරක සහ රසික සූරියආරච්චි කියන බ්ලොග් ලෝකයේ පුරෝගාමියා.


අසෝක හිතේ ගොජ දමන අදහස් ලියාගන්න බැරිව දුක්වෙන - අතට අහුවෙන හැම බ්ලොග් එකක්ම කියවන - ඒව ගැන මා එකක් කතා කරන - උද්‍යොගිමත් මනුස්සයෙක්. අනෙක් අතින් මා ඇතුළු ආධුනික බ්ලොග්කරුවන් උනන්දු කරවමින් රසික කරන්නෙ වෙනස්ම කාර්යයක්. බ්ලොග් ලෝකයට ආගන්තුක මට බොහෝ උපදෙස් දෙන රසිකගෙ මෙහෙය ඉතා විශාලයි.

රසිකගෙ මේ අදහස් වලටත් ස්තුතියි.


ඒ එක්කම මා ධෛර්යමත් කරන්න අදහස් ලියූ ඔබ සැමටත් ස්තුතියි.


අපි යමු මෙහෙම.

15 comments:

  1. බ්ලොග් ලොවට සාදරයෙන් පිළිගනිමු.. බ්ලොග් ෆලෝවර් ගැජට් එක දාගන්න

    ReplyDelete
  2. මීට අවුරුදු ගානකට කලින් තත්වයට වඩා බ්ලොග් ලෝකය දැන් එකිනෙකාට සමීපයි. අලුත බ්ලොග් ලියන්නෙකුට ලැබෙන සහය ඉතා වැදගත්. ඒ වෙනුවෙන් පෙනී ඉන්න බොහෝ පිරිසක් ඉන්නවා. හැම බ්ලොග්කරුවෙක් ම බ්ලොග්ලෝකයට සම්පතක් එච්චරයි....

    ReplyDelete
  3. මේ පළමු හමුවීම ... මානව ගෙ බ්ලොග් ගමනට සුබපැතුම්. බ්ලොග් ෆලෝ ගජෙට්ටුවක් දා ගත්තොත් අයෙ මෙහෙ ඇවිත් ලිපි කියවන්න ලේසි :)

    ReplyDelete
  4. සුභපැතුම්.!
    ජයවේවා..!!

    ReplyDelete
  5. සුබ පැතුම්... බ්ලොග් ලොවේදිත් දකින්නට හැකි වීම සතුටක්...

    ReplyDelete
  6. වෙලා අරන් නිවි සැනසිල්ලේ ලියන්න. ඉතිහාසයක් ඉක්මණින් ලියා අවසන් කරන්න ගියොත් ඒ අතීතයට කෙරෙන අසාධාරනයක් වේවී. මට එහෙම හිතෙනවා. මේ කතා තුලා මග හැරෙන තව බොහෝ තොරතුරු ඇති.ඔහොම යං!!!!Aru

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. ලියල පසුව කියවනකොට සිහිපත්වෙනවා අතරමග අතහැරුණ තැන්..

      Delete
  7. සුපැතුම්...! ඔහොම යං.... මටත් පාර පෙන්නුවේ රසිකම තමයි...

    ReplyDelete
  8. ආධුනික බ්ලොග්කරුවන් වන අපේ ගොඩට තවත් ආධුනිකයෙක්..සාදරයෙන් පිළිගනිමි.
    මටත් "නොකී කතා" ලියන්න තාක්ෂණ සහය දුන්නෙ රසික. පටන් ගන්න උත්තේජනය සැපයුවේ ඉන්දික උපශාන්ත.(සැහැල්ලුව)

    ReplyDelete