Monday, May 23, 2016

විද්‍යාව - අපේ පත්තරය

අධ්‍යාපනික පුවත්පතක් පිළිබඳ අදහස සිරිනිමල් සහ මා සාකච්චා කරමින් සිටිය කාලයේ එවැන්නක් බිහිවී නොතිබුණි. සාකච්ඡුා කරමින් සිටියද එවැන්නක් ආරම්භ කරන්නට ආර්ථික හයියක් අප දෙදෙනාටම නොවීය. ඒ හයිය ලැබෙන කාලය වන විට ”සතර” පුවත්පත බිහිවී තිබුණි. එනිසා අපේ පුවත්පත විද්‍යා අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන්නට අපි තීරණය කළෙමු.

අපි ”විද්‍යාව” නමින් අපේ පුවත්පත නම් කළෙමු. පුවත්පතේ නම ලියාපදිංචි කරන්නට ගිය විට එනමින් මෙයට පෙර පුවත්පතක් තිබුණ බව දැනගන්නට ලැබුණ හෙයින් නමේ අගට ”හය හත අට නවය දහය” කියා එක් කළෙමු. ”විද්‍යාව” නමින් මා ඇඳ තිබූ හෙඞ්පීස් එකට යටින් පටියක්  ලෙස මේ අකුරු පේළිය එක් කළෙමු.


පුවත්පතේ සංස්කරණය සඳහා අප දෙදෙනාට අමතරව සුමිත් කරුණාරත්න සහ දයාවංශ ලියනගේ යන හිතවතුන්ද එක් කර ගත්තෙමු. එවකට ජනප‍්‍රියව තිබූ සිත්තර පුවත්පතේ ප‍්‍රමාණයට අපේ පුවත්පත නිර්මාණය කළෙමු. වෙනම අනන්‍යතාවක් ඇති කර ගැනීම සඳහා පිට කවරය සඳහා කහ පැහැති කඩදාසියක් යොදා ගත්තෙමු. මුද්‍රණය සඳහා නැදිමාල පැත්තේ පිහිටි කුඩා මුද්‍රණාලයක් අපේ මිතුරන් විසින් සොයාගනු ලැබ තිබුණි. එහි තිබූ පැරණි රොටරි මුද්‍රණ යන්ත‍්‍රය අපේ කාර්යයට හොඳින්ම සෑහුණි. ”විද්‍යාව” මංගල කළාපය එම මුද්‍රණාලයේ මුද්‍රණය කළ නමුත් ඉන් අනතුරුව අභාවප‍්‍රාප්ත සිසිර කුමාර මාණික්කආරච්චි මහතාට අයත්ව තිබූ විජේරාම හන්දියේ මුද්‍රණායලට පත්තරය ගෙන යන්නට අපට සිදුවිය.


නැදිමාලේ මුද්‍රණාලයේ විද්‍යාව මංගල කළාපය මුද්‍රණය කළ දා රැු එළි වන තෙක් කහට තේ බොමින් මුද්‍රණ යන්ත‍්‍රය අසළ නිදි වැරූ හැටි අද කල්පනා කරන විට පවා සුන්දර මතක සටහනක් ලෙස දැනෙයි.


පත්තර බෙදා හැරුණේ අමුතුම ආකාරයකටය. දයාවංශත් මගේ මල්ලි මංගලත් පත්තර පුරවා ගත් මලූ එල්ලා ගෙන පාසලෙන් පාසලට යමින් ඒ පාසල් වලට පත්තර හඳුන්වාදෙමින් පාසල් නියෝජිතයන් බඳවා ගත්හ. පත්තරය වඩාත් ජනප‍්‍රියවත්ම දුර බැහැර පාසල් වලින් ඇනවුම් ලැබුණි. අපි වරකට පත්තර 15000 ක් මුද්‍රණය කළෙමු. ඒ සියල්ලම පාහේ විකිණුන අතර අපි ලාභය යොදවාගෙන අපේම අකුරු අමුණන (වර්ණ සංයෝජන) අංශයක් ආරම්භ කළෙමු.


මේ සඳහා අවශ්‍ය ඊයම් අකුරු සහ ඒවා දමන්නට ලී තට්ටු අපි මිලට ගත්තෙමු. අපේ ගෙදර නාන කාමරයක් සඳහා වෙන් කර තිබූ කුඩා කාමරය මේ සඳහා වෙන් කර ගත්තෙමු. අකුරු අමුණා පත්තර පිටු සැකසීමේ කාර්යය වැටුණේ මගේ කරපිටටය.



අකුරු ඇමිණීම ඉතා අපහසු කාර්යයකි. සිංහල භාෂාවේ සෑම අකුරක්ම වෙනුවෙන් කුඩා කොටු වෙන් කෙරුණ අකුරු රාක්කයෙන් නියමිත අකුර බැගින් ගෙන අමුණා පිටුවක් සකස් කිරීමේ අපහසුව දැන් පරිගණකයෙන් අකුරු අමුණන මේ මොහොතේ පවා මට දැනෙයි. කොළමෙන් කොළම අකුරු අමුණා ඒ කොළම් එකතු කර පිටු සකස් කර ඒ පිටු පරිස්සමින් මුද්‍රණාලයට ගෙනගොස් පත්තරය මුද්‍රණය කරගෙන ඒ පිටු ගෙදර ගෙනැවිත් නවා පත්තර සකස් කිරීමේ කාර්රය අපේ අතින්ම සිදුවිය. වඩාත්ම අපහසු කාර්යය වූයේ මුද්‍රණයෙන් පසු ඒ ඊයම් අකුරු එකින් එක ගලවා නැවත අර රාක්කවල නියමිත කොටු වලට දැමීමය. මුද්‍රණ භාෂාවෙන් මේ කාර්යයට කීවේ ”ඩිෂ් කිරීම” කියා ය.

අපේ පත්තරය ඉතා ජනප‍්‍රිය විය. දිවයිනේ දුර බැහැර පාසල් වලට පවා පුවත්පත යැවුණි. සමහර ගුරුවරුන් පැමිණ අපේ නිවසින්ම පත්තර මිටි රැුගෙන ගිය හැටි මට තාම මතකය.


”විද්‍යාව උසස් පෙළ” නමින් පත්තරයක් අරඹන්නටද අපි සැළසුම් කළෙමු.


පත්තර 15000 ක් විකිණුනද අපට ලැබුණ ලාභය ඉතා කුඩා එකක් විය. සිත්තර පත්තරයක් රුපියල් 2.25 ත් වූ ඒ කාලයේ ඒ හා සමානම පත්තරයක් රුපියලකට විකුණන්නට අප ගත් අනුවණ තීරණයේ ප‍්‍රතිඵල ඉක්මණින්ම ලැබුණි. වසරක් යන විට අපට පත්තරය පවත්වාගෙන යන්නට නොහැකි තරමට ලාභය අඩුවිය. මුද්‍රණ ගාස්තු බ්ලොක් සෑදීමේ ගාස්තු බෙදාහැරීමේ ගාස්තු ආදී මෙකී නොකී වියදම් එක්වන විට අපට තවදුරටත් පුවත්පත පවත්වාගෙන යන්නට නොහැකි තත්වයක් උද්ගත විය.


ඒ සමගාමීව සිරිනිමල් ජවිපෙ කටයුතු වලට පූර්ණකාලීනව යොමුවීමද බලපෑවේය. අපි පත්තරය නවත්වා දැමුවෙමු. එක්තරා දිනෙක වාහනයකින් පැමිණි සිරිනිමල් අපේ ගෙදර තිබූ අකුරු කේස් දෙක පටවාගෙන ගියේය.


පසු කලෙක සුමිත් යම්කිසි නගර සභාවක සෞඛ්‍ය පරීක්ෂකවරයකු ලෙස පත්වීමක් ලද බව දැනගත් නමුත් දයාවංශ පිළිබඳ කිසිදු තෙිාරතුරක් ආරංචි නොවීය. සිරිනිමල් අකාලයේ අප හැර ගියේය.


මේ සියල්ල මතක සටහන් ලෙස මම තවමත් විඳිිමින් සිටින්නෙමි.

9 comments:

  1. උපදේශයක් දෙන්න කවුරුත් හිටියේ නැද්ද?

    ඔච්චර ජනප්‍රිය පත්තරේ කරගෙන යන්න පුළුවන් සමාගමකට විකුණන්න තිබුණා. එහෙම නම් තාමත් "පහනක්" වගේ විද්‍යාලෝකය විහිදුවනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඒ කාලයේ අපේ ව්යාපාරික දැනීම බින්දුවයි (දැන් කියලත් ඒ හැටි වෙනසක් නැහැ) සත දහයක ලාබයකින් පත්තරය පවත්වාගෙන යන්නෙ කොහොමද ?

      Delete
  2. පිටපත් 15000ක් කියන්නේ හොඳ ඉල්ලුමක් තියෙන්න ඇති. නාලක ගුණවර්ධනත් මානව විද්‍යා කියලා සඟරාවක් කරානේද 80 යුගයේ?

    ReplyDelete
  3. උපදේශයක් දෙන්න කවුරුත් හිටියේ නැද්ද?

    ඔච්චර ජනප්‍රිය පත්තරේ කරගෙන යන්න පුළුවන් සමාගමකට විකුණන්න තිබුණා. එහෙම නම් තාමත් "පහනක්" වගේ විද්‍යාලෝකය විහිදුවනවා නේද?

    Reply
    Replies

    Jagath J EdirisingheMay 24, 2016 at 8:50 AM
    ඒ කාලයේ අපේ ව්යාපාරික දැනීම බින්දුවයි (දැන් කියලත් ඒ හැටි වෙනසක් නැහැ) සත දහයක ලාබයකින් පත්තරය පවත්වාගෙන යන්නෙ කොහොමද ?
    -------------------------------------------------

    පොදුවේ අපිට සහ රටට අඩු guide line.

    ReplyDelete
  4. මේ පොස්ට් එකට අදාළ නැතත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඇහුවාට කමක් නැද්ද දන්නේ නැහැ.

    ඔය පත්තරවල කලාප වෙන් කරන්නේ කොහොමද ?දැන් ඔය කියන්නේ පස්වෙනි කලාපයේ දහතුන්වැනි පත්‍රය කියලා.අන්න එක එහෙම කියන්නේ කොහොමද ?එක කලාපයක් වෙන්න පත්තර කියක් මුද්රණය වෙන්න ඕනෙද?

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් පස්වන කාණ්ඩයේ දහතුන් වන පත‍්‍රය කියවන්නේ පස්වන වසරේ දී පළවු දහතුන්වන පත‍්‍රය කියන එකයි.. (මනෝජ් ගේ ප‍්‍රශ්නය මදක් වෙනස් කළා)

      Delete
    2. පැහැදලි කිරීමට බොහොම ස්තූතියි.

      Delete
  5. මම විද්‍යාව පත්තරේ බලලා නෑ. ඒත් මේ වගේ පත්තර - සඟරාවලින් ලැබෙන පන්නරය ඉතා විශාලයි. මම ඉස්කෝලේ යන කාලේ "විද්‍යා" කියලා සඟරාවක කලාප කිහිපයක් කියවලා තියෙනවා. එතකොට මිහිර පත්තරේ වරද්දන්නේ නෑ, හැම සතියෙම ගන්නවා. ඒවගේම දෙසතිය සඟරාව හා කල්පණා සඟරාවත් කියවන්න ලැබෙනවා. මේ පුවත්පත් සඟරා වලින් ලැබූ ආභාශා හා දැනුම බෙදාගැනීමේ ආශාව නිසා තමයි මම වුනත් අමාරුවෙන් කාළය හොයාගෙන මගේ විද්‍යාගවේෂණ බ්ලොග් එක ලියන්නේ.

    ReplyDelete