මම කිසිම මළ ගෙදරක නොගියෙමි.
බොරැල්ලේ ලිඩෝ සිනමා හලේදී පවුලේ අයත් සමග මධුමතී හින්දි චිත‍්‍රපටය නැරඹීමෙන් පසු මගේ භීතිය තවත් වැඩිවූ බවද මතකයට එයි.
මේ කියන කාලයේ අපේ පළාතට විදුලිය ලැබී නොතිබුනි. ආලින්දයේ එල්ලූ පෙට්‍රොමැක්ස් ලාම්පුවත් කෑම මේසය මත තැබූ ඇලඩින් ලාම්පුවත් නිවස ආලෝකමත් කළ ප‍්‍රභව විය. කාමරවල වැඩක් කරනවා නම් කුප්පි ලාම්පු වලින් ආලෝකය ලබාගන්නට සිදුවිය.
පන්තියෙන් පන්තිය ඉහළට යනවිට ජීවවිද්‍යා අංශය හෝ ගණිත අංශය හෝ තෝරාගන්නට කාලයක් එළැඹ තිබුණි. මගේ එකම තෝරාගැනීම වූයේ ජීව විද්‍යා අංශයයි. දොස්තර කෙනෙක් වන්නට ආශාවක් තිබූ නිසා නොවේ. චිත‍්‍ර අඳින්නට තිබූ ආසාව නිසා ය.
අපේ වැඩිහිටි සොහොයුරන් සොහොයුරියන් ලොකු පොත් වල ඇමීබාගේ සිට මිනිස් ශරීරයේ විවිධ අවයව පද්ධති දක්වා රූප අඳිනු දකින මගේ සිතද ඒවාට ඇදී ගියේ ය. මට අවශ්‍ය වූයේ ඒවා අඳින්නට ය. අන් අයට වඩා වැඩි හොඳට ඒවා අඳින්නට මට හැකි බව පුංචි මගේ සිත කීවේ ය. ඒ නිසා ජීව විද්‍යාව තෝරාගන්නට මම සිතුවෙමි.
අපේ අයියා කවදත් ගණිතයට සූරයකු විය. ඔහු යමින් සිටියේ ඉංජිනේරුවකු වන්නටය. ඒ ගමන බොහෝ පැහැදිලි ගමනක් විය.
එක්තරා දවසක මගේ තේරීම පිලිබඳ කතාවක් ඇදී ආවේ ය.
”ජීව විද්‍යාව කරපුවහම දොස්තරකෙනෙක් වෙන්න පුලූවන්”
අපේ අයියා සිනාසුණේ ය. ඇසුවේ එකම එක ප‍්‍රශ්නයකි.
”දොස්තර කෙනෙක් වෙලා රෑ දොළහට ඉස්පිරිතාලෙ මිනීකාමරේ ළඟින් යන්න වුණොත් මොකද කරන්නෙ?”
මම ගණිත අංශයට ගොස් ඉංජිනේරුවෙක් වීමි.
මදෑ මල්ලිගෙ දොස්තර හීනෙ අයිය එක කඩු පාරින් කපල දාලනෙ.
ReplyDelete++++++++++++++++++++++
ReplyDeleteපුංචි ප්‍රශ්නයක් උනත් උත්තර නැති වෙන්න අහලා තියෙනවා.
ReplyDeleteඒක මරු
ReplyDeleteඔය හොල්මන් භිතිකාව මතක් තියෙනවා තවම