මම සිනමා විචාරකයෙක් නොවෙමි. එහෙත් සිනමාව පිළිබඳ කුඩා කල සිටම ඇති උන්මාදයකින් පෙළෙන්නෙක්මි.
මා පළමු වතාවට බැලූ හින්දි චිත‍්‍රපටය පවුලේ අයත් සමග බොරැුල්ලේ ලිඩෝ හිිදී නැරඹූ ”මධුමතී” නම් වන හින්දි චිත‍්‍රපටයයි. එය හොල්මන් කතාවකි. එයින් පසු හින්දි චිත‍්‍රපට නැරඹුවේ ඉතාම අඩුවෙනි. තරුණ කාලයේ එම්පයර් සිනමා හලේ පැල් බැූඳගෙන දිවූ රාජ්‍ය චිත‍්‍රපට සංස්ථාවෙන් ගෙන්වා පෙන්වූ ගීත් අභිමාන් වැනි කීපයක් පමණක් වරින් වර බැලූ බව මතක ය.
එ‘ කාලයේ මම හින්දි චිත‍්‍රපට විරෝධියෙක් වීමි. එවන් විරෝධයක් ඇති කර ගත්තේ මන්දැයි පැහැදිළි හේතුවක් දැන් කල්පනා කරන විට පවා මට සිතා ගත නොහැකිය. ජනප‍්‍රිය හැම දේටම විරුද්ධ වීම තරුණ කාලයේ ගතියක් යයි මට සිතෙයි. අප ප‍්‍රබුද්ධයන් වීමට පෙරුම් පුරනා නිසා විය හැකි ය.
නැවත හින්දි චිත‍්‍රපට බලන්නට පෙළඹුනේ ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වන්නට ආසන්නයේ ”සාජන්” චිත‍්‍රපටය නැරඹීමෙන් පසුවය. සන්ජේ දත් සහ මධුරි ඩික්සිත් ගේ රංගනය මගේ සිත ඇද ගන්නට සමත් විය. මට ඒ ආදරය විඳගන්නට හැකිය. ඔබ එයට කියන්නේ බොළඳ කම කියා නම් ඒ බොළඳ කමට මම කැමැත්තෙමි. සමස්ථ සමාජය සම්භාව්‍ය කිරීමේ සිහිනයක් මට ද විය. දැන් මම ඒ සිහිනයෙන් මිදෙමින් සිටිනෙමි. (සමාජවාදී සමාජයක් බිහිකර ගැනීම වෙනුවෙන් තිබූ සිහිනය සේම)
(සාජන් චිත‍්‍රපටයේ ගීයක් නරඹන්නට කැමති නම් මෙතැනට යන්න..)
ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වීමෙන් පසු පහසුවෙන් හින්දි චිත‍්‍රපට ලැබෙන්නට පටන් ගැනීමත් සමගම ඒ බොහෝ ඒවා බලන්නට මට හැකි විය.
අපේ සිනමාව දවසින් දවස කඩා වැටෙන්නේත් හින්දි සිනමාව දවසින් දවස ඉදිරියටම යන්නෙත් ඇයිදැයි යන්න මේ සෑම විටකම මගේ සිතේ හොල්මන් කළ ප‍්‍රශ්නයක් විය.
හින්දි සිනමාව මේ හැටි ඉදිරියට යන්නට බොහෝ කාරණා බල පෑවද ඒ කාරණා වලින් ඉදිරියෙන්ෙ තිබෙන්නේ ඒවායේ තිර නාටක වල ප‍්‍රභල බව ය යන්න මගේ අදහසය.
ආමීර් ඛාන් ගේ Dangal අපට පෙන්වා දෙන්නේ ද ඒ කාරණයමය.
පසුගිය සතියේ ප්‍රෙස්ටන් හි විලේජ් සිනමා හලේ Dangal නැරඹුවෙමි. චිත‍්‍රපටය අවසන් වන විට ඉන්දියන් කාරයන් සිටියේ සිටගෙන ය. සිටගත්තා නොව ඔවුන් නිරායාසයෙන් දෙපයින් සිටුවන්නට සිනමාකරුවා සමත් වී තිබුණි. ඉන්දියන්කාරයකු නොවන මාද මගේ ඇසින් වට කඳුළු සඟවාගෙන සිටියේ මහත් ආයාසයෙනි. මට ඒ සංවේදනය ඒ තරමින් දැනේ නම් ඉන්දියන්කාරයන්ට කෙසේ දැනෙනවා ඇද්ද?
මේ හින්දි සිනමාකාරයාගේ දක්ෂතාවයි. උන්ට බනිමින් ඉන්නේ නැතිව උන්ගෙන් යමක් ඉගෙන ගත්තොත් නරකද?
හින්දි සිනමාවේ දී සිදුවීම් අතිශයෝක්තියට නැංවෙයි. එහි ඇති වරද කුමක්ද? ආසියානුවන් වන අපේ කතා රටාවම අතිශයෝක්තියෙන් පිරී නැත්ද? ජාතක කතා වල සිට ජන කතා දක්වා ත් ඉතිහාස කතා හරහාත් අපි කුඩා අවදියේ සිට වැඩිහිටියා දක්වාම අතිශයෝක්තිය රස කර විඳ නැත්ද? සිනමාවේදී පමණක් යථාර්ථවාදී බව බලාපොරොත්තු වන්නේ කුමකටද?
ආමීර් ඛාන්ගේ Dangal සිනමා පටයේ ආදර කතාවක් නැත. සමනල නලූ නිළියන්ද නැත. ඉන්නේ සාමාන්‍ය මිනිසුන්ය. ගැහැනුන් ය.
තමාගේ පුතා මල්ලවපොර ශූරයකු කරන්නට සිහින දකින තාත්තා කෙනකුගේ ඇත්ත කතාවක් පාදක කර ගනිමින් තිර නාටකය ගොඩනගා ඇති ආකාරය අපූරුය. පුුතෙකු වෙනුවට දියණියන් දෙදෙනකු ලබන තාත්තා අවසානයේදී දියණියන් දෙදෙනා මල්ලවපොර සඳහා යොමු කිරීම දක්වා යන ගමනේ නාටකීය සිදුවීම් ගොඩනගා ඇති ආකාරයත් දෙබස් රචනා කර ඇති ආකාරයත් නියම කතාකාරයන්ගේ හපන්කම් ය. කඩිමුඩියේ එහෙන් මෙහෙන් ගැට ගසා ගන්නා කතා වලින් සිනමා නිර්මාණ කර අතින් පාඩු කරගන්නා සිංහල සිනමාවේ කතා රචකයන් මේවා ගැන කල්පනා කළ යුතුය.
සම්භාව්‍ය සිනමාවකින් පමණක් සිනමාව කර්මාන්තයක් ලෙස රැකෙන්නේ නැත. සිනමාව කර්මාන්තයක් ලෙස රැකගන්නට නම් මිනිසුන්ගේ හදවත් දිනාගන්නා මිනිසුන් වැළඳගන්නා නිර්මාණ ද බිහි විය යුතුය. ඒ අතින් හින්දි සිනමාව දෙස බැලීමේ වරදක් මට නොපෙනේ.
ආමීර් ඛාන් අපට පෙන්වා දෙන්නේ ඒ සත්‍යයයි. Dangal හින්දි සිනමාවේ ආදායම් වාර්තා බිඳීම පිළිබඳ මම පුදුම නොවන්නෙමි. පුදුමවන්නේ එසේ නොවුණා නම් පමණකි.
"ආමීර් ඛාන්" කියන්නේ "ඛාන්" තුන්කට්ටුවේ මම කැමතිම නළුවා.
ReplyDelete//අපේ සිනමාව දවසින් දවස කඩා වැටෙන්නේත් හින්දි සිනමාව දවසින් දවස ඉදිරියටම යන්නෙත් ඇයිදැයි යන්න මේ සෑම විටකම මගේ සිතේ හොල්මන් කළ ප‍්‍රශ්නයක් විය.//
පසුගිය 21 වෙනි සෙනසුරාදාට සිංහල සිනමාවට අවුරුදු 70 කියලා කිව්වා.එදින උදේ රුපවාහිනී වැඩසටහනකට ආපු සරසවිය කතෘ කිව්වා ඉන්දීය සිනමාවේ තරු හිටියට අපිට එහෙම තරු නැති එක ප්‍රශ්නයක් කියලා.එතැනදී ඔහු අදහස් කෙරුවේ සිනමා නළු,නිළියන් සාමාන්‍ය ජනයා සමග මුහු නොවී සිටීමයි.ඒ සිනමා ශිල්පින් දැක ගන්න පුළුවන් සිනමාවෙන්,රුපවහිනියෙන් විතරයි.අපේ සිනමා ශිල්පින් නම් ඔය පොළේ,සුපර් මාකට් එකේ,මස් කඩේ ,කරවල කඩේ,බාර් එකේ හැම තැනම ඉන්නවානේ.
මමත් මේ ෆිල්ම් එක බැලුවා. ඉන්දියානු සිනමාව ගව් ගානක් ඉදිරියෙන් ඉන්නේ. අමීර් ඛාන්, මහවීර් සිංගේ චරිතය පුදුම රහට කරනවා. ඔහුගේ ඇවිදීමේ ඉරියව් පවා වෙනස්කරගෙන. අපි ගොඩක් ඉගෙනගන්න ඕන. ඒත් අපි කරන්නේ කසිකබල් ඉන්ඩියන් ටෙලිවලින් ඔලුව මඤ්ඤං කරගන්න එක.
ReplyDelete//
ReplyDeleteආමීර් ඛාන්ගේ Dangal සිනමා පටයේ ආදර කතාවක් නැත. සමනල නලූ නිළියන්ද නැත. ඉන්නේ සාමාන්‍ය මිනිසුන්ය. ගැහැනුන් ය. //
අමීර් ඛාන් වෙනස් තේමාවන් ඔස්සෙ හොඳ ෆිල්ම් කරනවා මේ චිත්‍රපටයත් එහෙමයි.
සාමාන්‍යෙයන් මම හින්දි චිත්‍රපටි බලන්නේ අඩුවෙන්. ඒත් ආමීර්ගේ ෆිල්ම් එකක් නං අනිවාර්යයෙන්ම බලනවා.. එකිනෙකට වෙනස් තේමාවන් හා රංගනයන් කරන ඔහුගේ ඉරියව් වලට මම සෑහෙන්න කැමතියි.. විශිෂ්ඨ කැපවීමක් ඇති නළුවෙක්.. ඒ වගේම ඉතා සංවේදියි
ReplyDelete