මා කුඩා අවදියේ සිටිතබ්ලා වාදකයන් අතර සෙල්ලදොරේ මාස්ටර් පෙරමුණේම සිටියේය. කහ පැහැ ගැහුණ ජාතික ඇඳුමකින් සැරසුණ ද්‍රවිඩ කෙට්ටු මිනිසෙකු වූ සෙල්ලදොරේ මාස්ටර් අත තබ්ලාව පණ ගැන්වුණ ආකාරය බලා සිටීම අපට අපමණ සතුටක් ගෙන දුන්නේ ය. අසා සිටිනවා සේම ඒ වාදනය බලා සිටීමද විස්මය දනවන්නක් විය.
තබ්ලා වාදකයකු විය යුතුයයි යන අදහස අපේ සිතේ ඇති වන්නේ සමහර විට සෙල්ලදොරේ මාස්ටර්ගේ තබ්ලාවට සිත බැඳීම නිසා විය යුතු යයි මට සිතෙයි.
සිතේ මෙවැනි ආසාවක් තිබුණද ඉතා කුලෑටි දරුවකු වූ මා ඒ බව කිසිවකුට කියූ බවක් නම් මතක නැත. අතට අසුවන හැම දෙයකටම තට්ටු කරමින් සිටි බව නම් මතක ඇත.
මේ කාලයේ අප පදිංචිව සිටියේ නුගේගොඩ මිරිහානේ දැන් ”බෝධිය පාර” නමින් හ\ුන්වන එදා ”මොරගහ පටුමග” යයි හැඳින්වූ ප‍්‍රදේශයේ ය. එක්තරා සැන්දෑවක සෙල්ලදොරේ මාස්ටර් අපේ මිරිහානේ නිවසට ආවේ ය. මා සිටියේ සාලයේ යමක් ලියමින් ය.
‘‘තාත්තා ඉන්නවද පුතා..’’ ඔහු ඇසුවේය. එදා තාත්තා නිවසේ නොසිටියේ ය. මම ඒ බව ඔහුට කීවෙමි.
‘‘මෙහේ පුතෙකුට තබ්ලාව උගන්නන්න එන්න කියලා මහත්තයා මට කිව්වා.. මං එහෙනං වෙනිං දවසක එන්නංකෝ.. කියන්නකෝ මං ඇවිත් ගියා කියලා.’’ සෙල්ලදොරේ මාස්ටර් ජාතික ඇඳුමේ සාක්කුවෙන් ඇදගත් ලේන්සුවකින් දහඩිය පිස දමා ගනිමින් කීවේ ය.
ඔහු අපේ මිදුලේ පඩි පෙළ නැග ගිය හැටි තාමත් මතක ය. ඒ මා ඔහු දුටු අවසාන වතාවයි. එයින් දින කීපයකට පසු මාස්ටර් හෘදයාබාධයකින් මිය ගියේය.
විවිධ තබ්ලා වාදකයන් මෙල්බන් වේදිකා මත තබ්ලාව වයන විට මා ඔවුන් තුළින් දකින්නේ සෙල්ලදොරේ මාස්ටර් ය. මම සියල්ල අමතක කර ඔවුන් දෙස ඔවුන්ගේ අතැඟිලිදෙස බලා සිටින්නෙමි.
ජීවිතයේ ඉටු නොවූ තබ්ලා වාදකයකු වීමේ බලාපොරොත්තුව පිලිබඳව කණගාටුවක් වරින් වර සිත තුළ හොල්මන් කරයි.
”ඒ පුංචි කාලෙ තබ්ලා වාදනය ඉගෙනගත්තා නම් හොඳම වරලත් ඉංජිනේරු තබ්ලා වාදකයා වෙන්න උඹට ඉඩ තිබුණ නේද?” යි වරක් මගේ යහලූවෙක් ඇසූවේ විහිලූවටම නොවේ.
කෙසේ වුවද අනාගතයේ මතු දිනෙක තබ්ලා කුට්ටමක් මිලට ගත යුතු යයි දැනුත් සිත කියයි. මගේ ප‍්‍රමුඛතා ලැයිස්තුවේ ඒ තැනට ළඟාවීමම ඉතා අසීරු කරුණකි. පසුගිය වතාවක ලංකාවට ගිය විටෙක මරදානේ එල්ෆින්ස්ටන් ශාලාවට මායිම්ව පවත්වාගෙන යනි සංගීත භාණ්ඩ කඩයකින් ඩොල්කියක් අරගෙන ආවේ ඒ අඩුව මදක් හෝ පුරවා ගන්නටය.
සෙල්ලදොරේ මාස්ටර් හා බැඳුණ ඒ අතීත සිදුවීමට අදාල පැනයක් එදා සිට අද දක්වාම මගේ සිතේ ඇත. මා තබ්ලාව වයන්නට ඉගෙනගන්නට ආසාවෙන් සිටි බව අපේ තාත්තාට දැනුණේ කෙසේ ද යන පැනය මා තවමත් තාත්තාගෙන් අසා නැත.
තබ්ලා කෙසේ වෙතත්, හොරණෑ පිඹින්න (ට්‍රම්පට් ගහන්න) පුරුදු වීම නම් වාසි සහගතයි!
ReplyDeleteඊටත් වඩා ලේසියි ඔන්න ඔහේ අනුං ගහන පදයකටම නටන එක!!!
අනුං ගහන පදත් වෙලාවකට නරකම නැහැ...
Deleteහොරණෑ පිඹීමේ කලාව නම් රසිකගෙන්ම තමයි ඉගෙන ගන්නෙ...
Deleteඅපි හිතන දේවල් දැනෙන හින්දම තමයි එයාට තාත්ත කියන්නෙ අපි .
ReplyDeleteසහතික ඇත්ත.. ඒක ඒබව එයා කීප වතාවක්ම ඔප්පු කරලා පෙන්නලා තියෙනවා..
Deleteඅපරාදේ එදා එයාව නවත්තගන ටිකක් ඉගනගන්ඩ තිබුනේ
ReplyDeleteඅම්මප මෙහෙම දෙයක් වෙයි කියල දැනං හිටිය නං ඒකවත් කරන්න තිබ්බ නොවෙන්නං..
Deleteසම්පුුරුණ ජීවිතයක් කට පිට හැරුනා එක මොහොතකින් නේද??
ReplyDeleteඇයි තබ්ලාවක් ගන්න එක අසීරුයි කියන්නේ?? මට තේරෙන්නෑ.
හොඳ තබ්ලා කුට්ටමක් මිලට ගන්න ඔ්නෙ.. ඒත් මගේ ප‍්‍රමුඛතා ලැයිස්තුවේ ඒ තැනට එන්න පෙර තව කරන්න මහා ගොඩක් දේ තියෙනවා දෙයියනේ..
Deleteදරුවන්ගෙ හිත් කියවන්න පුළුවන් නිසා තමයි එයාට තාත්ත කියන්නෙ.තබ්ලා ගහන එක මමත් ආසම කරන දෙයක් හැබැයි ගහන්න බෑ.කෝකටත් කියල තබ්ලාවකුත් අරගත්තා.
ReplyDeleteඅපේ කාලෙ තාත්තලා අද තාත්තලා වගේ දරු ස්නේහය ප‍්‍රදර්ශනය කරන්න ගියේ නැහැ.. ඒත් එක්තරා වෙලාවක අපට දැනෙන්න ගන්නවා දෙයියනේ මේ මනුස්සයා අප ගැන කොයි තරම් කල්පනාවෙන් ඉඳලා තියෙනවද කියලා.. ඒක දැනෙනකොට ඇතිවන හැඟීීම අර ලාබෙට පේන ස්නේහයට වඩා හරිම දැඩියි...
Deleteආන්න ඒක ජගත්ට දුන්න නං.. හැක්.. උඹට වැඩක් තියෙන එකක් යැ..
Deleteතාත්තලා එහෙම තමයි.
ReplyDeleteපොඩි කාලේනම් "තබ්ලාව" මටනම් එච්චර ප්‍රිය උපදවන වාදන භාණ්ඩයක් නොවේ.එත් පස්සේ කාලෙක එකෙන් පිට වෙන තාල වලට මමත් සැහෙන්න ප්‍රිය කරන්න පටන් ගත්තා.