පය ගැසූ යම් තැනක් වීද ඒ සෑම තැනකදීම පත්තර සඟරා ගැසූ මම ඒ ලෙසටම සාහිත්‍ය තරග පවත්වන්නටද උත්සාහ කර ඇත්තෙමි.
යමක් කළ හැකි අය අගැයීම පිලිබඳ අපේ තෘෂ්ණාව පාසල් සමය දක්වා දිය යයි. අපේ පාසලේ (කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයීය මහා විද්‍යාලයය) සිංහල සාහිත්‍ය සංගමය කියා එක් තිබුණත් එයින් සිංහල සාහිත්‍යය වෙනුවෙන් කළ කිසිදු සේවාවක් නොවීය. සිංහල සාහිත්‍ය සංගමයේ මුල් පුටු වල සිටියෝ කලා අංශයෙන් උසස් පෙළ හැදෑරූ සිසුවෝ වූහ. විද්‍යා අංශයේ අපට එහි තැනක් නොවීය. ඒ නිසා අප තනතුරු හෙබවූ විද්‍යා ශිෂ්‍ය සංගමය හරහා අපි කලා කටයුතු කළෙමු. මුල් වෑයම ”මුතුහර” සඟරාව විය. 1961 වසරේ මුද්‍රණය කර තිබූ ”විද්වාන්” නම් වූ සඟරාවෙන් පසු කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයයයේ මුද්‍රණය කෙරුණු සඟරාව ”මුතුහර” විය. ඒ 1977 දී ය. ඒ ගැන මම මෙයට පෙර ලියා ඇත්තෙමි.
විද්‍යා ශිෂ්‍ය සංගමයේ අප ඉන්පසු ඇරඹුවේ සාහිත්‍ය තරගයයි. කවි, කෙටිකතා සහ වාක්‍ය රචනා ලෙස කොටස් තුනකින් සමන්විත වූ තරගය වැටිහිටි සිසුන් වෙනුවෙනුත් පහළ ශ්‍රේණි වල සිසුන් වෙනුවෙනුත් කොටස් දෙකකින් සමන්විතව පවත්වන්නට අපට හැකි විය. ජයග‍්‍රාහකයන්ට සහතික පත‍්‍රයක් ලබා දෙන්නටද අපට හැකි විය.
ඒ අත්දැකීමෙන් පසු නැවතත් සාහිත්‍ය තරගයක් පවත්වන්නට අපට හැකිවන්නේ ඔස්ටේ‍්‍රලියාවේ සිට ”පහන” පුවත්පත හරහාය. පහන සාහිත්‍ය තරගාවලියෙන් ජයගත් ලේඛක ලේඛිකාවන් රැසක් අදත් සාහිත්‍යකරණයේ යෙදී සිටිනු දැකීම අපට මහත් ආශ්වදයකි.
ඉන්පසු සන්නස පුවත්පත ඇරඹු පසු අප කල පළමු කාර්යයක් වූයේ සන්නස කෙටිකතා තරගය ආරම්භ කිරීමයි. එය විවෘත තරගයක් ලෙස සංවිධානය කෙරුණ අතර අවසන් වටයට තේරුණ කෙටිකතා දහය අපි ”පළමුවැනි තෑග්ග” නමින් වූ සංග‍්‍රහයක් ලෙස මුද්‍රණය කළෙමු. ඒ 2006 දී ය. මේ කටයුත්තේදී අප සමග උරෙන් උර ගැටී සිටියේ ප‍්‍රවීණ ලේඛක ඞීබී කුරුප්පු මහතා ය. කෙටිකතා පොත ලංකාවේ මුද්‍රණය කළ පසුව ඔස්ටේ‍්‍රලියාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය බරපැන දැරුවේ ද එතුමා ය. අද එතුමා අප සමග නැතිවීමේ පාඩුව වචන වලින් ලියා නිම කළ නොහැකි ය.
මට යම් සිදුවීමක් සිහිපත්වෙයි.
මෙයට වහර හත අටකට පමණ පෙර මෙල්බනයේ එක්තරා ආයතනයකින් පවත්වන ලද සාහිත්‍ය තරගයක තෑගි බෙදා දෙන්නට මට ආරාධනා කර තිබුණි. මම වේදිකාවට ගොඩ වී ජයග‍්‍රහණය කළ එක් යුවතියකට සහතික පත‍්‍රය පුද කළෙමි. සහතිකය මගේ අතින් ගත් ඇය මවෙත හැරී සිහින් හඬින් යමක් කීවේ මගේ ඇස් වලට කඳුළු නංවමිනි.
”අපි මේ අරගන්නේ අයියල වපුරපු දේ වල අස්වැන්න.. මම ඉස්සෙල්ලාම යමක් ලිව්වෙ පහන සාහිත්‍ය තරගයට.. ඒ ආපු ගමන තමයි මේ.. මේ සම්මානෙ මගේ නෙවෙයි.. ඔයාගෙ.. ඔයාට ස්තුතියි”
අතුල උපසිරි කල්දෙමුල්ල නිර්මාණය කළ සම්මානය |
දැන් අපි නැවතත් කෙටිකතා තරගාවලියක් සමගින් ඉදිරියට පැමිණ සිටින්නෙමු. මෙවර වඩාත් පුළුල් ලෙසත් වඩාත් ආකර්ශනීය ලෙසත් එය ඉදිරිපත් කරන්නට අපට හැකිව තිබෙන්නේ අනුග‍්‍රාහක අර්ථපතීන් කීපදෙනෙකුගේ සහ ස්වෙච්ඡුාවෙන් ඉදිරිපත් වී සහය දෙන සහෝදර සහෝදරියන් දෙතුන් දෙනෙකුගේ ශක්තිය නිසා ය.
ඞී බී කුරුප්පු |
මේ කෙටිකතා තරගය වසරින් වසර ඉදිරියට යනු දැක්ම අපේ අභිප‍්‍රායයි. අපේ සතුටයි. යමක් කිරීමෙන් අප බලාපොරොත්තුවන්නේ එපමණකි.
බ්ලොග් එකට ලියපු ඒවා තරගෙට දාන්න බැයිද? සම්මානේ දැක්කම මටත් ඒක ගන්න හිතුනා. සුභ පතනවා වැඩේට. වැඩේ යන විදියට අප්ඩේට් කරන්න.
ReplyDeleteජයවේවා.
ReplyDelete