2
”පප්පගෙ උැස් වල කඳුළු දැක්කම මට ඉහිලූම් නැතිවුණා” තාත්තා කියනවා.
පසුවදාම කොළඹ රැුකී රක්ෂා කාර්යාලයට යන එදිරිසිංහ තරුණයා රැුකියාවක් සඳහා එහි ලියාපදිංචි වෙයි. ඔහුගේ සුදුස්කම් අනුව ඉක්මණින්ම රැුකියාවක් ලැබෙයි. ඒ ජාතික ඉතිරිකිරීමේ ව්‍යාපාරයේ ව්‍යාප්ති නිලධාරියකු ලෙසය. පත්වීම හම්බන්තොට කච්චේරියටය.
හුංගම ප්‍රදේශයෙන් කුඩා නිවසක් සොයා ගන්නා එදිරිසිංහ තරුණයා සිය බිරිඳත් දුවත් පුතාත් සමගින් එහි පදිංචියට යයි. හම්බන්තොට කච්චේරියේ රැුකියාව කරන අතරතුරදී කොළඹ කතරගම මාර්ගයේ බටඅත වෙල්යායට මායිම්ව කුඩා ඉඩමක් මිලට ගන්නා ඔහු එහි කුඩා ගොඩ නැගිල්ලක් ඉදි කරයි. ඔහු ”බටඅත බීඩි කර්මාන්තශාලාව” අරඹන්නේ එහිය. බිත්තියේ අඳින ලද මේ දැන්වීම් පුවරුව සහිතව බටඅත වෙල්්යාය අයිනේ පිහිටි මේ ගොඩනැගිල්ල ඒ කාලයේ කතරගම ගිය බොහෝ අයට අමතක වන්නට හේතුවක් නැත .
(මේ මෑත කාලයේ තාත්තා මේ ඉඩම ඔහු එය මිලට ගත් පුද්ගලයන්ටම නැවත නොමිලේම ලියා දුන්නේ ඉතා ඉහළ මිලකට ගන්නට ගැණුම්කරුවන් ඉදිරිපත්ව සිටියදීය.
”මං ඒ මිනිහගෙන් ඉඩම ගන්නකොට පොරොන්දු වුණා ආපහු ඉඩම විකුණනවා නම් ඒ අයටම දෙනවා කියලා.. මට වචන වෙනස් කරන්න බැහැ.. දැන් ඒ ඉඩම ගන්න ඒ මිනිස්සු අතේ සල්ලි නැහැ.. ඒ නිසා මං ඉඩම නිකම් ලියලා දුන්නා” අපේ තාත්තා කියයි. ඒ ඔහුගේ හැටි ය. වචනයක් කිව්වොත් ගලේ කෙටුවා වාගේය. කෝටියක් පාඩු වුණත් වචනය වචනයමය. අපට ඇත්තේත් ඒ නරක පුරුද්දමය.)

හම්බන්තොටින් පසු බදුල්ල ආදී විවිධ ප්‍රදේශවලට මාරුවී යන්නට ඔහුට සිදුවෙයි. දැන් දරුවන් හතර දෙනෙකි. මේ ගමන උන්ට කරදරයකි. තාත්තා සිය පවුල නුගේගොඩ ස්තිර පදිංචියට පත්කර තනිවම ගොස් රාජකාරිය කරන්නට පටන් ගනියි.
1970 සමගි පෙරමුණු රජය බලයට එන්නේ මේ කාලයේදී ය. ශ්‍රී ලංකා සමසමාජ කොමියුනිස්ට් පක්ෂ එක්වී පිහිටවූ රජය වාමාංශිකයනට මහත් ආශ්වාදයක්ම විය.
බීඩි ව්‍යාපාරය රජයේ මැදිහත්වීමෙන් පවත්වාගෙන යා යුතු යයි සවිස්තර වාර්තාවක් තාත්තා කොමියුනිස්ට් පක්ෂයේ නායක එස් ඒ වික්‍රමසිංහ මහතාට බාර දෙයි. ඒ වාර්තාව රජය පිළිගනියි. රජයේ මැදිහත්වීමෙන් දුම්කොල සංස්ථාව බිහිවෙයි. දුම්කොල සංස්ථාව ජනතා බීඩි නිෂ්පාදනය ආරම්භ කරයි. ඒ සමගින්ම තාත්තා සිය බීඩි ව්‍යාපාරය නවත්වා දමයි.
”එස් ඒ වික්‍රමසිංහ ආණ්ඩුවට ඉදිරිපත් කළ වාර්තාව ලිව්වෙ මමයි කියල කදරුත් දන්නෙ නැහැ” තාත්තා කියයි.
දුම්කොළ සංස්තාව බිහිකරන්නට තුඩු දුන් වාර්තාව කොමියුනිස්ට් පක්ෂයට බාරෙදෙන විට එයින් තම ව්‍යාපාරයට පහරක් වැදෙන බව තාත්තා හොඳීන් දැන සිටියේය. එසේ වුවද එය තමාගෙන් රටට සිදුවන යුතුකමක් යයි ඔහු තරයේ සිතන්නට ඇත.
අනෙක් අතින් කොමියුනිස්ට්කාරයෙකුට ව්‍යාපාරිකයකු ලෙස පැවතෙන්නට නොහැකියයි ඔහු පසක් කරගත්තා විය හැකිය.
අදින් වසර 35 කට පමණ පෙර තාත්තා විශ්‍රාම ගියේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ කළමණාකරුවකු ලෙසය.
අදත් ඔහු අභිමානයෙන් හිස කෙළින් තබාගෙන ජීවත් වන අදීන මිනිසෙක්.
සුභපැතුම්.!
ReplyDeleteජයවේවා..!!
This comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteසුබ පතමි.
ReplyDelete