ඔහුගේ කට ද ඒ අනුව යන සැටි මට පෙනෙයි.
අයියා සිටියේ අටවන පන්තියේ ය. ඒ වකවානුවේ ඔහු උගත්තේ මහරගම විද්‍යාකර විද්‍යලයයේ ය. උඩහමුල්ල රජයේ බෞද්ධ කණිෂ්ඨ විද්‍යාලයයේ ඉගෙන ගනිමින් සිටි අපේ අයියා විද්‍යාකරයට ගියේ පහේ ශිෂ්‍යත්වය සමත්වීම නිසා ය. (ශිෂ්‍යත්වය සමත් වන දරුවන් කොළඹ රාජකීය ආනන්ද නාලන්ද විද්‍යාල වලට දමන්නට වෙහෙසෙන දෙමාපියන් සිටින රටක අපේ තාත්තා අයියාව ඇතුල් කළේ මහරගම විද්‍යාකරයට ය. අපේ තාත්තාගේ හැටි එහෙමය. මේ පියවර ගැන තාත්තා බොහෝ දොස් අසන්නට ඇති බව නිසැක ය. සාමාන්‍ය පෙළ සමත් වීමෙන් පසුව අයියා නාලන්දාවට ඇතුල් කරන්නට තාත්තාට සිතුණේ එනිසා විය යුතු ය*
‘‘මොනාද කරන්නෙ..?’’ මම ඇසුවෙමි.
‘‘පත්තරයක් හදනවා..’’ අයියා කීවේ ය.
‘‘පත්තරයක්..?’’
‘‘මේ බ‍්‍රව්න් පේපර් එක පත්තරයක් වගේ තුනට නවනවා.. පන්තියේ ළමයි ලියන ලිපි
මේකේ පිටු වල අලවනවා.. ඊට පස්සෙ පන්තියේ ළමයින්ට කියවන්න දෙනවා..’’
‘‘මොකක්ද පත්තරේ නම..?’’
‘‘ළමා ලෝකය’’
පත්තරයේ උඩින්ම අපූරු අකුරු වලින් ‘‘ළමා ලෝකය’’ යයි ලියා ඇත. ඊට පහළින්
කරඬුවක් දරාගෙන පෙරහැරක යන අලියෙකුගේ සිතුවමකි. එය ඇඳ තිබුණේ
ජගත් නම් අයකි. සිතුවමට යටින් අයියා ලියූ කවි දෙපදයකි.
‘‘කරඬුව රැුගෙන පෙරමුණෙ යන මහා ඇතා
දුටු හැටි බලව ‘අට - ඞී’ යෙහි මේ ජගතා’’
අයියා කවියට හපනෙකි.
ජීවිතයේ බොහෝ කාලයකට පසුව මා පත්තරකාරයකු කරනු ලැබුවේ අයියා ගේ මේ
කුඩා පත්තරය විසින් බව ජීවිතය දෙස ආපසු හැරී බලන මේ මොහොතේ මට සිතෙයි. මගේ ජීවිතයේ බොහෝ දේ වෙනස් කරන්නට මේ කුඩා පත්තරය ඉවහල් වූ වා නොවේ දැයි සිහිපත් වන විට සිතට දැනෙන්නේ විමතියකි.
දැන හෝ නොදැන අයියා මගේ ජීවිතයට කළ බලපෑම කොයි තරම් සුවිශාල ද?
අයියා ගේ පත්තරය මාස ගණනාවක් නොකඩවා පළ වී නැවතී ගියේ ය. එහෙත් ඒ
කාලය තුළ ඒ පත්තරය මට විශාල අත්දැකීම් සමුදායක් ලබා දුන්නේ ය.
දැන් මගේ වාරය යි. එවකට මා ඉගෙන ගනිමින් සිටියේ උඩහමුල්ල රජයේ බෞද්ධ
කණිෂ්ඨ විද්‍යාලයයේ හයේ පන්තියේ ය.
(ජීවිතයේ පසු භාගයක මාර්ග සංවර්ධන අධිකාරියේ යාන්ත‍්‍රික ඉංජිනේරුවකු ලෙස
සේවය කරමින් සිටි කාලයේ මම මගේ ජීවිතයට සමීපව සිටි අයකු සමග මේ කුඩා
විද්‍යාලයය අසළින් මගේ වාහනය පදවමින් සිටියෙමි. මා උගත් සමයේ මෙන් නොව ඒ වන විට එය විශාල භූමියක පැතිරුණ විද්‍යාලයයක් වී තිබුණි.
‘‘මේ තමයි මම ඉස්සෙල්ලාම ගිය ඉස්කෝලෙ..’’ මම ඇයට කීවෙමි.
‘‘කාටවත් ඇහෙන්න කියන්න එපා.. ’’
‘‘ඇයි..? තමන් ජීවිතේ පටන් ගත්තෙ මේ වගේ පොඩි ඉස්කෝලයකින් ය කියලා කියන්න ලැජ්ජා වෙන්නෙ මොකටද?’’
‘‘ඔයාගෙ දර්ශනේ ප‍්‍රායෝගික ජීවිතේට ගැළපෙන්නෙ නැහැ.. හැමෝම බලන්නෙ තමන් රෝයල් ආනන්ද නාලන්ද වගේ ඉස්කෝල වල ඉගෙන ගත්තා කියලා පෙන්නන්න.. තමන් මේ වගේ පොඩි ඉස්කෝලක ඉගෙන ගත්තා කියලා කියන කෙනෙක් පුලූවන් නම් මට පෙන්නන්න..’’ ඈ කිවා ය.
මම නිහඬ වීමි.)
‘‘අපි පත්තරයක් පටන් ගමු ද?’’මම පන්තියේ මගේ ළඟින්ම සිටි සගයා වූ සිරිනිමල් (සිරිනිමල් අමරතුංග) ගෙන් ඇසුවෙමි. (සිරිනිමල් අමරතුංග ජීවිතයේ බොහෝ කාලයක් මගේ ළඟින්ම සිටි මිතුරකු විය. සිය හිරිමල් යොවුන් වියේ දී කරමින් සිටි බාහිර උපාධියත් පෙම්වතියත් රැකියාවත් අතහැර දමා ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලීනයකු බවට පත් වූ ඔහු එම ව්‍යාපාරයේ අධ්‍යාපන අංශයේ ක‍්‍රියාකාරිකයකුව සිට අසූව දශකය අග භීෂණ සමයේදී අතුරුදන් විය. ඔහු පිළිබඳ මතකය වෙනම දවසක අවදි කළ යුතු යයි මට සිතෙයි)
‘‘කොහොමද කරන්නෙ..’’ ඔහු අසයි.
අයියාගේ පත්තරය බලා සිට ලත් අත්දැකීම හොඳටම සෑහේ. මම මේ අතින් ලියන
පත්තරය ගැන සිරිනිමල්ට විස්තර කළෙමි. ඔහු එකඟ විය. මම සංස්කාරකවරයා වූයෙමි. ඒ කාලයේ අපි කීවේ ‘‘කර්තෘ’’ කියා ය. සිරිනිමල් උපකර්තෘ වරයා විය. අයියාගේ පත්තරය නැවතී තිබුණ හෙයින් මගේ පත්තරය ද ‘‘ළමා ලෝකය’’ නමින්ම පටන් ගත්තෙමි.
අපේ පත්තරය පොතක් සේ සකස් කළ එකක් විය. අපේ මේ උත්සාහය දුටු සේනාධීර නම් ගුරු මහතෙක් අපට රෝණියෝ ෂීට් බණ්ඩලයක් දුන්නේය. ඒවා ඒ කාලයේ පාවිච්චි කළ ඉතා රළු කඩදාසි වර්ගයක් වූ නමුත් අපේ කාර්යයට ඉහටත් උඩින් ගැළපුණි.
අපි අපේ කුඩා පත්තරය (සඟරාව) ඉතා මැනැවින් පවත්වාගෙන ගියෙමු. එහි කොටස් වශයෙන් පළවන නවකතා ලිව්වෙමු. කෙටිකතා ලිව්වෙමු. කවි ලිව්වෙමු. චිත‍්‍රකතා ඇන්දෙමු
අතින් ලියා සකස් කළ මේ කුඩා පුවත් පත පසු කළෙක මා අතින් බිහි වූ ‘‘විද්‍යාව’’ (විද්‍යා අධ්‍යාපනික පුවත් පත - ශ‍්‍රී ලංකාවේ දී) පහන ( ඕස්ටේ‍්‍රලියාවේදී) සන්නස ( ඕස්ටේ‍්‍රලියාවේ දී) පුවත් පත් සඳහා අඩිතාලමක් වූවා නොවේදැයි දැන් මට සිතෙයි.
ඒ කාලයේත් දැන් කාලයේ වගේමය. කවුරුන් හෝ හොඳ යමක් කරන විට එයට උදව් කරනවා වෙනුවට තමනුත් ඒ දෙයම කරන්නට සැරසෙන පිරිස ඒ කාලයේත් අඩු නොවීය. අපේ සඟරාවෙන් පසු තවත් පන්ති වලින් ඒ වාගේම සඟරා බිහිවන්නට පටන් ගත් බව මට මතකය.
හතේ පන්තිය අවසානයේ අපේ අම්මා මා කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලයයට ඇතුල් කළා ය. මගේ පත්තරය ද එයින් නැවතුණි. එහෙත් පත්තර කිරීමේ පිස්සුව නම් නොනැවතුණි.
හයේ පන්තියේදී සෑදුණ පත්තර පිස්සුවෙන් අදත් මම බොහෝ දුක් විඳිමින් සිටින්නෙමි.
/* කවුරුන් හෝ හොඳ යමක් කරන විට එයට උදව් කරනවා වෙනුවට තමනුත් ඒ දෙයම කරන්නට සැරසෙන පිරිස ඒ කාලයේත් අඩු නොවීය. අපේ සඟරාවෙන් පසු තවත් පන්ති වලින් ඒ වාගේම සඟරා බිහිවන්නට පටන් ගත් බව මට මතකය. */
ReplyDeleteඑහි වරදක් මම නම් නොදකිමි.
හැම පන්තියකින් ම සඟරාවක් කිරීමේ ඇති වරද කුමක්ද?
මං හිතන්නේ ජගත් මේ කතාව ලියන්නට ඇත්තේ, එදා ගැන සිතා නොව, වෙනත් දෙයක් ගැන සිතා විය යුතුයි!
මම හිතන්නෙත් නරක දෙයක් වසංගතයක් වෙනවාට වඩා හොඳ සංකල්පයක් කොපි කිරීමෙන් හෝ පැතිරෙන එක හොඳයිනේ.
Deleteදැන් ජවිපෙ ප්‍රචාරණය වෙනුවෙන් හරි පරිසරය රකින බව පෙන්වනවා.අනෙකුත් පක්ෂත් ජවිපෙ කරන නිසා හරි අපිත් කරනවා කියලා කටයුතු කෙරුවොත් එහි යහපත් බලපෑම මුළු සමාජයටමයි.
ජවිපෙ ගස් වවන නිසා අනිත් අය ගස් කපන්න ගනියිද කවුද දන්නේ?
Deleteඒකත් මරු පිස්සුවක්.. කමෙන්ට් සදහා උත්තර ලබා දෙන්නේ නැද්ද??
ReplyDeleteපිලිතුරු ලියන්නට නොහැකිවීම ගැන අමනාප නොවන්න. ඉඩ ලද විට ලියන්නට පොරොන්දුවෙමි
Deleteහයේ පන්තියේදී සෑදුණ පත්තර පිස්සුවෙන් අදත් මම බොහෝ දුක් විඳිමින් සිටින්නෙමි.
ReplyDelete------------------------------------------------------------------------------------
මෙය දුකක් නොව ආත්ම තෘපතිය සදහා වෙහෙසිමකි.!
දැන් නම් ආත්මතෘප්තිය වෙනුවට තියෙන්නෙ වෙනත් දේ..
DeleteThis comment has been removed by the author.
ReplyDeleteජගත්ට වනාත පාරේ තිබුනු ඩී.එස්.ජයසිංහ කණිෂ්ඨෙ මතකද? ඔය කලාපයේ පොඩි වුනත් හොඳ පාසැල් රාශියක් තිබුනා.
ReplyDeleteමතකයි.. මේ ප්‍රදේශයෙ කුඩා පාසල් රාශියක් තිබුනා ..
ReplyDeleteඒක දුකකට වඩා හොද ආත්මතෘප්තියක් ඇත්තටම බලාගෙන යද්දී.
ReplyDeleteජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලීනයකු බවට පත් වූ ඔහු එම ව්‍යාපාරයේ අධ්‍යාපන අංශයේ ක‍්‍රියාකාරිකයකුව සිට අසූව දශකය අග භීෂණ සමයේදී අතුරුදන් විය. ඔහු පිළිබඳ මතකය වෙනම දවසක අවදි කළ යුතු යයි මට සිතෙයි)///
ReplyDeleteදවසක ඒ ගැනත් ලියන්න. මේ වගේ අය ගැන දැං ඉන්න සමහර මාජ්ජ වේදීන් කියං ඉන්න අය කෙප්ප මයි ලියන්නෙ
පත්තර කතාවත් නැගලම යන්න තියෙන්න ඇති නේ
හිහි
ඔව් මහේෂ්.. ඔහු ගැන ලිවිය යුතුමයි. ඔහු ජවිපෙ ට එරෙහිව සිටි යුගයත් පසුව දැඩි ජවිපෙවාදියකු වූ ආකාරයත් ඒ වෙනුවෙන්ම ජීවිතය පූජා කළ ආකාරයත් මා තරම් දන්නා කෙනෙක් නැහැ. මම ඔහුට වඩාත් ගරු කරන කාරණයක් තියෙනවා. ඔහු ඔහුගෙ හොඳම යාලුවා වුණ මට කොක්කක් ගහන්න කවදාවත් උත්සාහ කළේ නැහැ.
Delete