ඒ කාලයේ මා සිටියේ උසස්පෙළ පන්තියේය. ආනන්ද ශාස්ත්‍රාලය පිරිමි විද්‍යාලයයක් වුවත් උසස්පෙළ විද්‍යා පන්ති වල ශිෂ්‍යාවන් කීපදෙනෙකු සිටිය බවද මම ලිව්වෙමි. පසු කලෙක මගේ බිරිය වන්නට නියමිතව සිටි තරුණිය උසස්පෙළ කරන්නට අපේ පාසලට ඇතුල් වීම දෛවයේ සරදමක් ලෙස අදත් මට සිතෙයි. දිග කතාවක් කෙටියෙන් කියන්නේ නම් අපි පෙමින් බැඳුනෙමු.
අපේ පන්තිය බාරව සිටි ගුණතිලක මහත්මිය අපට මවක මෙන් වූවාය. අපේ සතුටට සිනාසුණා මෙන්ම අප කරදරයකට පත් වූවිට කඳුළක් සළන්නටත් ඇය සූදානම්ව සිටියාය. අපිද ඇයට මහත් සේ ආදරය කළෙමු. අපට එක්තරා විෂයයක් උගන්වන්නට ආ රූමත් ගුරුවරියක සිටියා ය. පන්තියේ කැපි පෙනෙන ළමයකු වූ මට ඇය බොහෝ ලෙන්ගතු වූවා ය. කරුණාවන්ත වූවාය. මේ නිසා අපේ කොල්ලෝ ඇයත් මාත් සම්බන්ධ කර විහිළු තහලූ කියන්නට පුරුදුව සිටියහ. ඉස්කෝල වල කොල්ලන්ගේ හැටි එහෙමය. කතාව ඉදිරියට ගෙනයන්නට අවශ්‍ය නිසා ඇය ”මිස් සුනීතා” යි හඳුන්වමි.

මගේ ආදරය දිනාගත් තරුණිය සිටියේ අපට වඩා පන්තියක් පහළින් ය. අපේ සඟරාව මුද්‍රණය කර පාසලට ගෙන ආ පසු එයින් පිටපතක් ඇයට දෙන්නට මට අවශ්‍ය විය. ඒ වගකීම ස්වෙච්ඡුාවෙන් බාරගත්තේ අපේ කල්ලියේ ජයන්ත ය. (ඔහු අද ජීවතුන් අතර නැත . යම්කිසි රෝගයකට ගොදුරුව මියගියේ පාසලෙන් ඉවත්ව වසර දහයකට පමණ පසුවය)
”කිසි දේකට බයවෙන්න එපා.. මං කෙල්ල අතටම සඟරාව දෙන්නං” ඔහු කීවේය. පාසල පුරා සඟරා බෙදා හැරියේ ඔවුන් ය. පන්තිවලට ගෙන යන සඟරා මිටි අතර මගේ සුවිශේෂ සඟරාව වෙනම තබාගෙන යන්නට ඔහු පරිස්සම් වූයේ යයි මම සිතුවෙමි.
පන්ති ගානේ ගොස් සඟරා බෙදා හැරීමෙන් පසු අපේ කල්ලිය නැවත පන්තියට ආවේ පාසල ඇරෙන්නට ඔන්න මෙන්න කියා තිබියදීය.
”වැඬේ හරිද?” මම ඇසුවෙමි.
”හරියටම හරි” ජයන්ත කීවේය.
පාසල ඇරුණ පසු මගේ පෙම්වතිය හමුවුණ නමුත් ඇය සඟරාව තුළ වූ සටහන ගැන කිසිවක් නොකීම මගේ සිතේ ඇති කළේ කුතුහලයකි. එහෙත් ඇය පසුව ඒ ගැන කතා කරනු ඇතැයි මම සිතුවෙමි.
පසුවදා පන්තියේ නම් රෙජිස්ටරය ලකුණු කළ අපේ පන්ති බාර ගුරුතුමිය පන්තියෙන් පිටව යන්නට පැමිණ මා අසළ නැවතුණා ය.
”ජගත්.. අවවාදයක් දෙන්නම්.. කාට හරි මොකක් හරි දෙන්න ඕනෙ වුනාම ඒක තමන්ම කරනවා විනා වෙන එක එක අය ලවා කරවාගන්න එපා..” ඇය කීවේ ආයාසයෙන් වළක්වාගත් සිනාවකින් යුක්තවය. මම විමතියෙන් බලා සිටියෙමි. ”.. අර ඔයාගෙ සඟරාව ජයන්ත ගිහිල්ල දීල තියෙන්නෙ සුනීතා ටීච අතට” ඇය වෙනත් යමක් නොකියාම පන්තියෙන් පිටවූයේ සිනාසෙමින් ය.
පසු සටහන්
තමන් අතින් කිසිදු වරදක් නොවූ බව ජයන්ත සහතික කොට කීවේය.
පසුවදා පන්තියට ආ සුනිතා මිස් මා දෙස නොබලා මැඬගත් සිනාවකින් යුක්තව කලූලෑල්ල දෙසම බලාගෙන පාඩම කියාදුන් හැටි මට තවම මතකය.
මගේ පෙම්වතිය අර සඟරාව තුළ දමා මා දෙන්නට හැදූ තුණ්ඩු කැබැල්ලේ ලියා තිබූ දෙය කිසිදා දැනගත්තේ නැත .
අපේ පන්තියේ සිටි කොල්ලෙකු එක් ටීචර් කෙනෙකුට පිස්සු වැටුණා.
ReplyDeleteඇයි ජගත් කෙල්ල එක්ක මැසෙන්ජර් එකෙන් චැට් කෙරුව්රෙ නැත්තේ? එස් එම් එස් එකකින් ලව් එක ප්‍රකාශ කරන්න තිබුණා නේ.
ReplyDeleteඋත්තරය දන්නවනෙ.. ඒ කාලෙ ලියුමක් යවන්නත් කොයි තරම් මහන්සියක් ගන්න වුනාද?
Deleteඅපට දැනේන අපගේ උවමනව තවත් කෙනෙකුට ඒ ආකාරයේන්ම කිසිදාක දැනේනේ නැත...!!!
ReplyDelete:)
Deleteයාළුවෝ ඔහොම්මමයි..
ReplyDelete:)
Deleteමමනම් මෙච්චර කාලෙකට කරලා තියන ලොකුම වරද, අම්මට යවන්ඩ ලියපු ලියුම වෙන්ඩ නෝනටයි වෙන්ඩ නෝනට ලියපු ලියුම අම්මටයි යවපු එක. ජංගම දුරකථන තියා සාමාන්‍ය දුරකථනත් හිග ඒ කාලේ, වෙන්ඩ නෝනා අමාරුවෙන්, මට, එවකට මා සේවය කල හමුදා කඳවුරට දුරකථන ඇමතුමක් දී, බලලා මල්ලෙන් එලියට පැනීම වාර්තා කළා. ලොකු යුද්ධයක් නැතුව සටන ජයගත්තා.
ReplyDeleteඅප්පා... ලියුම් කෑලි නිසා ඒ කාලෙ වෙච්ච අලකලංචි නම් කියලා ඉවර කරන්න බැහැ තමයි.
Deleteසුනිතා මිස්ට ජයන්ත ලියුම හිතාමතා දුන්නේ නැතිනම් පුදුම අහම්බයක් තමයි වෙලා තියෙන්නේ එහෙනම්.
ReplyDeleteඒක නම් පුදුම අහම්බයක් තමයි. මගේ යාලුවා කියන්නෙ මිස් සග’රාවක් සල්ලිවලට ගත්තා කියලා.. මිනිහා කොහොම හරි වැරදි සග’රාව තමයි මිස්ට දීලා තියෙන්නෙ..
Delete