Saturday, May 20, 2017

පොදුජන හදවත නොහඳුණන ගමනක්

සිය පාර්ලිමේන්තුවේ කාලය තවත් වසර හයකට දික්කර ගන්නට 1982 දෙසැම්බර් 22 වන දා පැවැත් වූ කුප‍්‍රකට අතිශය දූෂිත ජනමත විචාරණ ඡුන්දයේ දී ජේආර් ගේ ආණ්ඩුව උතුරු නැගෙනහිර හැරෙන්නට අනෙකුත් සියළු දිස්ත‍්‍රික්ක ජයගත්තත් ආසන ගණනාවකින් පරාජය විය. රට කපටියකු වූ ජේආර් තමාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බව පෙන්වීම සඳහා මේ ආසන වලට අතුරු මැතිවරණ පවත්වන්නට තීරණය කළේ ය. මේ වන විට රට පුරා ආණ්ඩු විරෝධී ජන මතයක් ගොඩ නැගෙමින් තිබුණ අතර යූඑන්පී විරෝධී සන්ධානයක් හරහා ඒ අතුරු මැතිවරණ පැවැත්වූ ආසන වැඩි ගණනක් දිනාගැනීමේ අවස්ථාව විපක්ෂයට තිබුණි.


විජේවීරගේ ජවිපෙයත් සිරිමා ගේ ශ‍්‍රීලංනිපයත් අතර මේ වෙනුවෙන් එකඟතාවක්  ගොඩ නැගිය යුතු බවට මතයක්ද විය. ඒ සඳහා සාකච්ඡුාද ආරම්භ විය.


සාකච්ඡුාව ඉදිරියට යමින් තිබියදී දෙපාර්ශවය අතර එකඟතාවකට මග පෑදෙමින් තිබුණ බවද පෙනුණි. මගේ මතකයේ හැටියට ඒ කාලයේ ජවිපෙට විශාල බලයක් තිබුණ තංගල්ල ඇතුළුව ආසන හතරක් සඳහා ජවිපෙට ශ‍්‍රීලංනිපයේ සහයෝගය ඇතිව තනිව තරග කරන්නට අවස්ථාව ලබා දීමටද එකඟතාවකට පැමිණ තිබුණි. එහෙත් එක්වරම ජවිපෙ අපූරු කරණමක් ගැසුවේ ය. මේ සන්ධානය සඳහා ශ‍්‍රීලංනිපය ”අත” ලකුණ පැත්තකට දැමිය යුතුය යන ඉල්ලීමක් ඔවුහු එකවරම කරළියට ගෙනආහ. ඒ යුගයේ ශ‍්‍රීලංනිපය එය කිසිසේත්ම කරන්නට සූදානම් වූ දෙයක් නෙවේ. එබැවින් සාකච්ඡුාව අතරමග කඩා වැටුණි.


ඒ යුගයේ තිබූ වාතාවරණය අනුව ජවිපෙ කළ ඒ ඉල්ලීම පැහැදිලිවම අනවශ්‍ය එකක් විය.. එවන් ඉල්ලීමක් ඉල්ලා සාකච්ඡුා වලින් බැහැර වීම පොදු ජනතාව කිසි සේත් අපේක්ෂා කළ තත්වයක් නොවීය.. එජාපය දරුණු මර්ධනකාරී පාලනයක් ගෙන යමින් සිටියි.. යම්කිසි ක‍්‍රමයකින් එජාපයේ මේ ගමන වැළැක්විය යුතු ය..

1982 ජනපතිවරණයේ දී

අවසානයේ පක්ෂ දෙකම වෙන වෙනම ඡුන්දය ඉල්ලූ අතර ජවිපෙට එක ආසනයක් හෝ දිනාගත නොහැකි විය. නමුත් ජවිපෙ හා ශ‍්‍රීලංනිප ඡන්ද එකට එක් කළ විට සෑම ආසනයකින්ම පාහේ යූඑන්පිය පරාජය වී තිබෙන බවක් පෙනුණි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී මග ඔස්සේ ජනතාව අතර තහවුරු වන්නට ජවිපෙට තිබූ තවත් අවස්තාවක් ඔවුන් නැති කර ගත්තේ එසේ ය.

එසේම එදා බලවත්ව සිටි එජාපය දණගස්සන්නට බැරිනම් අවම වශයෙන් තැතිගන්වන්නට තිබූ අනගි අවස්ථාවද ඔවුහු පැහැර හැරිය හ. ජනතාව පීඩාවට පත්කරමින් සිටි පාලනයකට ජවිපෙ අනියමින් සහය නුදුන්නා යයි කෙසේ කිව හැකිද?


අපූරු කතාව එය නොවේ.


ශ‍්‍රීලංනිපය අත ලකුණ අයින් නොකරන බව පැහැදිළිව පෙනෙද්දි ඒ ඉල්ලීමේම දැඩිව එල්ලී සිටියේ ඇයි දැයි මේ සාකච්ඡුාව බිඳ වැටෙද්දී සාකච්ඡුාවට සම්බන්ධව සිටි සහ මට ඉතා සමීපව සිටි ජවිපෙ දේශපාලන මණ්ඩල සාමාජිකයෙකුගෙන් ඇසුවෙමි.


”එයාල ඒකට කැමති නොවන බව දන්න නිසා තමයි අපි ඒකම ඉල්ලූවෙ” ඔහු කීවේ ය


එය අවංක ප‍්‍රකාශයකි. ජවිපෙට අවශ්‍ය වූයේ සාකච්ඡුාව බිඳවට්ටවා ගන්නටම ය.


ජවිපෙ හැමදාම කළේ ඔහොම දේවල්ම ය.


එදා එහෙම නොවූවා නම් ජවිපෙ නායකයන් ඇතුළු තරුණ ජීවිත දහස් ගණනක් මරණයෙන් ගැළවෙනවා පමණක් නොව ශ‍්‍රී ලංකාවේ දේශපාලනය මෙතරම් අභාග්‍ය සම්පන්න තත්වයකට නොවැටෙන්නටත් හොඳටම ඉඩ තිබුණි.


යම්කිසිවකු මුහුණු පොතේ කියා තිබුණාක් මෙන් ජවිපෙ කවදාවත් පොදු ජන හදවත් හඳුනාගෙන නොසිටියේය. එදත් එහෙමය. අදත් එහෙමය.

5 comments:

  1. සන්ධානයක් කියන්නේ වෙනම පක්‍ෂයක් නේ. එවැන්නක් ලියා පදිංචි කළ විට වෙනම ලකුණක් දෙනවා නේද? උදාහරණ ලෙස, පුටුව, බුළත් කොළය, නෙළුම් පොහොට්ටුව!

    ජගත් කියන්නේ නිතරඟ ගිවිසුමක් ගැන ද?

    ReplyDelete
    Replies
    1. හෝ, අත ලකුණෙන් සැවොම තරග කිරීමක් ගැන ද?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මගේ මතකයේ හැටියට එය යම්කිසි ආකාරයක නිතරග ගිවිසුමකි...

      Delete
    4. රසික කතා කරන අද යුගයේ සන්ධාන ක‍්‍රියාදාමය ඒ යුගයට වඩා වෙනස් ය. අද විවිධාකාර නම් වලින් විවිධාකාර ලකුනු වලින් හතු පිපෙන්නාක් මෙන් සන්ධාන බිහිවෙයි. මේ කියන යුගයේ එහෙම තත්වයක් නොවී ය. බොහෝවිට කෙරුණේ යම් යම් එකගතා සහිත නිතරග ගිවිසුම් ය.

      Delete