Friday, February 12, 2021

ගීයක් ගැන කතාවක්..


අපි පුංචි කාලෙ ඉඳන් හැදුණෙ කලාත්මක දේ බහුලව තිබූ පරිසරයක. සංගීතය, චිතර ශිල්පය, ලේඛණය, නාට්යය අපේ ළමා ජීවිතයෙ හැම පැත්තෙම තිබුණා.

සෝවියට් දේශයේ ලූමුම්බා මිතරත්ව විශ්ව විද්යාලයේ ඉගෙනුම ලබපු අයියා එහේ ”ලංකා” කියන සංගීත කණ්ඩායමේ ගිටාර් වාදනය කළා. ඔහු නිවාඩුවකට ලංකාවට එද්දි බොක්ස් ගිටාරයක් අරගෙන ආවා. මේ බොක්ස් ගිටාරයට මං හරියට ආදරය කළා.

අයියා ආපහු ගියේ බේසික් කෝඞ්ස් ඔක්කොම වගේ අපට පුරුදු කරලා. අපි පුලූ පුලූවන් හැටියට ඒ ගිටාරය වාදනය කරන්න පුරුදු වුණා. අපේ ඉස්කෝලෙ (කෝට්ටේ ආනන්ද ශාස්තරාලයේ) හිටපු අපේ යාලූවෙක් අපට හුඟක් උදව් කළා. යාලූ මිතර කමට අපි ඔහුට කිව්වෙ ”ලවර්” කියල. පස්සෙ ඔහු යුද හමුදාවෙ බටහිර වාදක කණ්ඩායමට එක්වුණා. අපි අපේ නුගේගොඩ මහගෙදර මිදුලෙ පුටු තියාගෙන හවසට හවසට ගිටාර වයමින් සින්දු කිව්වා. මල්ලි ගිටාරය වැයුවෙ නැතුවට ඔහුට හොඳට ගායනා කරන්න පුලූවන්. අපේ යාලූවා ටෙරවෝ ෆෝක්ස්, ඩරම්ස් ගහන්න පුරුදු වුණා.

ඉතින් අපි අපි නුගේගොඩ ”සමර් නයිට්ස්” කියල සංගීත කණ්ඩායමක් පටන් ගත්තා. නුගේගොඩ දැන් නිරෝමි එක තියෙන තැන ජුබිලි කණුවට සහ කෝට්ටෙට පාර බෙදෙන හන්දියේ අපේ ගෙදරට හැරෙන තැන තිබුණ උස පුලුන් ගහේ බෝඩ් එකකුත් ගැහුවා.. ඒකත් මමමයි ඇන්දෙ.. අපට කියලා ඉලෙක්ට්රොනික් භාණ්ඩ තිබුණෙ නැහැ. අපි බම්බලපිටියෙ ඒවා කුළියට දෙන තැනකින් කුළියට ගත්තා. පුහුණු වුණෙත් එතැනමයි.

මේ කාලෙ අපි ක්ලැරන්ස් විජේවර්ධනට වහ වැටිල හිටියෙ. මං පොඩි කාලෙ ඉඳන් වරින් වර ගීත හදා තිබුණත් ගිටාරය අතට ආවට පස්සෙ ක්ලැරන්ගෙ ආකෘතියෙ ගීතයක් හදන්න මට අවශ්ය වුණා. ”සුදු තාරකා” ගීතය මම ලියලා මම ම තනුව දැම්මෙ ගිටාරය අතට ආවට පස්සෙ. ක්ලැරන්ස්ගෙ ආරයේ ගීයක් හදන්න තිබ්බ ඕනෙ කමට.

ගීතය හැදුවට ඒක කාලාන්තරයක් තිස්සෙ මම ගයමින් හිටියත් ඒක පටිගත කළේ ඔස්ටේරලියාවට සංකරමණය වුණාටත් පස්සෙ.

මේ සරළ ගීතයට මං කැමතියි. මගේ ගැටවර වියේදි ගිටාරයෙන් මා කළ පළමු ගීත නිර්මාණය නිසා.



No comments:

Post a Comment