ජගත් හේවාපන්න - මිහිර කතුතුමාට සහ ලිපිය ලියූ සමුද්‍රිකා වර්ණකුල සොයුරියට ස්තුතියි..
මං ඉස්කෝලෙ කාලෙ ලිව්ව, කාටුන් ඇන්ද, ඒ විතරක් නෙවෙයි පාසල් වාර්තාකරුවෙක් වෙලා හිටිය, මිහිර පත්තරේ ගිය මේ ලිපියට මං හුඟක් කැමතියි..
Wednesday, August 14, 2019
Saturday, August 10, 2019
ගල් වූ මිනිසකුගේ කතාව - ලක්ෂ්මන් කොඩිතුවක්කු ගේ කැන්ගරු වන්නම

මෙයට පෙර කීපවතාවක්ම ලියා ඇති පරිදි කෙටිකතාකරුවකු කවියකු විශේෂාංග ලේඛකයකු ලෙස ඔහු ආ ගමන මුළ සිටම මම බලා සිටියෙමි. ඒ ගමනේ කූඨප්රාප්තිය ඔහුගේ ”කැන්ගරු වන්නම” නවකතාව යයි මම සිතමි.

ජිනේන්ද්‍ර, ස්වර්ණතිලක නැටුම් ගුරුතුමාගේ නර්තන කණ්ඩායම සමග ඕසටේ්රලියාවේ සිඞ්නි නුවර සංචාරයකට එක්වන්නේ ඕස්්ටේ්රලියාවට පැනගැනීමේ ඒකායන අරමුණෙන් ය. තමහන්ගේ සියලූම ප්‍රශ්න වලට විසඳුම ඇත්තේ ඒ තීරණය මත යයි විශ්වාස කරන ඔහු සිය ගැබ්බර බිරිඳ වන සුගන්ධිකා පවා ලංකාවේ තනිකර දමා ඕස්ටේ්රලියාවට පැනගනියි. ඔහුගේ මේ උත්සාහය සාර්ථකවනු ඇතිද? ඔහුට මෙරටේ ස්ථිර පදිංචිය සඳහා අවශ්‍ය වීසා ලබා ගත හැකි වේවිද? ලක්ෂ්මන් සිය කතාව ගොඩ නගන්නේ මේ සියලූ ප්‍රශ්න එකින් එක අප හමුවේ දිගහරිමින් ය. ඒ අතරේ මිනිස් සිත් තුළ උපදින විවිධාකාර මනෝභාව හමුවේ මේ චරිත හැසිරෙන ආකාරය අප හමුවේ තබන්නට ඔහු සමහත් වෙයි.
ලක්ෂ්මන්ගේ කැන්ගරු වන්නම නවකතාවේ අපට හමුවන චරිත සුදු සහ කලූ ලෙස වෙන් කළ නොහැකි ය. ඒ චරිත මේ මිනිස් ලෝකයේ අප අත් දකින් හොඳ නරක දෙකම පොදි බැඳගත් ගැහැනුන් සහ මිනිසුන් ය. ඔවුන් නවකතාවේ හැසිරෙන්නේද ඒ කලූත් සුදුත් එකලෙස ප්‍රදර්ශනය කරමින් ය.
කෙටිකතාකරුවකු ලෙස ලක්ෂ්මන් ගොඩනගාගත් මනා බස මේ නවකතාව තුළද අපට දකින්නට ලැබෙයි. ඒ බස ප්‍රාණවත් ය. සුගම ය. නිරවුල් ය.
තම තමන්ගේ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ගැහැනුන් සහ මිනිසුන් සිය ජීවිත පරදුවට තබන අවාසනාවන්ත පරිසරයක් පිලිබඳ මේ කතාව අවසානයේ මේ ගමනින් ජිනේන්ද්‍ර සැබෑ ජයග්‍රහණයක් ලබාගත්තාද? කතාව අවසානයේ කතුවරයා අප හමුවේ ඉතිරිකර යන ප්රශ්නය එයයි. ඒ ප්‍රශ්නයට පිලිතුර එක් එක් පාඨකයා තම තමන් විශ්වාස කරන පුරුෂාර්ථ අනුව තීරණය කරගනු ඇත.
Wednesday, August 7, 2019
”සිහිනයකි රෑ”

ගීත සඳහා අදහස් දක්වන්නට ජය ශ්‍රී චන්ද්‍රජිත්, සිසිර දිසානායක, සහන් වීරසේකර, ධනුෂ්ක ප්‍රනාන්දු, අසංක දොඩන්තැන්න සහ මා තෝරාගනු ලැබ තිබුණි. ගීත ගායනයට මලිත් පෙරේරා, හිරණ්‍යා මනෝරත්න, මිහිඳු ආරියරත්න, ලක්මිණි උඩවත්ත, මොහාන් දර්ශන, රුවන්ති ජයසේකර යන ගායක ගායිකාවන් තෝරාගෙන තිබුණි.
ප්‍රසංගය මෙහෙයවූ මහේෂ් නිස්සංක සහ නිෂ්පාදිකාව වූ ජයමිණි ඉලේපෙරුම ගම්ලත් කළ මෙහෙය අති විශාලය. මේ වැඩ සටහනට සහභාගි වන ලෙසට මා උනන්දු කර පසෙකට වී අප්‍රමාණ සතුටක් විඳගත් තිලකා ගම්ලත් සොයුරියත් ගාමිණී පැළෑඳ සොයුරාත් අමතක නොවේ..
මේ ”සිහිනයකි රෑ” වැඩ සටහන අප නොසිතූ ලෙස ජනප්‍රියත්වයට පත්ව ඇති බව ලැබෙමින් පවතින ප්‍රතිචාර පෙන්වා දෙයි. නරඹන්නට කැමති අයගේ පහසුව සඳහා මා ඉදිරිපත් කළ ගීත හතර මෙලෙස වෙන වෙනම යූ ටියුබ් වීඩියෝ ලෙස මෙහි එක් කර ඇත්තෙමි.
1 අයියණ්ඩියේ
2 මවකගෙ උනුසුම
3 පැන මඩ කඩිති
4 සුළං කුරුල්ලෝ
සම්පූර්ණ වැඩසටහන මෙතැනින් නරඹන්න
Subscribe to:
Posts (Atom)